පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.
මන්ත්‍රීවරයාගේ හඩ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත් නියෝග කළේය.
ඊයේ සවස (14) ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගියේය.
රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නිකුත් කළ වරෙන්තුවකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.
අද ( 15) උදෑසන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රන්ජන් රාමනායක මහතා 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි.



(ඡායාරූප -ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්ට සාධාරණයක් විය යුතුය. මොහුගේ පුද්ගලික ටේප්ස් ප්‍රසිද්ධ කිරීම වැරැදියි. හියුමන් රයිට්වලට අයිති දෙයක්... පව්... හිත හොඳ තනිකඩයෙක්.. සැබෑවටම මිනිසුන්ට ආදරය කළ කෙනෙක්...
පුද්ගලික ටෙලිෆෝන් සංවාදවලදී කවුරු කවුරුත් කරන්නේ අනුන්ගේ රෙදි අපුල්ලන එකයි. ඒ දේවල්වලට හිරේ යවනවා නම් ලංකාවේ ගෑනු ඔක්කොම හිරේ දාන්න ඕනේ. මොකද ලංකාවේ ගෑනු තරම් ටෙලිෆෝන් වලින් රෙදි අපුල්ලන ජාතියක් තවත් නැති නිසා...
අාගමක් දහමක් නැති විකෘති අශාවන් දියවන්නාවට ගිය නුසුදුස්සන් 60%න් එකෙක් නම් ඉවරයි. අනිත් අය පක්ෂ භේදයෙන් තොරව ඉවත් කර දැමීම අපගේ පරම යුතුකමයි. ඉතිරිවෙලා ඉන්න සෘජු කෙලින් වැඩ කරන විනිසුරුවරුන්ට කෙළින් වැඩ කරන්න නම් රටක්, සමාජයක් විකෘති කළ මෙම මානසික අසහනකාරයාව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් කරන්න කොන්දක් අැති විනිසුරුවරයෙක් සිටිත්වායි පතමි...
බලමුකෝ යූඑන්පී අය විසිට් කරන්න එන්නේ කව්ද කියලා..
ශතකයක් ගහලා වගේ අත් දෙකම උස්සගෙන යනවා.
රන්ජන් ඇතුළට ගියත් එතුමාගේ හඩපට වැඩ.
මේපාර අල්ලන්න ආපු කාටවත් හාදු දුන්නේ නැද්ද ? රටේ ඇත්තම ප්‍රශ්න සේරම දැන් මේ නාඩගම නිසා කාට කාටත් අමතකයිනේ.
ඔබ මෝඩයෙකු සේ සලකා මම කමෙන්ට් ලිව්වා. තවමත් මම හිතන්නේ එහෙමයි. නමුත් ඕස්ට්‍රේලියාවේ සිට ආ රූමතියට පැය දෙකෙන් ඇප ලැබෙද්දී, සරණ උසාවියට යන්නත් කලින් ඇප ලැබෙද්දී, රාජිතලාට, චම්පිකලාට එක දවසෙන් ඇප ලැබෙද්දී ඔබට මොකද මේ වෙන්නේ...? ඔබ කියපු වර්ගයේ කට්ටියගේ නීතියයි මේ... දැන් මම ඔබට පක්ෂයි. මගේ ඡන්දයත් ඔබටයි.
දිට්ඨධම්මවේදනීය කියන්නේ ඕවට... මේක බුඩිස්ට් රටක්...
මේක මහ අනතුරක පෙරනිමිත්තක්... ඔය වගේ දේවල්වලට හිරේ දානවා නම් කෝ හොරු? අපරාධ කාරයින් එළියේ ඉන්නේ කොහොමද? බලවත් තක්කඩි හොඳටම බයවෙලා වගේ... හඬපටවලට කොහොම නමුත් අප ඔබ සමගයි.
ඕක ඉතින් හොඳ දෙයක්නේ. මොකද ලංකාවේ දේශපාලනය කරන්ට රිමාන්ඩ් යනඑක ලොකු සුදුසු කමක්නේ...
අනේ මන්දා මේ මනුස්සයා අනුන්ගෙත් රෙදි ගළවලා තමනුත් ගළවා ගත්තා. මොහු සමඟ වැරදි වැඩවලට යොමු වුණු සියලු නිළධාරින්ට නීතිය ක්‍ක්‍රියාත්මක වෙයි කියලා හිතෙනවා.
අනුන්ගේ ඇමතුම් අනවසරයෙන් පටිගත කිරීම සදාචාරාත්මක නැහැ. ඒ වගේම ආගමකට අපහාස කිරීම පහත් වැඩක්... මේ සියල්ල කළේ කළේ මොලේ නැතිකමට. නූගතුන් පාර්ලිමේන්තුවට යාම මූලික ගැටළුවක්.. මේක එජාපය විතරක් නොවේ. පොහොට්ටුව, එජනිස එකත් කරන දෙයක්. කප්පම්කාරයින්, චණ්ඩින්, කසිප්පුකාරයන්, කුඩුකාරයින් පාර්ලිමේන්තුවේ. රන්ජන් බලන්න එජාපය යන එක ගැන කමෙන්ට් ටිකක් තිබ්බා. ප්රරශ්නයක් නැහැ. කෙසේනමුත් මේ හඬපටිවලින් හෙළිවෙන්නේ මේ රටේ නීතිය ඉටුකරන තාක් පොලිසිවල ඇති ඛේදනීය තත්වයයි.
රටම කාපු දූෂිත දේශපාලුවෝ, මිනීමරුවෝ නිදහසේ, එළියේ ඉන්නවා.. එළව එළවා පලිගන්න වැඩක් වගේ අපිට නම් පේන්නේ...
මේ අයට කඩේ යන බත් බැලයිනුත් ඉන්නවා. මේ වගේ දුෂ්ඨයින්ට නම් දඬුවම් දිය යුතුයි.
නඩුකාරයින්ට ටෝක් දාපු දේවල් මෙදාපාර හරි ගිහින් නෑ වගේ...
මා එජාප කාරයෙක් නොවුණත් රන්ජන් කාලේ ජනතා මෙහෙවරක් ඔය තක්කඩින්ගේ නිරුවත එළියට දාපු එක...
කරලා තියන දේ නම් සදාචාරාත්මක නැහැ. අපිත් ඕනේනම් යාළුවොත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවනේ. ඒ විශ්වාසයට. නැතිනම් මිනිස්සු ඔහොම දේවල් ෆෝන්වලින් කතාකරන එකක් නැතිවෙයි. දුරකථන සමාගම්වලට තමයි පාඩුව...
මොනදේ වුණත් කල කල දේ පලදෙනවා. ඔය අතරම මහා බැංකු හොරුන්ගේ හඬපටත් ඇතිනේ... එ්කද දන්නේ නැහැ. මෙයාව ඇතුළට දාන්න හදිස්සි වුනේ... අපි බලාගෙන ඉමුකෝ...
එහෙම නම් සරත් එන්. සිල්වාට එරෙහිවත් නඩු දමන්න.. මොකද ඔහුත් අධිකරණයට ඔහු විසින්ම බලපෑම් කරගත් බව ඔහු පිළිගෙන තිබෙනවා.. අපි බලාගෙන ඉන්නේ..
රොබින් හුඩ් ලංකාවේ හිටියා නම් ශෙරීෆ් නොවේ.. රොබින් හූඩ් මරන්නේ, දුප්පත් මෝඩ මිනිස්සු...
මොනවා කළත් පුද්ගලික දුරකථන සංවාද පටිගත කිරීම මානසික රෝගයකින් පෙලෙන පහත් මානසිකත්වයක් ඇති අයගේ වැඩ...
මෙතන ලියන ඔක්කොම ලියන්නේ හරියට දැනගෙන නෙමෙයි. රන්ජන්ව උසාවි ගෙනිච්චේ අධිකරණයට බලපෑම් කළා කියන චෝදනාවට... ඒක බරපතල චෝදනාවක්. ඔහු අධිකරණ තීන්දුවලට බලපෑම් කළා කියන එක හඬපට මගින් එළිවෙනවා.
රන්ජට ඔය නඩුකාරයන්ට නඩු ගැන කතා කරන්න තරම් සවියක් කොහොමද ලැබුනේ ? එයාල මොකද රන්ජට අවනත වුනේ ? රන්ජන්ව ඉදිරියට දමලා තමුන්ගේ දේවල් කරගත්ත ලොක්කෝ නිශ්ශබ්දයි
රන්ජන්ව පෙන්න පෙන්න.. තිරයට මුවා වෙලා සම්පත් ටික විදේශිකයන්ට විකුණන්න නියම චාන්ස් එක. අර එම් සි සි එකත් දැන් සලකා බලමු... ඉස්සර තිත්තයි... පව් නේ !
අධිකරණයට බලපෑම් කළ සියලු දෙනාම අධිකරණයට යැවිය යුතුයි.
අධිකරණයට බලපෑම් කළානම් ඒ බලපෑම් කරන උදවිය වගේම ඒවාට ලක්වෙලා නඩුතින්දු දෙන අයත් දඬුවමට ලක්වෙන්න ඕනෑ. බලපෑම්වලට යටත්නොවී වැඩකරන්න එයාලට රාමුවක් හදලා දීලා තියෙද්දීත් පාර්ලිමේන්තු කනිෂ්ඨ මන්ත්‍රිවරුන්ගේ බස්වලට නඩුතීන්දු වෙනස් කරනවා කියන්නේ එයාලත් වැරදි කාරයින්. මේ වගේ වැරැද්දකට කෝල් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විතරක් අත්අඩංගුවට ගන්න එක වැරදියි...
මේ රටේ සිදුවෙලා තියෙන අපරාධවල හැටියට මෙසේ සිරගත විය යුත්තේ රන්ජන් පමණද? ඔහු කළ අපරාධය කුමක්ද? ඔහුගේ හැසිරීම අසම්ප්‍රදාය වෙන්නට පුළුවනි. එහෙත් ඔහු අපරාධයක්, අසාධාරණය කර ඇතිබව සාමාන්‍ය මහජනතාව වන අපිට නොපෙනේ. දූෂණ, වංචා, අල්ලස්, අපරාධවලට දායක වූ අය නිදැල්ලේ...
පෞද්ගලිකව කතාකරන ලද දේවල් ප්‍රසිද්ධ මාධ්‍යවල යනවා. උදේට පත්තරවල තියෙන දේවල්වලට වඩා දේවල් පත්තර කියවන අය කියනවා. පුංචි ළමයාගේ සිට සීයලා දක්වා ස්මාට් ෆෝන් එකේ. සමහර හාමුදුරුවරු බුදුබණ වලට වඩා වෙනත් බණ කියනවා ප්‍රසිද්ධ මාධ්‍යවල. පාසැල් වල විනයක් නෑ. ටියුෂන් හැමතැනම... ළමයිට ළමා කාලයක් නෑ. පුංචි කාලේ ඉඳලා තරඟේ. තව අවුරුදු 10කින් අපේ රට කොතැන තියෙයිද?. රට කරවන 225 මැදිහත් වෙලා ඉක්මණට නීතිරීති හදලා මේ රට ගොඩ නොදැම්මොත් ශ්‍රී ලංකාව කොතැනින් නවතියිද? දෙවියන්ට නීතිරීති, විනය හදන්න බෑ. 225ටම තමයි මේක කරන්න පුළුවන්නේ. කරුණාකරලා අදාල ප්‍රතිසංස්කරණ කරලා රට ගොඩ දාන්න.. විනයගරුක සමාජයක් හදන්න. අපේ හාමුදුරුවෝත් දේශපාලනයෙන් වෙන්වෙලා සමාජය හදන්න සහාය වෙන්න...
ලැජ්ජා, බය නැති මේ වගේ අමනයින් උතුම් පාර්ලිමේන්තුවට යවන්න තරම් මෝඩයින් තවත් සිටීම ගැන දුකයි.