(ඩයනා උදයංගනී)
පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කළු ගඟ පිටාර තැන්නට ආසන්න පහත් බිම්වලත්, නිල්වලා ගඟේ ධාරා ප්‍රදේශයන්ට ලැබුණු වර්ෂාපතයට හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර, කඹුරුපිටිය, මුලටියන සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පහත්බිම්වලත් ඉදිරි පැය 24ක කාලයේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් ඒ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ඒ හරහා ගමන් කරන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රත්නපුරට හා මාතරට ගංවතුර අවදානමක්