(රෝහණ සමරවීර)
සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ජනාධිපතිවරයාට අවංක වුවමනාවක් තිබෙනවා නම් විවිධ චෝදනා නගමින් අරගලකරුවන් අත් අඩංගුවට ගැනීම වහාම නවතා දැමිය යුතුයැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපියේදී පැවැසූහ.
ජනතාවට සහන සැලසීම සදහා රටට දේශපාලන ස්ථාවරත්වයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. එවැනි පරිසරයක් රට තුළ නිර්මානය වුවහොත් පමණයි ජාත්‍යාන්තරයේ උදව් උපකාර ලැබෙන්නේ.
ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් සදහා සියළු පක්වලට ආරාධානා කරමින් අනෙක් පැත්තෙන් අරගලකරුවන්ට විවිධ චෝදනා එල්ල කරමින් ජනතා මර්දනය කරගෙන යනවා.
මර්දනය කරමින් රටේ ප්‍රශ්න ව්සදීම පසෙකලා සැවොම එකමුතුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගාගෙන රටේ දැවෙන ප්‍රශ්නවලට පළමුව විසැදුම් ලබාදීලා ඉන් පසුව මහා මැතිවරණයක් ජනතාවට ලබාදීමයි කළ යුතු වන්නේ
ජනාධිපතිවරයාට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවංක පියවරක් ගන්නවා නම් වහාම ජනතා මර්ධන ක්‍රියාවලියෙන් ඉවත්විය යුතුයි. එක පැත්තකින් සර්වපාක්ෂික ආණ්ඩුවලට ආරාධනා කරමින් අනෙක් පැත්තෙන් අරගලකරුවන් මර්දනය කිරීම වැරදියි
එසේ සිදු කරනවානම් එය ජනතාව මුලාවට පත් කරමින් සිදුකරන මුසාවක් වගේම වංචනික ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘රට හදන්න අවශ්‍යනම් නම් මර්ධනයෙන් ඉවත් විය යුතුයි‘‘
කිරි පුතා Thursday, 04 August 2022 03:08 PM
බුද්ධ චීවරයට ඇති ගෞරවය නිසා කිසිවක් ලියන්න බෑ. මේ කාදිනල් දෙක කියලා විතරක් ලියමු.
sujeewarThursday, 04 August 2022 05:37 PM
සිංහල බෞද්ධ පදනම් ඉවර කලා කියපු කෙනෙක් බුද්ධ පුත්‍රයෙක් වුනේ කොහොමද, ඒ කාලෙත් කහ ඇඳපු නිඝන්ඨයන් හිටියා.
dem Thursday, 04 August 2022 03:13 PM
අනේ පින් සිද්දවෙයි හාමුදුරුවෝ ඔබවහන්සේ ටිකක් කටවහන් ඉන්නවැයි. එන් ජී ඔ කාරයෝ එක්ක අරගලේට ආවඩල තමන්ගේ දායක සභාපති ජනාධිපති කරන්න ට්‍රයි අරන්නේ.එදා සෝම හාමුදුරුවෝ විකුනලා පාර්ලිමේන්ති වැඩිය
චන්දන Thursday, 04 August 2022 05:47 PM
මේ උන්වහන්සේ අත්අඩංගුවට ගන්නෙ නැත්ද