IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රටේ නීති පද්ධතිය නවීකරණය කරනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩි කර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වසරේ දී මෙන්ම ලබන වසරේදී සියලුම නීති පද්ධති නවීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

'අධිකරණ ඇමතිතුමා වැදගත් කාරණා දහයක් ඉදිරිපත් කර තිබෙනවා.අපේ නීති නවීකරණය කළ යුතුව තිබෙනවා. ඒ වැඩකටයුතු එතුමාට බාරදී තිබෙනවා. එයින් කොටසක් අද ඉදිරිපත් කර තිබෙනවා. අප බලාපොරොත්තු වන්නේ මේ වසරේදීත්, එන වසරේදීත් සියල්ලම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි .ඕන නම් වැඩිපුර දවස් හෝ පාර්ලිමේන්තුව රැස්වී සම්මත කර ගනිමු. නීති නවීකරණය කිරීම වැදගත් දෙයක්.



අදහස් (8)

රටේ නීති පද්ධතිය නවීකරණය කරනවා

Bamunuarachchi Thursday, 10 November 2022 01:10 PM

මෙයා එක එක දවසට එක එක බොරු කියලා රටේ ජනතාව අන්දනවා.මු වගේ කපටි නරියෙක් මේ ලෝකෙ තවත් නැතුව ඇති.

:       8       10

sharm warnThursday, 10 November 2022 01:33 PM

යමක් කමක් අවබොද වී ඇති බව දැකිමත් සතුටක්..

:       0       3

යෝගා Thursday, 10 November 2022 01:34 PM

ඒ වගේම නඩු තීන්දු ප්‍රමාදය ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේකෙන් අසරණයෝ දුක් විඳිනවා නීතිඥයන්ගේ හොද්ද බොර වෙනවා

:       1       5

sharm warn Thursday, 10 November 2022 01:40 PM

නීති පද්දතිය නවීකරනය කරනව කියල, තව තවත් මර්ධන නීති ගෙනෙන්නද හදන්නෙ? ගෙනල්ල බලමුකො. . මර්ධනය වෙන්නෙ කාවද කියල අපිටත් බලා ගන්න..

:       0       4

Hafeel Thursday, 10 November 2022 02:02 PM

දැනට තියන නීතිය ඕනේ තරම් ප්‍රමාණවත් නීතිය ක්‍රයාත්මක කරනවා නම්. මෙයාගේ ඇමති මන්ධලයතුල ඉන්නවා අධිකරණයෙන් තීන්දු කරපු කප්පම් කරුවක් සහ තවත් නඩු ගණනාවක් විභාග වැමින් පවතින දුෂිතයන්. එහම තියද්දේ අළුත් නීති මොනවටද? මේවා ජනතාව මුලා කරන සංදර්ශන.

:       1       7

Perera Thursday, 10 November 2022 02:14 PM

දේශපාලනික නඩුවල චෝදිතයින් අනිවාර්යෙන් නිදොස් කොට නිදහස් කල යුතුයි වගෙ නවීකරන නීති වෙන්න ඇති.

:       1       5

විපරමා Thursday, 10 November 2022 03:19 PM

පින් ජනපතියත් කරන්නේ දූෂිත පවුල් පාලනේ බලලෝබියෝ වගේ ජනතාව ගොනාට අන්දවන එක.ආසියාවේ ආශ්චර්යය සවුබාග්‍යයේ දැක්ම දැනුමේ කේන්ද්‍රස්ථානය තාරුණ්‍යයට හෙටක් කියලා රටම ඇන්දුවා.අන්තිමට ජනතාව මහපාරට ඇදලා දැම්මා .

:       2       8

දිමුත් Thursday, 10 November 2022 06:03 PM

මොන විහිළු කතාද අප්පා...? මේ රටේ ඇති තරම් නීති තියෙනවා. කෝ ඒවා ක්‍රියාත්මක වීම? නීති හද හද විතරක් හිටියට වැඩක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site