(ගයාන් සූරියආරච්චි)
යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ අද (19) පැවැති 16 වැනි රණවිරු සැමරුම් උළෙලේදී ඔහු ඒ බව පැවැසීය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.
විටින් විට බලය ලබා ගැනීම සඳහාත්, බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, බලය පාවිච්චිකර සිදුකළ අපරාධ වසා ගැනීම සඳහාත් යුද්ධය උපයෝගී කරගෙන තියෙනවා. එසේ නොවීමට ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට වැඩි කාලයක් සිරගත වී සිටිය යුතු නැහැ. ඔහු සිරගත කිරීමට හේතුව බලයයි. නීතිය හෝ යුද්ධය ඊට හේතු සාධකයක් නොවේ.
අප මහ පොළොව තෙත් වෙන තරම් ලේ හැලූ ජාතියක්. ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේ හැලූ ජාතියක්. මවුපියන්, ඥාතීන් ගංගා පිරෙන තරම් කඳුළු හලපු ජාතියක්. අපි යුද්ධයේ බිහිසුණු විනාශයන්ගේ අත්දැකීම් ලැබූ මිනිසුන් වන අතර එවැනි අත්දැකීම් යළි මෙරටට ඇතිවීම වැළැක්විය යුතුයි.
යුද්ධය කියන්නේ ඛේදවාචකයක්, විනාශයක් බව අප සැවොම තේරුම් අරගෙන තිබුණත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ සමහර අය යුද්ධය ආශ්වාදයක් ලෙස සිතනවා. බයිනෙත්තුව අත තිබෙන සෑම සොල්දාදුවෙකුගේම, හැම නිලධාරියෙකුගේම අපේක්ෂාව තමන් අත ඇති ගිනි අවිය කොයි මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවා යන ප්‍රාර්ථනාවයි.
එය පොදු සමාජයේ ප්‍රාර්ථනාව ද විය යුතුයි. එහෙත් රණවිරුවන් අත තිබෙන ගිනි අවිය කොයිම හෝ මොහොතක හෝ පත්තු කළ යුතු බවට ඉතාමත් කුඩා කණ්ඩායම් නිරන්තරයෙන් කල්පනා කරමින් සිටිනවා.
අපේ ස්ථාවරය වන්නේ ඔබ අත ඇති ගිනි අවිය තවත් පුද්ගලයෙකුගේ පපුවට තබා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය කිරීමිය. කාගේවත් ගෝරනාඩුවලට කිසිවෙකුත් යටත් නොවිය යුතු අතර අපි යටත් විය යුත්තේ සත්‍යයට, මානව වාදයට සහ මිනිසත්කමටයි.



















(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 16 රණවිරු සැමරුම්වලට පිටුපා නොපැමිණි අයටත් අද එන්න වුණා.
ඒ වුණාට ඉතින්, අර "පිල්ලෙයාන්" කියන රණවිරුවාට, නිසි ගෞරවය ලබා නොදීම සම්බන්ධයෙන් නම්, අපේ රටේ යක්ඛ පුත්තු රැල සෑහෙන කනස්සල්ලෙනුයි ඉන්නේ අනුර මහත්තයෝ... අඩුතරමේ කරුණා අම්මාන්ටවත් ඔය පක්ෂයේ උප සභාපති ධුරයක් පිරි නැමුවොත්, කෝපවෙලා ඉන්න යක්ඛ පුත්තු ටික හීලෑ කරගන්න පුළුවන් වෙයි... මට නම් හිතෙන්නේ, කේ පී මැතිතුමාගේ ආරක්ෂාව වෙනුවෙනුත් ඔයිට වඩා සෙබළු ප්‍රමාණයක් යෙදවිය යුතුයි කියලයි...
තමුන් කළේ දේශද්‍රෝහී කතාවක්...
පව්... බලෙන් නාවලා. දැන් කැනඩාවෙයි, එංගලන්තෙයි ඉන්න අරගොල්ලන්ට මොනවා කියන්නද මන්දා...? ගත්තු ඩොලර් ආපහු දෙන්න වෙයිද?
ඉතාම ඕනෑකමින් අවසානය දක්වාම බැලුවා..යුද්ධය දිනාදිම වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත වූ කැපකිරීම් කරපු සියලුම විරෝදාර රණවිරුවන්ට අපි සදා ණයගැතිය .
හිටපු හමුදාපති තුමා ඇතුලු ත්‍රිවිධ හමුදාවන් වීරෝදාර රණවිරුවන් යුද්ධය දිනාදිම වෙනුවෙන් තම දිවි පරදුවට තබා සටන් කළා.ජීවිත පූජා කෙරුවා.ආබාධිත උනා ඔවුන් කළ කැපකිරීම් වලට අපි සදාණය ගැති.මොලේ උඩ ඉන්න කුහකයන්ට මොනවා කියන්ඩ බැරිද?
හපන්න බැරි අත ......
මෙය ගෞරවයට සුදුසු නොවන බව ඒත්තු ගැන්වීමට සහ මීට පෙර සිදු කළ පිළිගැනීමක් ලබා නොදීම මගින් මෙම රටේ දේශප්‍රේමී ජනතාවගෙන් මෙය මකා දැමීමට උත්සාහ කළේය. අවසානයේ, ඔහු තේරුම් ගත්තේය. සමහර ජනාධිපතිවරු රටේ නිර්භීත වීරයාට ගරු කිරීමට දැඩි හිරු එළියේ හෝ වැස්ස යට පවා සිටිති. අපි අතීතයට සමාව දෙමු, නමුත් එය අමතක නොකරමු.
අහ් එන්නෙ නැතිව ඉන්න නේද හිටියෙ? ඒත් හතර වටෙන් සද්දෙ වැටෙද්දි එන්න උනා නේද? ඒත් ආවෙ හැගිමකින් නොවන බව රටම දැනගත්ත.ඒ නිසාම තව චන්ද ටිකකුත් අලුතින් අඩුකරගත්ත
ඔන්න කතාව.ගියා නෙවේ යන්න උනා.මේ ඉන්නේ රටේ ජනාධිපති මිසක් තවමත් විපක්ෂයේ සිටින අනුර කුමාර නොවන බව මුලින්ම මේ මහත්තයට කියන්න වෙයි.යුද්දේ තවමත් විකුනගෙන කන අනික් අයට පාඩමක් උගන්වන්න එක්ක දෙන්නකො ෆොන්සේකා මහත්තයට එතුමා ඉල්ලන ආරක්ෂක ඇමතිකම.ඔය මාන්නේ තමා විනාශය ගේන්නේ ලගදීම.
89 දි ආන්ඩුවේ රිලා හමුදාව අද රනවිරැවෝ. අසාර්තක යුද්ධ දෙකක් කරපු ,ලේ වැගිරිම් කරපු අය ඒවා නතර කරන්න කථා කිරිම. අපි ඊයේ ඉපදුනේ නැති බව අමතක වීම. සිංහලයන්ගේ රට හම්බයනට ලියනකන් බලා සිටිමට සිදුවීම . නියම සිංහල නායකයා පත්වනතුරු බලා සිටිමු.
කපන්න බැරි නම් ඇත සිඹිමි මම
මහා නිවටයෙක්
මෙතෙන්ට ඇවිල්ලත් කරල තියෙන්නෙ වෛරය වපුරන එක. හරි කොන්දක් තියන නායකයෙක් නම් කියන්න ඕන මොන වැරදි තිබුනත් මහින්ද යුද්ධයට දීපු නායකත්වය ගැන. කොහෙද ඩයස්පෝරා සල්ලි ගිලපු දිව නැමෙයිද? කෝ හරිනි?
කියන දේ නොකරන, නොකරන දේ කියන, කිසිම දෙයකට එක ප්‍රතිපත්තියක් නැති ලෝකය එකම කයිවාරු කරු
පේනවනේ සිංහ සේයාව. බැංකු බැංකු තමයි ලස්සනම!
බද්‍රානිට පිස්සුද? පිල්ලෙයාන් ත්‍රස්තවාදියෙක් නම් මේ ජනාධිපතිත් ත්‍රස්තවාදියෙක් නේ.
මිනිස්සු බල කලේ නැත්නම් එත් එන්නේ නැහැ, සිංහ අවුරුද්දට ආවෙත් නැහැ, වෙසක් එක ලාවට එක දාගත්තා, තේරෙනවා නේ මොකක්ද මේ වෙන්නේ කියල
රණවිරුවන් හදවතින් ශෝකවෙනවා. නිවටයින්ට ආචාර කිරීමට සිදුවීම ගැන. රටක් ජාතියක් ආගමක් සංස්කෘතියක් නැති කෙනෙක් රජ කරලා රටට කරන හානියට සියලුම මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන් වගකිව යුතුයි.
කොටි හිතවාදී මෙරට සහ විදෙස්ගත ප්‍රජාව සතුටු කිරීම අරමුණු කරගෙන රණවිරු සැමරුමෙන් පැන යෑමට සැලසුම් කර පසුව ජනතාව ගෙන් එල්ල වූ පීඩනය නිසා ඊට සහභාගි වූ මේ බියසුලු ජනපති, තම කතාවෙන් ද රටට පෙන්වා දුන්නේ ඔහු කෙතරම් නම් ඉච්ඡාභංගත්වයකින් පෙළෙන්නේ ද යන වගයි. එසේම, මහින්ද රාජපක්ෂගේ ප්‍රතාපවත් ප්‍රතිරූපය ඉදිරියේ එතුමා කෙතරම් නම් දේශපාලන වශයෙන් අඟුටුමිට්ටකු ද යන වග එතුමාටම ප්‍රත්‍යක්ෂ වී ඇති බවයි. පව් ජනපතිතුමනි ඔබතුමා!
ජයවේවා .බයියන්ට කොහෙද මේවා තේරෙන්නේ
පසුගිය සතිය තුළ මාලිමාවේ චන්දය තවත් ලක්ෂ 20ක් පමණ අනිවාර්යයෙන්ම අඩු වුණා. සියයට 3% සිට 68% දක්වා චන්දය වැඩිකරලා දුන්නේ යුද්ධෙන් බිඳ වැටුණු මධ්‍යම පන්තියේ ජනතාවයි. මේ රජයේ සියළු වැඩ කටයුතු සම්පන්දනය වෙන්නේ චන්දය වැඩිකරලා දුන් සියයට 64% ක් ගේ බලාපොරොත්තුව සුන්වෙමින්. තවත් දින කිහිපයකින් 3%කින් තවත් පහළ යාමේ ලකුණු දක්නට ලැබෙනවා. වැඩි විස්තර පුවත්පත් වලින්.
ඇඹිලිපිටියේ සිසුන් 33 දෙනා, වවුල්කැලේ අහිංසකයන් ඝාතනය කළ අයත්, රණවිරුවන්ත් — රට බේරාගත් අය සියලුදෙනාම සිහිකරන්න ඕන.
මේ මනුස්සය බලෙන් ගෙන්නගත්ත එකෙන් වුනේ රණවිරුවන්ට අපහාසයක්.
ගිනි අවිය පත්තු නොකර තමා අත තිබූ ගිනි අවියෙන් විදේශ රාජ්‍ය නායකයෙකුගේ හිසට පහර දීමට හැකි බව ලොවට ම ප්‍රදර්ශනය කළේ 1987 ජූලි මස 30 වන දිනයි. සහශ්‍ර කුමර කුමරියෝ ඒ බව නොදන්නවා විය හැකි නමුත්, වැඩිහිටියන්ට එම සිද්ධිය හොඳට මතකය. මේ රටේ සමාජයක් ලෙස සිදුවී ඇති ලොකුම විනාශය නම්, දෙමව්පියන් තම දරුවන්ට අතීතය පිළිබඳවත්, ඉන් ඉගෙන ගත යුතු පාඩම් පිළිබඳවත් කියා නොදීමයි. අවම වශයෙන් තමන්ගේ පවුලේ මුතුන්මිත්තන් පිළිබඳවවත් කියා නොදෙන විට, නොයෙක් වෙස්වලින් පැමිණෙන විදේශ බලපෑම්වලට තරුණ ප්‍රජාව නතුවීම පුදුමයට කරුණක් නොවේ. කුමන පක්ෂයකින් පත්වුවත්, රටේ නායකයා වූ පසු අවශ්‍ය වන්නේ දේශය පාලනය කරන්නෙක් මිස දේශපාලඥයෙක් නොවේ.
කාලගුණය