IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මහරගම උණුසුම්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

" අනුර මෝදි හොර ගිවිසුම් ඉරා දමනු, අයි.එම්.එෆ් මර උගුලට එරෙහි වෙමු" යන මැයින් ජන අරගල සන්ධානය අත්පත්‍රිකා බෙදා දීමක් සඳහා මහරගම නගරයේ ඉදිකළ  අට්ටාලයක් කඩා ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමග අද දහවල් දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇතිවි උණුසුම් තත්ත්වයක් හට ගැනීනි.

රජය කරගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව අත්පත්‍රිකා බෙදා දී බැනරයකට අත්සන් තැබීමේ විරෝධතා වැඩසටහනක් මහරගම නගර මධ්‍යයේදී ජන අරගල සංධානයේ නියෝජිතයන් පිරිසක් අද සංවිධානය කර තිබූණි.

මෙම විරෝධතා වැඩසටහන අද දිනය පුරා පැවැත්වීම සඳහා හයිලේවල් මාර්ගයේ පදික වේදිකාව මත අට්ටාලයක් ඉදිකොට ඒ මත බැනරය තබා ජනතාවකින් අත්සන් ගැනීමට ද සූදානම් කොට තිබුණි.

එම අවස්ථාවේදී එක්වරම මහරගම පොලිසියේ නිලධාරීන් දහ දෙනකුගෙන් පමණ කණ්ඩායමක් විරෝධතාව පැවති ස්ථානයට කඩා වැදී අට්ටාලය කඩා බැනරය ඉරා දමා විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගැනීනි.

එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් සංවිධායකයන් පොලිසිය හා උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ගැණිනි.



අදහස් (6)

මහරගම උණුසුම්

Wanniarachchi Friday, 15 August 2025 02:10 PM

නියමයි දැන් තමයි නියම ජෙපි-පෙරටු සටන තියෙන්නේ

:       16       34

Raix Khan Friday, 15 August 2025 02:15 PM

මොවුන් එලොවටත් නැති, මෙලොවටත් නැති කාලකණ්ණි. මේ අයට ජීවත් වෙන්න සල්ලි හම්බ වෙනවාද? හැමදාම මොකක් හරි කිය කිය උද්ඝෝෂණයක්. අපිට තියෙන වැඩ ටික කරගන්න දවසේ කාලය මදි...

:       9       57

pakeer Friday, 15 August 2025 04:07 PM

මේවාට යන්නේ වැඩක්, පලක් නැති, රස්සාවක් නැති... හරි හමන් ආදායම් මාර්ගයක් නැති, පවුලක් නැති... මෙලෝ වැඩකට නැති සෙට් එකක්.. මම කියන්නේ මොන පක්ෂයෙන් ආවත් එච්චරයි...

:       1       33

kasun Friday, 15 August 2025 04:43 PM

මේ තමයි ඉස්සර ජෙප්පෝ... දැන් මොවුන්ව අලුත් ජෙප්පන්ට වහකදුරු... කාලය මැව් වෙනසක අරුමේ...!

:       13       17

ගමේ එකාලා Friday, 15 August 2025 05:32 PM

කිසිම වැඩක් කරගන්න බැරි කාලකන්නියන්ට පුලුවන් එකම දේ උද්ඝෝෂණ කරන එක.. මේ අයව අවුස්සන පරාජිත දූෂිත දේශපාලුවොත් පිටිපස්සේ ඉන්නවා. රටට යහපතක් කරන්න දායක වෙයල්ලා, වටිනා කාලය නාස්ති නොකර...!

:       3       18

AsangaSaturday, 16 August 2025 09:58 AM

මේවාට තමා කියන්නේ දිට්ඨධම්ම වේදනීය කර්මය කියලා. 365 දවසේම ජෙප්පෝ තමයි මේ දේවල් කලේ කාටවත් ආන්ඩුවක් කරන්න නොදී...!

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 632 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17620 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 728 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site