(රෝෂන් තුෂාර)
ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි වරෙන්තු ලද හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන විසි හය දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනු ජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.
සැකකාර අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි පසුගිය සිකුරාදා දින වරෙන්තුවක් නිකුත් කළ අතර එම වරෙන්තු වූ ප්‍රකාරව අද උදෑසන සැකකරු අධිකරණයට භාරවිය.
සැකකරුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සේවා දායකයාගේ වරෙන්තු ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් අල්ලස් කොම්ෂමේ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 26තෙක් ප්‍රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට, මේ පුද්ගලයින්ගේ බන්ධනාගාර රෝහලේ බිලුත් අපිටද ගෙවන්න වෙන්නේ..? කරුණාකර මේ මුදල් මොවුන්ගෙන් අයකර ගන්නා ලෙස කටයුතු කරන්න... ලංකාවේ සමහරක් හිරේ යන විදිහ දැක්කාම මටත් හිතෙනවා මොනවා හරි වැරැද්දක් කරලා බන්ධනාගාර රෝහල්ගත වෙන්න... ඒත් ඉතින්, අපිට කොහේද නොමිලේ බෙහෙතක් කරගන්න එහෙම චාන්ස් එකක්..?
දුශිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා හොඳට ගසා කාපු කෙනෙක්..
එතකොට මෙයාගේ සහයට ඩැනී, රාජපක්ෂ ලොකු අයියන්ඩිගේ රාජ්‍ය ඇමැති පුතණ්ඩියා. එයාට අව්ලක් නැද්ද?
තව ඉන්නවා රට බංකොළොත් කරපු සෙට් එකේ කට්ටිය...
කෝච්චියේ පුරුදු රස්සාව කරගෙන හිටියානම් ඔහොම වෙන්නේ නෑනේ...
සිරි මේයා කෝචිචීයට සම්බන්ධ නැහැ. එයා කළුතර රත්තරන්. මේයා කුලියාපිටියේ, රක්ෂණ නියෝජිතයේක්. දෙන්නාම අද කෝටිපතියෝ රාජපක්‍ෂ ආණ්‌ඩුවට පින්සිද්ද වෙන්න. මෙයාගේ වත්කම් වල දිග පළල එළියට ආවේ මෙයාගේ නෝනා මහත්මිය මේයාට විරුද්ධ දාපු දික්කසාද නඩුව නිසයි.
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවේ ජය පොහොට්ටුවටයි… ජයවේවා..!