(ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
කොළඹ නුවර ප්‍රධාන මර්ගයේ මාවනැල්ල අන්වාරම පල්ලිය ඉදිරිපටදි 25 දා දහවල් 11.30 පමණ පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් එකිනෙක ගැටිමෙන් තිස්දෙදෙනකු මාවනැල්ල මූලික රෝහලවෙත ඇතුලත්කර ඇතයි මාවනැල්ල පොලිසිය පැවැසීය.
අනතුරට පත්ව ඇත්තේ කෑගල්ල දෙසසිට මහනුවර බලා ධවනය යෙදුන පෞද්ගලික බස්රථයක් හා කෑගල්ල දෙසට ධාවනයේ යෙදුන මාවනැල්ල ඩිපෝවට අයත් බස් රථයක් බවත් අනතුර සිදුවන අවස්ථාවේ බස්රථ දෙකෙහිම මගීන් ගමන්කරමින් සිට ඇති බවද පොලිසිය පැවසීය.
අනතුරින් රෝහල්ගත 32 ගෙන් 5 දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
මාවනැල්ල දෙස සිට කෑගල්ල දෙසට ධාවනය යෙදුන ලංගම බස්රථයේ රියදුරු විසින් නවතා තිබු තවත් බස්රථයකට අපරික්ෂා කාරි අයුරින් ඉස්සර කිරිමට යාමේදි මෙම අනතුර සිදුව ඇති බවට දැන සිදුකල පරික්ෂණ වලින් අනාවරණය කෙරි ඇති බවත් බස් රථ දෙකහිම රියදුන් සුළු තුවාල ලබා ඇති බවත් ඔවුන් දෙදෙනාම මෙ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් අනතුරට පත් බස්රථ දෙකදටම දැඩි හානි සිදුවි ඇමිබවටද පොලිසිය පැවසීය.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්ඳේවත් මහතාගේ අධිකන්ෂණයෙන් කෑගල්ල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි (I) ප්‍රදීප් විරසේකර මහතාගේ උපදෙස් මත මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කලුආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂ නුවන් රත්නායක, පොලිස් සැරයන් 47544 රූපසිංහ, පොලිස් කොස්තාපල් 85012 චන්ද්‍රසිරි යන නිළධාරින් විසින් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේන්නේ නම් ප්‍රයිවෙට් බස් එකේ වැරැද්දක් බවයි .
ලන්කාවේ වගේ රිය අනතුරු සිදුවෙන රටක් ලෝකේ කෙහෙවත් නැතුව ඇති.
ලංගම බස් රියැදුරු විස්කි ගහලා වගේ වංගුවකදී තව බස් රථයක් ඉස්සර කරන්න ගිය වුන සිද්ධියකි මේ..! ලංකාවේ නිතරම අනතුරු සිදුවන ඉතාම ප්‍රචලිත තැනක් තමයි හැටන් කියන්නේ... මරුවා එලවන් යන වාහන කියලයි කියන්නේ! හැටන් පොලිසිය ඔය අනතුරු වලක්වන්න කිිසිම දෙයක් කරන්නේ නැහැ,,! සීතලට කාල ගහලා උන් රෑට බුදි,,, ඇත්තටම මේ වගේ රියදුරන් ගැන මීට වඩා දෙයක් පොලීසිය කරනවනම් තමයි හොඳයි... මේක අමතක උනාම ආයිමත් ඔහොම තමයි හැටට හැටේ යන්නනෙ පාරෙ..!