(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් - කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්‍රදේශයේ වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කොට විෂබීජ නාශක යෙදීමේ කටයුතු මේ දිනවල යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙයි.
යුද හමුදාව ඉවත් වී කේපාපිලව් ගම්මානයේ වැසියන්ට විශාල සහයක් ලබා දුන් නමුත් රජයේ නිලධාරීන් මෙම ගම්මනවල පොදු කටයුතු ඉටුකොට දීමට තවමත් උනන්දුවක් නොමැති බව ගම්වාසීන් විසින් යුද හමුදාවට දැනුම් දීමෙන් පසු මුලතිව් ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ මග පෙන්වීම යටතේ මෙම කටයුතු ආරම්භ කොට තිබේ.
මෙහිදී එම භූමිය පුරා ඇති ළිං 24 න් ළිං 12 ක් මුල් අදියරය යටතේ ප්‍රතිසංස්කරණය කොට පිරිසිදු කිරීම සිදුකොට ඇති අතර යුද හමුදාව මෙම ගම්මනවල සිටි කාලයේදී එම ළිං භාවිත කොට නොමැත.
ඉඩම් අක්කර 132 ක් නිදහස් කොට මුලතිව් දිසාපතිවරිය වෙත බාර දෙන ලද්දේ පසුගිය දෙසැම්බර් 28 වැනි දාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදවු ගන්නෙත් යුද හමුදාවෙන්. හැබැයි මොවුන් ගරහන්නේත් යුද හමුදාවට. අපේ කොල්ලන්ට බුදුසරණයි!
මේවා සිවාජිලිංගම්, විග්නේෂ්වරන්, ආනන්දී, විජයකලා ඔවුන්ගේ ඇස්වලට පෙන්න නැහැ. ඔවුන් හමුදාව උතුරෙන් ඉවත් කරන්නයි කියනවා. නමුත් ඔවුන් මෙවෙනි දේ ඉටු කරන්නත් නැහැ. ජනතාව මුලා කරනවා පමණයි.
ඊළඟ යුධය දිනන්නේ මෙහෙමයි. විනයක් ඇති කොල්ලෝ ටික එකත් කරයි.
පරණ දේ අමතක කරමු. විය යුත්තේ මෙයයි. සාමන්‍ය දෙමළ ජනයාට කිසිදිනක වෙනම රටක් අවශ්‍ය නැත.
ඇයි ඇත්තටම විජයකලා, විග්නේෂ්වරන් වගේ අයට මේවගෙ එකක්වත් කරන්න බැරි? සංවිධානය වෙලා, ඕනෑකමක් නැතිකමද? බැරි කමද?