(ඩයනා උදයංගනී)
මග නැගුම ආයතනයේ නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (2) උදෑසන පැවති උත්සවයේ දී එහි සභාපතිවරයාට හා විධායක අධ්‍යක්‍ෂවරයාට තර්ජනය කර කිරිබත්වලින් ප්‍රහාරයක් එල්ලකිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම පොලීසියට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම ආයතනයේ සභාපති ඒ.ඒ යෝගේන්ද්‍ර පෙරේරා සහ විධායක අධ්‍යක්‍ෂ මහේෂ් වික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙමින් තිබියදී එම ස්ථානයට කඩාවැදුණු සේවකයන් ලෙස පෙනී සිටින සංවිධානාත්මක මැර පිරිසක්, ගේට්ටු වසා දමා සභාපතිවරයා අතින් මයික්‍රෆෝනය ද උදුරාගෙන ජාතික කොඩිය එසවීම ආදී ක්‍රියාකාරකම්වලට බාධා කර තනතුරුවලින් ඉවත්වන ලෙස ඔවුන්ට මරණීය තර්ජන පවා එල්ල කර ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මෙය සංස්ථාවේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව කී ඇමතිවරයා තමන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුලුනු වගේ හොරකම්ද කරලා තියෙන්නෙ? චන්ඩි කම්වලට චන්ඩි කමින්ම තමා සලකන්න ඔනෙ.
හොර තකතීරු දේශපාලන හෙන්චයියල. මෙ ඇමතිලටත් සලකන්න ඔනෙ මෙහෙමම තමයි.
කිරිබත් වලින් ගහපු එක ගැන පින් දීපන් මචං.
අපරාදෙ කිරිබත් ටික. ගහන්න තිබ්බෙ කුණු බිත්තර.
ඔහොම කරලා මදි. තව බරදාලා දෙන්නෝනි නැත්නම් මේ ගොං හරක්ට තේරෙන්නේ නෑ,
උදෙන්ම කිරිබත් කාල වගේ.
බන්දුලටත් ඔය වගේ කිරිබත් සංග්‍රහයක් දෙන්නයි තියෙන්නේ.
සමිති කාරයෝ කොහොමත් විරුද්ධයි වැඩක් වෙනවට.