IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බගවන්තලාව ශාන්ත මේරිස් විදුහල ගිලා බැසීමේ අවදානමක?

(රංජිත් රාජපක්ෂ)

“දිට්වා” සුලි කුණාටුවත් සමඟ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත ‍මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි 6ක් ජාතික ගොඩනැගිලි පර්යේෂානයතනයේ නිළධාරින් පරික්ෂාවට ලක් කර ඇත.

පාසලේ පන්ති කාමර කිහිපයක් සහ උසස් පෙළ විභාගය පවත්වාගෙන යන ගොඩනැගිලි කිහිපයක් තුලින් ජලය මතු වී ගිලා බැසීමේ අවධානමක් පවතින බවට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාට සිදු කරන ලද දැනුම්දීමත් මත ජාතික ගොඩනැගිලි පර්යේෂානයතනයේ නිළධාරින් විසින් එම පාසල වෙත පැමිණ එම පරික්ෂාව සිදු කර තිබේ.

ශාන්ත මේරිස් විද්‍යාලයේ ක්‍රීඩංගණයට සමගාමීව එම ගොඩනැගිලි 6 ඉදි කර ඇති අතර, එම ක්‍රීඩංගණය අසලින් බ්‍රිඩ්වෙල් ඔය කෙසෙල්ගමු ඔයට ගලා බසියි.

කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගලන සැම අවස්ථාවකම ශාන්ත මේරිස් විදුහලේ ක්‍රීඩාංගනය සහ එම ගොඩනැගිලි 6 නිරන්තරයෙන්ම ජලයට යට වේ.

පසුගිය දිනවලද පැවති වර්ෂාවත් සමග එම පාසල් ක්‍රීඩාංගනය සහ ගොඩනැගිලි ජලයෙන් යට වී තිබුණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිළධාරින් එම ගොඩනැගිලි පරික්ෂා කිරිමෙදි ඇතැම් ගොඩනැගිලි තුලින් ජලය කාන්දු වන බවට නිරික්ෂණය වී ඇති අතර, එම පාසලේ ගොඩනැගිලි සම්බන්ධයෙන් වාර්ථාවක් ඉදිරි දින වලදී නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දෙන බව ජාතික ගොඩනැගිලි පරියේෂනායතනයේ නිළධාරින් විසින් පැවසූ බව එම විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේය.



අදහස් (0)

බගවන්තලාව ශාන්ත මේරිස් විදුහල ගිලා බැසීමේ අවදානමක?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 537 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site