IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති

(රඹෑව මනුල වික්‍රම සහ උපාලි ආනන්ද)

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමියෝ අපවත්වූහ.

අපවත්වන විට උන්වහන්සේ හැත්තෑවන වියට පාතබා සිටියහ.

උන්වහන්සේ මෙතෙක් අටමස්ථානාධිපති තනතුර දැරූ බෝමළු පරම්පරාවේ දහවැනි අටමස්ථානාධිපතින් වහන්සේ ය.

1953 දී මාතලේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබූහ හිමියෝ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිලමේ තුමාගේත්, දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමිගේත් වැඩිමහල් පුත්‍ර රත්නයයි. ජයතිලක නම් මෙම කුමරුවා කිතුල්හිටියාව රජයේ පාසලේන් මූලික අධාපනය ලැබුවේ ය.

ජයතිලක කුල කුමරු ජය ශ්‍රීමහා බෝධිස්ථානයේ 1968 මැයි මාසයේ දී පැවිදිබිමට ඇතුළත්විය. අනතුරුව සිරිනිවාස හිමියෝ අනුරාධපුර මහා විහාර පිරිවෙනෙන් ද කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙන් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ද හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලබා 1983 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් හ.

උන්වහන්සේ උපසම්පදාව ලබාගත්තේ 1975 මල්වතු මහා විහාරයේ දී ය. අධ්‍යාපන කටයුතු නිමාකොට ජය ශ්‍රී මා බෝධි ස්ථානයට පැමිණි උන්වහන්සේ ටික කලක් එහි වැඩවිසීමෙන් පසුව මිරිසවැටි විහාරස්ථානයේ ද අභයගිරි විහාරස්ථානයේ ද භාරකාරත්වය දැරූහ. ඉන් අනතරුව රුවන්වැලි චෛත්‍යාරාමාධිපති වශයෙන් 1995 ජූනි මස 1වැනිදා එම ස්ථානයට වැඩමකරවන ලදි.

මේ අතරතුර අටමස්ථානාධිපතිව වැඩසිටි පල්ලේගම ඤාණරතන නාහිමියන් අපවත්වීමෙන් පසු අටමස්ථාන කොමිටියේ ඒකච්ඡන්දයෙන් 1997 ජූලි මස 27වැනි දින අටමස්ථානාධිපති වශයෙන් සිරිනිවාස නාහිමියෝ පත්වූහ.

ශ්‍රී මහා බෝධී ස්ථානය ඇතුළු අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණන් ලෙස උන්වහන්සේ වසර විසිතුනකට අධික සේවාවක් ඉටුකළහ. වසර පහලවකට පමණ පෙර තායිලන්ත රජය මගින් සිරිනිවාස නාහිමියන් ඉටුකරන ලද ලෝක ශාසනික සේවාව අගයා ආචාර්ය උපාධියක් ද පිරිමනු ලැබිණි.

------------------------------------------------------------------------------

(උපාලි ආනන්ද)

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත් වූහ.

වයස අවුරු 69 ආයු විඳි නා හිමියෝ කලක් රෝගාතුවර වැඩසිටියේය.

නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවැසීය.

 



අදහස් (3)

පල්ලේගම සිරිනිවාස නා හිමියෝ අපවත් වෙති

Anthony Wednesday, 19 October 2022 07:18 AM

ජේසු පිහිටයි.!

:       52       9

JayasekaraWednesday, 19 October 2022 12:23 PM

‘‘අත්තාහි අත්තනෝ නාථෝ... කොහි නතෝ පරොසියා... අත්තනා හි සුදන්තේන... නාතං ලභති දුල්ලභං...‘‘ තමාට පිහිට තමාමය. තමා වෙනුවෙන් වෙන යම් කෙනෙක් පිහිට වෙම්ද?

:       0       2

LGPJ Wednesday, 19 October 2022 09:44 AM

ගරු. පල්ලේගම සිරිනිවාස හිමියන්ට නිවන් සැප ලැබේවා. !!!!!

:       1       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site