(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)
පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ.
ඔවුහු සිය ඉල්ලීම් රැගෙන විරෝධතා පාගමනින් කොළඹ ගුණසිංහපුර සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින්න ගියහ.








(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)
පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ.
ඔවුහු සිය ඉල්ලීම් රැගෙන විරෝධතා පාගමනින් කොළඹ ගුණසිංහපුර සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින්න ගියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පෙළපාලි ගියත්, මේ වැඩපිළිවෙල නම් අකුලා ගන්න එපා!
මේ විදියට හිතනකම් අපිට බහ කවදාවත් දියුණු වෙච්ච රටක් විදියට ඉදිරියට යන්න. මේ මිනිස්සු ඔය උද්ඝෝෂණය කරන්නේ තමන්ගේ දරුවන්ගේ ජීවිත වලට මරණය ලඟා කර දීමට... අපි කවුරුත් දන්නවා අද පිළිකාව කියන රෝගය වගේ අනිත් හුඟාක් භයානක රෝග කොච්චර සුලභද කියලා... ඒ හැම දෙයක්ම ඇති වෙන්න හේතුව ඔය පොලිතීන් එක්ක අපේ ජීවන රටාව හුරු වීමයි.
විකල්පයක් සොයන්නේ නැතිව එකවර පොලිතීන් නතරකරාම දුක් විඳින්නේ පොදු ජනතාවයි. තරු හෝටල් වලින් කෑම කාලා සුපිරි මාර්කට් වලින් බඩුගන්න සුපිරි පන්තියට නම් මේවාගෙන් ප්‍රශ්නයක් නෑ.
මොන ආණ්ඩුව ආවත් ඕකනේ කළේ. මේ මිනිස්සුන්ට වෙන ක්‍රමයක් හදල දීලා ඕක තහනම් කළා නම් හරිනේ
මෙම තහනම රටට විතරක් නොවේ. ලෝකෙටම අවශ්‍යයි. දිරාපත් නොවන සියලුම ආනයන, නිෂ්පාදන තහනම් කල යුතුයි. මේ සියලු දෙනාටම එ්ක දැනෙන එක කණගාටුයි. එහෙත් ඔවුන්ගේ දරුවන්ටත් රටේ සියලුම දෙනාට මේක වැදගත් වේවි අනාගතේදී. නගරබද අපට පවා ඉතා දැනෙන ප්‍රශ්නයක් මේක එ්ත් ඉවසගෙන රටක් හැටියට ඉදිරියට යන්න ඕනෑ. රටට යහපත් දෙයක් කරනකොට දැනුවත් කිරීම් නම් ඕනේ නෑ..
විකල්ප දෙන්න ඊට පසුව තහනම් කරන්න. හරි ලේසියි. සුපිරි හෝටලෙන් කන කට්ටියට මේක අදාල නැහැනේ එ්කයි මේ ප්‍රශ්නේ...
පුද්ගලිකව මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටි පිරිස පිළිබඳව අප කණගාටු වෙමු. නමුත් රටක් හැටියට අප මෙම තීරණය ගැන සතුටුවිය යුතුමය. තවද මෙම පිරිසගේ ජිවිත නගා සිටීමට රජය පැහැදිලිවම සම්බන්ධ විය යුතුය.
කල යුතු වන්නේ පොලිතින් පිටු දැකීම නොවේ. වැරදි විදියට පොලිතින් පාවිච්චිය පිටු දකින එක. මිනි මරන්න ගන්නවා කියල පිහිය තහනම් කල හැකිද......?
මේ සෑම විරෝධාත්මක උද්ඝෝෂණ පිටුපස ඉන්නේ රාඡ්‍ය විරෝධීන්ය. ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට මහජනයා යොදා ගන්නවා. ජනාධිපතිතුමනි, ඔබතුමා මේ ගත් පොලිතින් තහනම් තීරණය කොහෙත්ම වෙනස් නොකරන මෙන් ඉල්ලනවා. මෙහි ආනිශංස තව මාස 4ක් 5ක් ගත වන විට අඩු කුණු කඳු වලින් දැකගන්න පුළුවනි.
සංවේදී කාරණයක්. කොහොම නමුත් පොලිතින් නිසා රට විනාස වෙන බව කවුරුත් පිලිගන්නවා. දැන්ම අපි මොකුත් නොකොළොත් අපේ දරුවන් අපිට අනාගතයේදී හෙන ඉල්ලාවී.
පොලිතින් වලින් සෘපුවම පස දූෂණය වෙනවා පිලිස්සුවොත් වාතය දූෂණය වෙනවා අනිවාර්යයෙන්ම තහනම් කල යුතුමයි .
කසිප්පු නිෂ්පාදනය කරන උනුත් කොළඹ පෙළපාලි ගියොත් අගේට තියේවි.
පොලිතීන් තහනම පැනවූයේ වසර කීපයකට පෙර නේද?
මෙයාල ප්‍රතිචක්‍රීකරණය කරනවා කියන එක ගැටළුවක්. රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න මෙයාලගෙන් අහන්න ඕනේ නැ
මුන්ට දෙන්න ඇදුමේ මලපහ වෙන්න.... වෙන රස්සාවක් හොයාගනින් සහෝදරය.... ලෝකේ විනාස කරන පාප කර්මෙන් ගැලවෙන්න බලපන් සහෝදරයා.....
පොලිතීන් වලට දාපු තහනම දුම් වැටි වලට දාන්න පුළුවන් නම්.... මේ තහනම් නිකන් ගැල විජජා .. දැන් ඉතින් ගස් කප කප පරිසර හිතකාමී කොළ හොයපල්ලකෝ ... ටිකක් නෙවෙයි කෝටි 1 1/2 දිනකට ... බත් කඩ කරන අය හොදි දෙන්නේ අතට ද දැන්... නැත්නම් ගෙදරින් බජනයක් අරන් එන්න කියන්නයි වෙන්නේ ... ලේසියෙන්ම තහනම් කරන්න පුළුවන් කටවුට් ගහන flex හා sticker වගේ ඒවා කොන්ට්‍රෝල් කරන්නකෝ..
මේ රටේ පැන නැගී ඇති බහුතරයක් ගැටළු වලට මුලික හේතුව මේ රට මේ දක්වා පාලනය කළ සමහර අධම, නිහීන, තුට්ච, වසල, කාලකන්නි, දේශපාලකයින් ප්‍රයෝකිග තීන්දු තීරණ නොගැනීමේ අවාසනාවයි.
පොලිතින් විතරක් නෙමෙයි ප්ලාස්ටික් වලටත් අදාලව මේ තහනම ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒත් රජයේ ලොක්කො හදන්නේ ඉස්කෝලවලටත් ප්ලාස්ටික පුටු දෙන්න. තමන්ගෙ මඩිය පොඩ්ඩක් පැත්තක තියල අවුරුද්දක් රට ගැන හිතුවොත් මේ රට හදන්න අමාරු නෑ. ඒත් හැම එකාම හිතන්නේ මං කොහාමද වැඩියෙන් හමිබ කරන්නෙ කියල විතරයි. මේක තහනම් කරනකම් විකල්ප හැදෙන්නෙ නෑ. තහනම් කරාම මිනිස්සුම විකල්ප හොයා ගනී.
වැඩි හරියක් සල්ලි දීලා ගෙන්නපු අයයි.
පොලිතින් බෑග් තහනම් කරනු...!!!
උද්ඝෝෂණය අපොයි ඕව කවුරුත් ගණන් ගන්නේ නැති තත්වෙට පත් වෙලා.
එදා පොලිතීන් නිෂ්පාදනය පටන් ගත් කාලෙම එහි ආදීනව දුටුවානම් අද මෙම ව්‍යසනය සිදුනොවන්නේය. රටේ අනාගතය ගැන හිතලා මෙම නිෂ්පාදකයන් විකල්ප ක්‍රමවේදයන් සදහා යොමුවෙනවා නම් ඉතාමත් අගනේය.