(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) ත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණු පළාතේත් විටින් විට පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ වේගවත් තද සුළං ඇතිවන බව ද ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දවසක කිව්වා 19 දිනෙන් පසුව පායනවා කියලා.., නමුත් 22 පමණ වෙනතුරු වැස්ස තියෙන්න පුළුවන් කියලා හිතෙනවා..!