
(අංජුල මහික වීරරත්න)
පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන් වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැලැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥා පනත පනවනු ලැබ ඇත.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටළු පැන නැගෙන අවස්ථාවන් ඇති බැවින් එකී ආඥා පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම ආඥා පනත අවලංගු කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක ට උපදෙස් දීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාන් ආඥා පනත අවලංගු කරයි