(අංජුල මහික වීරරත්න)
පක්ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් ඉන්නේ තිගැස්මෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුවත් සමඟ මේ තිගැස්ම ඇතිවී තිබෙන්නේ යැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ගැන ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.
පක්ෂ මාරු කළ සමහරුන් ඇමැති තනතුරු දරන බවද තමන්ගේ මන්ත්‍රීකම මෙන්ම ඇමැති තනතුරු අහිමි වේයැයි යන බියක් ඔවුන්ට තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාල බිය ඔබට නැද්දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා කීවෙි තමා පක්ෂය මාරු නොකළ බැවින් එවැනි බියක් තමාට ඇති වන්නට හේතුවක් නැති බවයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පක්ෂ මාරු කළ අය ඉන්නේ තිගැස්මෙන්