
(ඉන්දිකා රාමනායක)
මහියංගන රක්ෂිතයේ තිබු නිධානයකින් ලබාගත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 40 කට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු සමනලවැව පඹහින්න ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සති 3ට ඉහත දී මහියංගනය රක්ෂියේ නිධානයකින් මෙම කඩුව ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.
වළගම්බා රජ සමයට අයත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම කඩුව ලක්ෂ 60 ක මුදලකට කිරීමට සූදානම් කර ඇති බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් උපාය දූතයන් වශයෙන් යොදා මෙම වැටලීම සිදුකර ඇත.
රුපියල් ලක්ෂ 60 ට අලෙවි කිරීමට තහනම් කර තිබූ මෙම කඩුව සැකකරුවන් රුපියල් 40 කට ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර පොලිස් උපාය දූතයන් ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන් පඹහින්න ප්‍රදේශයට කැඳවාගෙන විත් ගනුදෙනුව සිදු කරන අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් අලෙවිකරන් නැතුව ගෙදර තියන් පොල් පලන්නද ? රක්ෂිතයෙන් හම්බුනොත් මෙන්න හම්බුනා කියල රජයේ නිලධාරියෙකුට බාර දෙන්නද නීතිය තියෙන්නේ? ඕක බාර ගන්න කෙනා අනිවාර්යෙන්ම විකුනනවා ආපහු.
මේවා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට, දැන් කාලේ උන්වත් මේවාට රැවටෙන්නේ නැහැ. ඉස්සර රජවරු තමන්ගේ කඩුව නිධන්කලේ නැහැ.. ඒවා අවශ්‍ය අවස්ථාවට පාවිච්චි කළා මිසක්. දැන් ඉන්න දේශපාලුවන් තමයි කඩුත් නැතුව කටින් බතල හිටවන්නේ. මේ කඩුව ළඟදී හදලා පස් යට වලලා දාලා ටික කාලයක් තියලා අරන් කොහෙන් හරි හොයාගන්න කෙනෙකුට හොඳ ගානකට විකුණලා කීයක් හරි කඩාගන්න එකනේ කරන්න හදලා තියෙන්නේ.
ඔක පරන එකක්නම් ඔය තත්වයෙන් තියෙන්න බෑ මලකඩ කාපු නිසා යක්ඩ එකක් කියලත් තේරෙනව මට නම් ඔක රුපියල් 40ක්වත් වටින්නෙ නෑ ඔය කාව හරි රවට්ටන්න කරපු වැඩක් අනෙක ඔක තියාගෙන මොනව කරන්නද මෙ ස්වයන්ක්‍රිය ගිනි අවි තියෙන කාලෙ