
(ටී.කේ.ජී.කපිල)
ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙක් ද පැමිණ සිටියහෙ
ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක , මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසීය .
එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය .
එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සදහා අවශ්‍ය පුහුණවීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දනුෂ්ක ඕස්ට්‍රෙලියානු අධිකරණයෙන් නිදහස් වුනත්, ඔහු, ශ්‍රීලංකාව නියෝජයනය කිරීමට, මහජන මුද්ලින් ගොස් යුතු කටයුතු වල නිරත වීම සම්බන්දයෙන්, Srilanka Cricket විසින් පරීක්ෂණයක් කොට දඩුවම් ලබාදිය යුතුවේ. නැතහොත් මෙය අනාගත ක්‍රීඩකයන්ට වැරදි ආදර්ශයක් වේ.
ඔය ඉවසීම තිබෙනෙ නැත්තෙ මොකද නරක වැඩ කරනකොට ක්‍රිකට් ගහන්න ගියානම් එක කරල එන්නෙ නතුව.
ඕස්ට්‍රේලියා වල හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන්ව තියෙද්දී මේ මෝඩ කෙල්ල පව් ගෙවන්න ලංකාවට ඇවිල්ලා තියෙන්නේ
ඔබගේ ජයග්‍රහණය ලංකාවට ලොකු ආඩම්බරයක් .ඔබ වැනි පුතුම් ලක්මාතාවට තව සියගණන් බිහිවේවා
මොනවා උනත් කොල්ලට හරි ගිහිල්ල. ජය වේවා !!
ඩැනී තමා හොඳටම කරේ
මේක මහ ලොකු පෘවතියක්ද? මොකටද ඔය වගෙ යක්කු ෆොම් කරන්නෙ?
සුද්දියෙක් එක්ක ඇවිත් දෙන පණිවිඩය මොකක්ද? මයි කා මයි පෙට්‍රල් ඔයාලට ක්‍රිකට් බැහැ අර්ජුනලා අරවින්දලා මහානාම ල, අරටු ඔයාලා එලය ඔයාලට බැහැ
මෙයා ගැහැණු අයට නම් මුදල් වියදම් කරන පාටයි... කීයක් වියදම් කරලාද මේ ගැහැණු ළමයා එක්කන් ආවේ...?
මොකටද මේ වගේ අය?
ක්‍රිකටුත් ගහලා, අනාචාරයෙත් ගිහිල්ල, රිමාන්ඩ් එකෙත් ඉඳලා නඩුත් කියලා ලැජ්ජ නැතුව දැන් මාධ්‍යයට ඇවිත් රන් පදක්කමක් දින්නා වගේ කථාව...
නිකං මේකේ ධනුෂ්ක ට මඩ ගහ ගහ වැලලෙන්න එපා.එයා ට මඩ ගහනන කලින් තමාගේ හදවතින් අහන්න තමන් පිරිසිදුද කියලා., මහජන මුදල්,ක්‍රිකට් තහංචි,අාචාර ධර්ම ගැන කතා කරන ඔයාලා හැමෝම ඔය වගේ විචාරශීලිව ද රටේ පාලකයන් පත් කරේ.? අනෙක ඔය වගේ සිදුවීමක දි කොල්ලන්ට තමා මඩ ගහන්න බලන්නේ හැමෝම.වුනු දේ උනා...ඉන් යමක් ඔහුත් අපිත් කවුරුත් ඉගෙනගන්න ඕනි.හැම දේම පොත්ත බලලා තීරණ ගන්න එපා.එ් ක්‍රියාවලිය ට අදාල හේතු විචාරශෘලිව විමසන්න. ධනුෂ්ක වුනු දේ වුනා.අායෙත් නැවුම් ගමනක් යන්න ට ලාංකික අපි සාදරයෙන් පිලිගන්නවා සහෝදරය.....