
(අංජුල මහික වීරරත්න)
දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කවුරුත් අවංකව වැඩ කළා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ...
රතු මල්ලිලාගේ මැයි පෙලපාලිවලත් රතු යුනිෆෝම් අන්දගෙන පොඩි ලමයි එක්කන් ගියා මතක් උනා
මිනිස්සුන්ට පෙළපාලි යන්න පාර කපන එක වරදක් නෙවෙයිද?
කට වහගෙන ඉන්න.
ළමයි ඉන්න කෙනෙක් එපැයි ළමයින්ගේ අගය දන්නේ... මෙයා පොලිසියෙන් ළමයින්ට ගහපු එක හොයන්නේ නැතුව... කාලකන්නි පිනාට ළඟදීම හම්බවෙයි ඕවා ඔක්කෝටම හරියන්න...!
මහින්ද ළමයි වඩාගෙන ඡන්ද ගොඩ දාගත්තා. ඒත් මෙයාට එහෙමවත් පුරුද්දක් නෑ. ළමයව බිම අත අරිනවා ෂුවර්...
අනේ ඔහෙගේ ආදරේ ළමයින්ට තියෙන, හලෝ එදා ළමයි එක්ක අම්මලා ගියේ පෙලපාලි නෙමෙයි... ඔවුන් ගියේ අරගලයෙන් මිය ගිය අය සිහිකරන්න.
ඔහෙලා වගේ පාලකයෝ නිසා දරුවන්ට නෙවෙයි.., අතදරුවන්ටත් එළියට බහින්නයි වෙලා තියෙන්නේ. කයිවාරුව නම් තියෙනවා...!
කවුද පෙළපාලි ගියේ..? මළවුන් සිහිකරන්න ළමයි ගෙන යෑමේ වරද මොකක්ද?
මෙයානම් දැන් හොඳටම බයවෙලා... ළඟදීම හොඳ කෑමක් හම්බවෙයි වගේ...
දරුවන් පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක් මෙන්ම, විශේෂයෙන් ලෝක ළමා දිනයේදී පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුවේ...
ආතක් පාතක් නැති..., එළොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පන්ගේ වැඩ තමයි. සල්ලි ලැබෙනවා නම් දෙමව්පියන් වුණත් පාවාදෙනවා. එහෙව් ජාතියක්...
මිනිසුන් මෙලෙස උද්ඝෝෂණ කරන්නේ ආසාවට නොවේ. හේතුවක් ඇති නිසායි. එම හේතුව නම් දරා ගත නොහැකි ජීවන වියදම, මූලික භාණ්ඩ වල උග්‍ර හිඟයක් පැවතීම හා දිනෙන් දින වැඩිවන වංචා හා දූෂණ නිසායි. ඵම හේතු විසඳා ජනතාවට සහන ලබා නොදී රනිල් හදන්නේ උද්ඝෝෂණ මැඩීමට අවශ්‍ය බොරු හේතු මවාපෑමට උත්සාහ කිරීමයි. ඵසේම පොලිසිය විසින් දරුවන්ට පහරදීම ගැන රනිල් කථා නොකරයි.
ජනතාව පෙළපාලි යන තරමට රට කාබාසිනියා කිරීම් ඊටත් වඩා වැරද්දක්
පාරවල් ගානේ ළමයි වඩාගෙන හිඟා කනවා දැකලා නැද්ද?
බල්ලෝ,බළල්ලු වගේ දෙමාපියන්ට තමුන්ගේ දරුවන්ව දාලා එන්ඩද කියන්නේ ? පින් ජනපති ඔය දේවල් ගැන දන්න එකක්යැ.
දරුවන්ව උද්ඝෝෂණ පෙළපාලි වලට අරන් යන්න බැහැ කියලා ලංකාවේ වත් ලෝකේ කොහෙවත් නීතියක් නැහැ , මොකද ඒ මිනිස්සු යන්නේ යූද්දෙකට නෙමෙයි නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිසුන්ගේ භාෂණයේ, ප්‍රකාශනයේ අයිතිය නැති කරන්න බැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ , කිසිම මහජන කැමැත්තක් නැති හොරු 134 දෙනෙකු විසින් ඇටවූ කෙනෙක් රටේ මහජනතාව ත්‍රස්තවාදීන්ට සමාන කිරීම .
දරුවන් ගෙදර තියලා එන්නම් අපි එනකොට...
ඔබ පොහොට්ටුවන්ගේ ජනාධිපති වුනාට ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපති වරයෙකු නොවෙයි.
ජනාධිපතිතුමනි, ඔබට දන්වා ඇත; පෙළපාළියක් නොව සමරුවකි. !
මහලොකුවට ළමා අයිතීන් ගැන කතාව. රටේ ළමා මන්දපෝෂණය 2%කින් වැඩි වෙලාලු ඒ තරමට ළමයි ගැන හොයපු නිසා නේද? ඒවා හොයල ඒවාට විසදුම් දුන්න නම් ළමයි උස්සන් ඕවට එන්නේ නැ දෙමාපියෝ.
ආච්චිගේ රෙද්ද තමා