(ගයාන් සූරිය ආරච්චි)
දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි.
එම ගිනිගැනීම හේතුවෙන් කිසිදු පුද්ගලයකුට හානි සිදුවී නොමැති අතර එම තීරෝද රථ අසල තිබූ වෑන් රථයකටද හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.
සීසී ටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එක් තිරෝධ රථයකට ගිනි ඇවිලීමෙන් අනතුරුව අනෙක් තිරෝද රථ ද ගිනිගෙන ඇති බව පොලිසිය කියයි. දෙමට ගොඩ පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි වැඩි විමර්ශන්ශන සිදු කෙරේ.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන ඉබේ ගිනි ගන්නේ නැහැ. ගිනි ගන්න ප්‍රධානම හේතුව සුදුසුකම් නැති පුද්ගලයන් විසින් විදුලි පද්ධතියට එකතු කරන නව අංග, පරිපථ සටහන් බලන්නේ නැහැ... ලෝඩ් එක බලන්නේ නැහැ, නිකම්ම වයර් අදිනවා, එහෙම නැතිනම් මැදින් කපලා පූට්ටු කරලා මොකක් හරි අටවනවා. අන්තිමේ බාල වයර් රත්වෙලා උණු වෙලා පිටත ආවරණ මතුවෙලා ළඟ තිබෙන තවත් මොකක් හරි කොටසක ස්පර්ශ වෙලා තිබ්බොත් ගිනි ගන්නවා. ඔය අමතර මගුල් හැම එකක්ම ගලවා දමන්න, අත්‍යාවශ්‍ය එකක් නම් සුදුසුකම් ඇති කාර්මිකයෙක් ලවා ප්‍රමිතියට කරගන්න...