IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘දකුණු පළාත් සභාව සම්ප්‍රදායට පටහැනිව කටයුතු කළා‘

(අමල් වික්‍රමරත්න)

දකුණු පළාත් සභාව අද කටයුතු කළේ සම්ප්‍රදායට පටහැනිව බලහත්කාරකමින් බවත් දකුණේ ආණ්ඩුකාරවරයා බලහත්කාරකම්වලට යටවෙන ආණ්ඩුකාරවරයකු නොවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

“20 වැනි සංශෝධනය අද දින සාකච්ඡාවට නොගන්නා ලෙස  ඉල්ලම්න් මා විසින් දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට සහ ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියා .ඒ 20 වැනි සංශෝදනයට ඉදිරිපත් කළ යෝජනාවලට තවත් සංශෝධන කිහිපයක් එක්කිරීමට  නියමිත බව අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට දැන්වූ නිසා.“

“එම සංශෝධන  පාර්ලිමේන්තුවෙන් සම්මත කර නැවත අපිට දන්වන බවත් සැප්තැම්බර් 12 වැනිදා මෙම යෝජනාව ගැන අවශ්‍ය කටයුතු කිරීමට සුදානම් වන ලෙසත් අද දින එය විවාදයට නොගන්නා ලෙසත් මා වෙත දැනුම් දී තිබූණා.මම ඒ පිළිබඳ දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට සහ ප්‍රධාන අමාත්‍යවරයාට පිටපතක් යවමින් දැනුම් දුන්නා.“

“එත් අද පළාත් සභා සභාපතිවරයා එම දැනුම්දීම පිළිඅරගෙන නැහැ.සබරගමුව පළාත් සභාවේ සභාපති වරයා සහ එම පළාත් සභිකයින් එම කාරණය පිළිඅරගෙන සභා නීති රීතිවලට අවනත වෙමින් එය පිළිපැද තිබුනා. නමුත් දකුණු පළාත් සභාවේ අද සිදුවුණේ වෙනත් දෙයක්.“



අදහස් (2)

‘දකුණු පළාත් සභාව සම්ප්‍රදායට පටහැනිව කටයුතු කළා‘

desilva Wednesday, 30 August 2017 01:49 PM

ඔය පළාත්සභා වලින් සිදුවෙන්නේ ජනතා මුදල් නාස්තිවීමත්, අනවශ්‍ය ප්‍රශ්න ඇති වීමත් පමණි. ලංකාව වැනි කුඩා රටකට පළාත්සභා අනවශ්‍යය. කරුණාකර ඔය පළාත් සභා සියල්ලම අහෝසිකරලා දමන්න.

:       0       160

de silva Wednesday, 30 August 2017 10:37 PM

ඔය පළාත්සභා අපේ උවමනාවට ඇතිකර ගත දෙයක් නොව ජයවර්ධන ජනාධිපතිගේ බෙල්ලට පිහිය තබා රජීව් ඝාන්ධි විසින් බලෙන් ඇතිකරගත් දෙයකි , දැන් ඔකේ පාර්ශව කාරයෝ සියලුදෙනාම ( ජයවර්ධන , රජීව් , ප්‍රභාකරන් ) ජිවතුන් අතර නැත , බොරුවට ජනතාවගේ මුදල් නාස්ති නොකර ඕක අහෝසි කරන්න , ඉන්දියාවේ බහුතරයක් දැන් ඝාන්ධි පවුල් පාලනය පිළිගන්නේ නැත ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 507 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site