චමිල් රුපසිංහ
අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩී ආර් කේ හෙරත් මහතා පවසයි.
වගාවන් වලට හානි කරන රිලවුන් එළවා දැමීම සඳහා භාවිතා කරන වායු රයිපලයක් පත්තුවීම නිසා කෑගල්ලේ දරුවෙකු අනතුරට ලක්වී කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබිණි. මුලික ප්‍රථිකාර කර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට දරුවා මාරු කර යැවීය.
සැත්කම කළ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ උගුර,කණ, නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය සිසිර බන්ඩාර ඇතුල්ගම මහතා පැවැසුයේ දරුවාගේ දකුණු කන අසලින් ඇතුල් වි ඇති උණ්ඩය වම් පැත්තේ හිස් කබල දක්වා ගමන් කර ඇති බවයි. ඉන් හිසේ ඇති ධමනියට හානි වුවානම් දරුවාගේ ජීවිතයට හානි විමට තිබු බවද විශේෂඥ වෛද්‍ය සිසිර බන්ඩාර මහතා පැවැසිය.
පේරාදෙණි සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ මෑතකදි ස්ථාපනය කරන ලද හදවත් කැතීටර් කරන ඒකකය තුල ඇති නවීන ඒකකයේ ඒක්ස් කිරණ යන්ත්‍රය මගින් එම උණ්ඩය ඇති තැන තහවුරු කර ගැනිම සඳහා හෘද රෝග විශේෂඥ වෛද්‍ය සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර මහත්මියගේ සහායද නොවඩුව ලැබුණු බව වෛද්‍යවරයා කීවේය. සැත්කම සාර්ථකව නිම කිරීම සදහා පේරාදෙණිය ළමා රෝහලේ නිර්වින්දන අංශයේ විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටි ආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ ද සහාය ඇතිව මෙම සැත්කම සාර්ථකව නිම කළ බව විශේෂඥ වෛද්‍ය සිසිර බණ්ඩාර ඇතුල්ගම මහතා පැවසීය.
මෙවැනි අන්තරාදායක උපකරණ දරුවන්ට අසුවිය නොහැකි තැන් වලන් තැබිය යුතු බවත් දෙමාපියන් මෙයිට වඩා දරුවන් ගැන සෝදිසියෙන් සිටිය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
පේරාදෙණිය සිරිමාවෝ බන්ඩාරණායක විශේෂිත ළමා රෝහලේ ළමා ශෙල්‍ය දැඩිසත්කාර ඓකකය භාර නිර්වින්දන අංශයේ විශේෂඥ වෛද්‍ය කපිල හෙට්ටි ආරච්චි මහතා පැවැසුවේ සැත්කමින් පසු කෘතිම ස්වසන යන්ත්‍ර ආදාරයෙන් සිටි දරුවාගේ තත්ත්වය ඉතා යහපත් මට්ටමකට පත්වෙමින් තිබෙන බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා දායක වුණු නම් කියවුණු, නොකියවුණු සැමට පිං..
වර්ජන නොකර ප්‍රතිකාර කල වෙදදුරන්ට ස්තුතියි.
හිස කියපුවම ගොඩක් සංකීර්ණයි .. උණ්ඩේ තියෙන්නේ හක්කේ නේද ?
දකුනු කණ අසලින් ඇතුලුව හිසේ පිටුපස කොටස දක්වා උණ්ඩය ගමන් කර ඇති බවත් හිස් කබලට වැදුණානම් තත්වය බරපතල වග වෛද්‍යවරුන් පවසා ඇත. (ඡායාරූපයේ දෙපැත්තක් ඇත. හක්ක එක පැත්තක වුවද අනික් පැත්තේ හිසේ පිටුපසය)
පුංචි දරුවන්ට ගොඩක් අනතුරු වලට මුහුණ දෙන්නේ දෙමාපියන්ගේ නොසැලකිලිමත් භාවය නිසාමයි .. හවසට ටෙලිනාට්‍ය පටන් ගත්තම හැමෝම වාඩිවෙලා ඒවා බලනවා. පුංචි දරුවෝ ඉන්නවාද කියලවත් මතක නැහැ.
කුමාර් ගල්ෆ් වෙත, විශ්ෂිත ළමා රෝහල් වන රිජ්වේ ආර්යා රෝහල හා සිරිමාවෝ බණ්ඩාරණායක රෝහල කිසි ලෙසකත් වැඩවර්ජන වලට සහභාගී නොවේ. සයිටම් ගැටළුව සහ වෛද්‍ය වර්ජන ගැන වූ එම කරුණට අමතරව ඔබ ඇතුළු රටේ ජනතාව නොදන්න තව බොහෝ දේ ඇත.
සියලු වෛද්‍යවරුන්ට අපගේ ප්‍රණා... වායු රයිපලයට ඉබ්බෙකු අගුලු දමලා තියන්න පුළුවන් විදියට පොඩි වෙනස් කමක් කරගත්තා නම් හරිනේ..
දායක වූ සැමට පිං අත්වේවා. චූඩි දරුවට බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා.
වඳුරාට වැදුණා නම් දොස්තරලත් නෑ, ඉස්පිරිතාලත් නෑ, ඔහේ විඳවල මැරිලා යයි. මේ උපකරණවල බරපතලකම මිනිහෙක් මැරෙනකන් තේරෙන්නේ නෑ.
අනුකම්පා විරහිත දොස්තරලා හිටියට, හැමෝම එහෙම නෙවෙයි. මෙම කාර්ය මණ්ඩලයට වේදදුරන්ට ගොඩක් පින්. අපේ ප්‍රණාමය !!!
ඔබ සැමට පින්.දෙමාපියන් ළමුන් ගැන අරක්ෂා විය යුතුයි.
සියලු වෛද්යතරුන්ට හදපිරි ස්තුතිය.
බුදු සරණයි !!! ඉක්මණින් සුවවේවා !!!
ඇමෙරිකාවේ කළුජාතික ඒඩ්ස් රෝගී දෙදරු මවක් නිකට යටින් පිස්තෝලය තබා දිවිනසා ගන්ට වෙඩි තබා ගත්තා. උණ්ඩය ඇගේ වම් ඇසින් එළියට ආවා. සැත්කමකින් පසුව සුවවී ඇය තවමත් ජීවත්ව ඉන්නවා. වෛද්‍ය වරුන් නිසා ජීවිත ගැලවෙනවා.
ඔබ සැමට පින්.දෙමාපියන් ළමුන් ගැන ආරක්ෂා විය යුතුයි.