
(අංජුල මහික වීරරත්න)
පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ජනාධිපතිවරයා සමඟ සුහඳ සාකච්ඡාවකට එක් වූ කැමරන් මහතා නව වසර සඳහා ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ හිටපු නායකයෙක් පිනාව හමුවුණා කිව්වාම අපිට පාන්ද? ඉන්න නායකයෙක් ආවානම් තව මොකද? මැරිච්ච නායකයෝ එහෙම ආවේ නැද්ද?
"ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, " සාගල ඔයා ඔයා පොලිසිය බාරව ඉද්දි නේද පාස්කු ප්‍රහාරය වුනේ...? කොහොමද අප්පේ රට ආරක්ෂා කරන්න උපදෙස් දෙන්නේ? පිස්සු හැදෙනවා...
දැන් ඉතින් මේ හමු වීම නිමිත්තෙන් ණයක් ඉල්ලයි.