
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දුන් රාජ්‍ය සේවකයන්ට සිංහල අලුත් අවුරුද්ද සැලකිල්ලට ගෙන මේ මාසයේ මූලික වැටුප ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
මෙම වැටුප (මාර්තු 9 වැනිදා සිට අප්‍රේල් 25 වැනිදා) ලබන 10 වැනිදාට පෙර ගෙවන බවද ඔහු සඳහන් කළේය.
මේ පිරිසෙන් යම් යම් අය රැකියාවලට යන බවට ආරංචි ලැබී ඇති බවත් එය නීති විරෝධී වැඩක් හෙයින් ඒ අයගේ රැකියා පවා නැති විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
වක්කුඹුර මහතා මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජානක වක්කුඹුර මහතා මෙසේද සඳහන් කළේය.
මූලික වැටුප ගෙවන්න නිර්දේශ කළේ මැතිවරණ කොමිසම.ඒ නිසා තමයි මෙහෙම කැබිනට් පත්‍රිකාවක් දැම්මෙ. මේ අය සේවය පිහිටුවන්න බැහැ කියලා මැතිවරණ කොමිසම ව්‍යවස්ථාව පෙන්නලම කියලා තියෙනවා.
කොට්ඨාස අඩු කිරීම පිළිබඳව සොයා බැලීමට සමාලෝචන කමිටුවක් පත් කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාගන්න පුලුවන් නෙ තමාගෙ පවුල මාස 6 ක් වත් නඩත්තු කරගන්න සතේ නැති හිගන්නො දේශපාලනයට එන්නෙ මොකටද කියල