IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ඡන්දෙට පෙර කෘෂි ඇමති රජයෙන් කළ ඉල්ලීම

(අංජුල මහික වීරරත්න)

මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන්  රජයෙන් සහ මුදල්  අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සාධාරණ මිලකට ගොවීන්ගේ වී මිලදී ගෙන පාරිභෝගිකයන්ට ද සහන සැලසූ පසුව ඕනෑම මොහොතක මැතිවරණ පවත්වා ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.

මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර  ලක්ෂ 8ක වී වගා කර තිබෙන අතර පසුගිය යල කන්නයේදී හෙක්ටයාර් පන්ලක්ෂ 12,000 ක වී වගා කර තිබෙන බව කී අමාත්‍යවරයා ගොවීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන පරිදි එම වී මිලදී  ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දී තිබෙන බව සඳහන් කළේය.

වී මිලදී ගැනීම වැනි ප්‍රමුඛතා කාර්යයක් තිබියදී ඡන්ද පවත්වන්නැයි විපක්ෂය කියමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වීමට යන රුපියල් බිලියන 10 ක මුදල වී මිලදී ගැනීම සඳහා ලබා දුන්නොත් සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී ගැනීමට රජයට හැකියාව ලැබෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මැතිවරණ ඉල්ලන්නේ ජනතාව නොව දේශපාලන පක්ෂ බව කී අමාත්‍යවරයා ජනතාව ඉල්ලන්නේ ජීවන වියදම අඩු කිරීම බවද රජයේ අරමුණ වන්නේ ජනතා ඉල්ලීම ඉටු කිරීම බව ද බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (14)

ඡන්දෙට පෙර කෘෂි ඇමති රජයෙන් කළ ඉල්ලීම

fairoos Wednesday, 04 January 2023 05:42 PM

අනේ ඔව්, ඔයාලා වගේ බත්කන හරකුන්ට ඡන්දයක් අවශ්‍ය නැහැ තමයි.

:       1       19

සඳුන් Wednesday, 04 January 2023 05:47 PM

ඔබතුමාගේ කණ්ඩායමේ අපේක්ෂකයින් මැතිවරණය සඳහා වියදම් කිරීමට බලාපොරොත්තුවන මුදල වී මිලදී ගැනීමට යොදවන්නැයි පක්ෂයට යෝජනා කරන්නකෝ ඇමැතිතුමා...!

:       2       18

Hafeel Wednesday, 04 January 2023 06:26 PM

අන්න මේක නම් හොඳ යෝජනාවක්...

:       2       12

Jagath Wednesday, 04 January 2023 05:58 PM

ඊට වඩා හොඳ නැද්ද රටටම බරක් වෙච්චි දේශපාලුවන්ගේ අනවශ්‍ය වියදම් කපා හැර, ඒ මුදල්වලින් වී මිලදී ගැනීම...

:       1       13

sena Wednesday, 04 January 2023 06:13 PM

ඡන්දෙ කියනකොට මෙයාලගේ සරම තෙමෙනවා...

:       0       14

Lakmal Wednesday, 04 January 2023 06:17 PM

වරෙන්කෝ හම්බන්තොටට....!

:       0       15

Hafeel Wednesday, 04 January 2023 06:34 PM

ගොවීන්ව අමාරුවේ දාන්නත් ඕනෑ නැහැ. ඡන්දයත් කල් දාන්නත් ඕනෑ නැහැ. වී මිලදී ගන්නවත්, ඡන්දය තියන්නවත් ඕනේ ලංකාවේ මුදල් නෝට්ටු මිස ඩොලර්වලින් නොවේ. ඒ නිසා මෙච්චර කල් මුදල් අච්චු ගැහුවා වගේ මේවාටත් ගහන්න...

:       1       11

Buddika Wednesday, 04 January 2023 06:45 PM

69 ලක්ෂය තණකොළ කන මිනිස්සු එකතුවෙලා පරපුරක් රජකරවලා මේ රට ගොඩ එන්න බැරි වලකට දැම්මා. නැවතත් 135ක් ඔහේ වගේම ජනමතය පාර්ලිමේන්තුවේදී විකෘති කළා. ඒ විකෘතිය නැති කරන්න ඡන්දයක් අත්‍යාවශ්‍යයි...

:       3       11

Sunil Wednesday, 04 January 2023 06:56 PM

මැතිවරණවලට මුදල් නැත්නම් දියවන්නාවේ ගවමඩුව වසා දමන්න. ඕක තිබ්බත් මේ රටට කිසි ප්‍රයෝජනයක් නෑ. බොරු වියදමක් විතරයි...

:       0       12

Kanthi Wednesday, 04 January 2023 07:17 PM

මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ වගේ කට්ට කයිරාටික දේශපාළුවෝ නම් නැවත වරක් පාර්ලිමේන්තුවට එවන්න එපා.

:       0       13

Rata Perata Wednesday, 04 January 2023 07:35 PM

මේ වගේ බත් කන්නම බලාගෙන ඉන්න හරක් පත්කරගත්තම මේ වගේ ගොන් කතා තමා කියන්නේ.

:       0       8

Nalaka Wednesday, 04 January 2023 08:00 PM

අපි පරදියි කියල බය වෙලා එහෙම නෙවයි මෙහම කියන්නේ, හරිය.

:       0       11

Kapila Wednesday, 04 January 2023 08:27 PM

ඔයිට වඩා හොඳ නැද්ද අමරේ මැදමුලන හොර නඩය සොරකම් කළ ධනයෙන් 10%ක් ආපසු ඉල්ලුවොත් වසර කීපයක් මුළු ලංකාවටම කන්න දෙන්න...

:       0       1

ranjith Wednesday, 04 January 2023 09:26 PM

විලි ලැජ්ජාවක් තියේනම් මෙවැනි ගොන් කතා කියාවිද ?දුෂණයෙන් රට බංකොලොත් කරලා එම කණ්ඩායම තවත් රට අල්ලාගෙන ඉන්න කුරුමානම් අල්ලන්නේ .දැන් අමුතු පොතක් චන්දයට සල්ලි නෑ කිය කියා දිගටම වංචා ,දූෂණ කරන්න තමා මේ දඟලන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site