IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


චන්ද්‍රිකා අත්තනගල්ලෙන් ඉවතට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට  පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයි  නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 

පක්ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවට පක්ෂ මහලේකම්වරයා අද පැවැති  මාධ්‍ය හමුවකදී  සඳහන් කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග මහත්මිය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකාවද වේ 



අදහස් (13)

චන්ද්‍රිකා අත්තනගල්ලෙන් ඉවතට

Warnakulasuriya Friday, 17 January 2020 08:34 AM

රන්ජන් රාමනායක සහ විමුක්ති පුතා සමඟින් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්න. එ.ජා. පක්ෂය පස්සේ යනවාට වඩා එයට අනාගතයක් වගේම නම්බුවකුත් තිබෙනවා. ශ්‍රී ලංකා නි.ප. විනාශ කිරීමේ වගකීම මහින්ද, මෛත්‍රීපාල වගේම මෙතුමියත් වගකිව යුතුයි. පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පොහොට්ටුවටවත්, එ.ජා. පක්ෂයටවත් කැමති නැත. ශ්‍රී ලංකාවේ සිටින අසරණම පාක්ෂිකයින් ඔවුන්ය.

:       176       31

සේනක Friday, 17 January 2020 09:07 AM

අනේ පව් අප්පා අත්තනගල්ලේ කුමාරිහාමි, දෙමාපියන් දෙන්නගේ නමත් කෑවා, අපේ රටත් කෑවා. රටේ බලයේ හිටිය කට්ටිය බලය අතහැරලා පැත්තකට වෙලා ඉන්න බැරි හේතුව මොකද කියලා රටේ ජනතාව වන අපි ඒ ගැන දෙසැරයක් නෙමෙයි සියක් වාරයක් සිතිය යුතුයි. මේවායේ හිටිය කට්ටියම දන්නවා මේකෙ තියෙන රස මොකක්ද කියලා...? මේ ඔක්කොම ඉන්නේ රටේ ජනතාව වන අපිට ආදරයට නෙමෙයි. බල තණ්හාවටයි.

:       208       276

NishanSaturday, 18 January 2020 03:59 AM

සේනක මුල මැද අග පටලවාගෙන වගේ. මෙතුමිය කළ එකම වරද සිරිසේන වගේ කෙනෙක්ව ලේකම් පදවියට පත්කළ එකයි. රාජපක්ෂලාට ඕනෑවුනේ බණ්ඩාරනායක නම ඉතිහාස පොතෙන් ඉවත්කර රාජපක්ෂ නම උඩට ගේන්නයි.

:       175       105

ලුම්බිණි Friday, 17 January 2020 09:48 AM

ඉත්තෑවාගේ ගේ කැබැල්ලෑවා අල්ලා ගත්තා කියනවලු...

:       1       35

කපුරුහාමි Friday, 17 January 2020 10:02 AM

එහෙමනම් පක්ෂයේ තීරණ වලට පටහැනිව වැඩ කරපු අය තව ඕන හැටියේ ඉන්නේ?

:       33       140

Bandara Friday, 17 January 2020 10:07 AM

අම්මෝ අපිටත් එයාව එපා. එයා එජාපයට හොඳයි.

:       28       161

සේන Friday, 17 January 2020 11:03 AM

මෙතුමිය ඉතින් රටෙත් නෑනේ. ඉඳලා හිටලා දුවගෙන එනවා රටට විනයක් කටින්න බලාගෙන. පුදුම ද්‍රෝහී මානසිකත්වයකින් තමයි පෙළෙන්නේ...

:       25       281

Ranil Friday, 17 January 2020 11:11 AM

මොනවා වුණත් පක්ෂය වෙනුවෙන් ජීවිත දුන්නු අය...

:       143       7

Ranil Friday, 17 January 2020 11:11 AM

මොනවා වුණත් පක්ෂය වෙනුවෙන් ජීවිතය දුන්නු අය...

:       37       1

Mahee Friday, 17 January 2020 11:49 AM

චන්ද්‍රිකාගේ දේශපාලනික හැසිරීම පක්ෂ නායිකාවකට කොහෙත්ම ගැලපුනේ නැහැ. වතාවක් කඩාගෙන ගිහින් වෙන පක්ෂයක් පිහිටෙව්වා. නායකත්ව ගුණාංග කිසිවක් ඇයට තිබුනේ නැහැ. දෙමව්පියන්ගේ පරම්පරා නාමය පමණයි තිබුනේ. ඉතින් පාක්ෂිකයින් කොහොමද එකහිතින් තමන්ගේ නායිකාව කියලා වටේ රොක් වෙන්නේ? බණ්ඩාරනායක යුවලගෙන් පසු පක්ෂය ජෝකරයන් අතට පත්වුණා. අදටත් චන්ද්‍රිකා එලෙව්වා කියලා පක්ෂය ගොඩගන්න තරම් පෞරුෂයක් ඇති නායකයෙක්, ජනතාවගේ ආදරය දිනාගත් නායකයෙක් දැන් පක්ෂයේ නැහැ.

:       7       99

තාරක Friday, 17 January 2020 01:34 PM

ක්‍රෝධය හා වචන හැසිරවීමේ නොමණා පිළිවෙත නිසා අන්තිමට මේ ඇය ලබාගත් ප්‍රතිඵලයි.

:       0       82

sira Saturday, 18 January 2020 02:09 AM

සිරිසේනගේ ගතිය මෙයින් මොනවට ප්‍රදර්ශනය කර තිබෙන්නේ අන් කිසිවක් නිසා නොව එදා සිරිසේන ශ්‍රීලනිපයේ තීන්දුවට පිටුපා එජාපය සමග එක්ව ජනාධිපති කිරීමට මුල් වූයේ අන් කිසිවෙක් නොව චන්ද්‍රිකා නිසායි. සිරිසේන සහ දයාසිරි යන දෙදෙනාම ශ්‍රීලනිපයේ තීන්දුවලට පිටුපා එජාපය සමග එක්ව ක්‍රියා කළ දෙදෙනෙකි. සිරිසේන ජනාධිපති වී ශ්‍රීලනිපයේ නායකත්වය ගැනීමෙන් පසු ශ්‍රීලනිපය එජාපය සමග සම්මුති ආණ්ඩුවකට යෑමේ තීන්දුවට පිටුපා වෙනම පක්ෂයක් හදාගෙන ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ ඇතුළු එදා තමන් යටතේ සිටි මන්ත්‍රීවරුන්ට එරෙහිව සිරිසේන අබ මල් රේණුවක විනය ක්‍රියාමාර්ගයක් නොගෙන අද චන්ද්‍රිකාට එරෙහිව ක්‍රියා කිරීම යනු පහත්ගතිය හැර අන් කිසිවක් නොවේ.

:       38       43

Bishan Saturday, 18 January 2020 07:48 AM

ශ්‍රීලනිපය මේ පාර ඉවරටම ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site