
(යොහාන් භාසුර)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ පුහුණුකරුවන්ගේ වැටුප් ප්‍රචාරය කරමින් ජනතාවට වැරදි අදහසක්දීම පිළිබඳ කනගාටුවන බවත් ඒ පිළිබඳව සිත් තැවුලක් ඇති බවත් හිටපු ශ්‍රී ලංකා නායක, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා අද (12) පැවසීය.
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන්ට එම අදහස් ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ පැමිණ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින බව කී මහේල ජයවර්ධන මහතා තමන් ශ්‍රී ලංකාවෙන් ලබන වැටුප වෙනත් රටකට සේවය සැපයුවේ නම් සති පහකින් ලබන වැටුපක් බවද සඳහන් කළේය.
එම වැටුප තම වෘත්තීය සුදුසුකම්වලට, අත්දැකීම්වල සහ හැකියාව අනුව ලැබෙන වැටුපක් බව කීම කී මහේල ජයවර්ධන මහතා පැවසුවේ එම වැටුප ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරුවන්ට එවන වේතන සමග සැසදීමේදී කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්ය.
ශ්‍රී ලංකාවට තමන් වෙනුවට වෙනත් පුහුණු කරුවකරුවන්ගේ සේවය ලබා ගැනීමට කිසිදු ගැටලුවක් නොමැති බවද මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී මහේල ජයවර්ධන මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ඔබගේ වැටුප ගැන කතාකරන්න පටන්ගන්නේ, එම ක්‍රීඩාපිටිය සහ තණතිල්ල පිළිබඳ මනා දැනුමක් ඇති ඔබ ඉන්දීය තරඟයේදී නායකයාට වැරැදි උපදෙස් දීමත්, ඔබගේ පිතිකරණ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා පිතිකරණය ඉන්දීය කණ්ඩායම හමුවේ ඉතා දරුණු ලෙස දුර්වල වීමත්, අනෙක් කණ්ඩායම් ඉදිරියේත් සැලකිය යුතු දක්ෂතා නොපෙන්වීමත්, ශ්‍රී ලංකා කණ්ඩායම වසර 24කට පසු පළමු වටයෙන් ඉවතට විසිවීම නිසා ඔබ මසකට ලබාගන්න රුපියල් ලක්ෂ 65ක පමණ වැටුපට සරිලන සේවයක් ඔබ ලබාදුන්නාද කියන එක, ඔබ ජොබ් එක හරියට කරානම් කවුරුවත් මේවා හොයන්නේ නැත. දැන් ඉතින් අවලාද අහන්න වෙනවා..
ලංකාවේ ඉපදිලා නිදහස් අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකාවේදීම පාසල් අවධියේසිටම ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත්ව ප්‍රසිද්ධියට පත්ව ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ක්‍රීඩාව නිසා මුදල් උපයා ඇත. උපයනවා ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රවර්දනය කිරීම වෙනුවෙන් ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමේදී ඔවුන්ගේ ක්‍රීඩා අද්දැකීම්, පළපුරුද්ද සහ දැනුම නව ක්‍රීඩකයන් ලබාදීමට ඉදිරිපත්වන්නාවූ අවස්ථාවන්හිදී $ සහ රුපියල් පිළිබඳව සහ (නොමිලයේ සේවය කිරීමට අවශ්‍ය නැත) ජාත්‍යන්තර පුහුණු කරුවන් වෙත ගෙවන්නා වූ වැටුපට සමාන වැටුපක් ඉල්ලා සිටීම කණගාටුවට කරුණකි. නමුත් ජාත්‍යන්තර පුහුණු කරුවන්ට හා සමාන වැටුපක් ඉල්ලා සිටීම එසේ වුවත් පළමුව මුදල් නොව ඔවුන්ගේ හැකියාවන් සහ දැනුම අලුත් පරපුරට ලබාදීමට කටයුතු කිරීමට මූලිකත්වය දිය යුතුවේ. ඕනෑම දෙයක් කිරීමේදී මුදල් අවශ්‍ය වුවත් පළමු තැන මුදල් සඳහා නොවිය යුතුවේ. ඔවුන් පුහුණුකරුවන්, විචාරකයින් හෝ විනිසුරුවන් බවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිසාවෙන් නම් රට වෙනුවෙන් ක්‍රීඩාව වෙනුවෙන් යමක් කිරීම ඔවුන්ගේ වගකීමකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතුවේ...!
පුහුණකරුවන් ක්‍රිකට් සංචාර සඳහා රටේ ක්‍රිකට් මුදල්වලින් පිටරට ගිහින් තමුන්ගේ බිස්නස් කරන එක හරියි කියලත් කියන්නකෝ. ඇත්තටම ලංකාවේ පොදු ජනතාව සහ දේශපාලකයින් කවදාවත් නැතුව එක් පිලට එක්වුණේ ඇයි කියලාවත් මේ නරුමයින්ට දැනෙන්නේ නෑ නේද? නැත්නම් වැඩක් නෑ කියලා හිතනවද?
මෙතන ඔබට මේසා විශාල මුදලක් වැටුප් හැටියට ගෙව්‍වාට ඔබෙන් බලාපොරොත්තු වෙන කාරිය ඉෂ්ට වෙලා නොමැති බවයි අපි දකින්නේ. ඒ ගැන ඔබට කියන්න තිබෙන්නේ මොනවද? ඔබ ඇතුළු පුහුණුකරුවෝ මොනවද පුහුණු කළේ?
වෙන රටවල මේ තත්වයට එන්න ආරම්භයේ පටන්ම මුදල් වියදම් කරන්න වෙනවා. ඒත් අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් කිසිවකුට දක්ෂතා ප්‍රදර්ශණය කිරීම සඳහා මුදල් වියදම් කළයුතු නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙමින් තම ජීවන ගමන ආරම්භ කරපු කිසිවකුට මෙවන් කතාවක් කිව නොහැකියි. හැම දෙයකටම පෙර මුදල ඉදිරියට දාගන්නෙ මුදලට තිබෙන කෑදරකම නිසා නෙවෙයිද?
වෙන රටවල් මේවගේ ලොන්තපෝල් පුහුණුකරුවන් මිලියණ ගණන් ගෙවලා බඳවා ගන්නවා නම් එහෙම යන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ ගොල්ලෝ එක විනාඩියක් ලංකාවේ ඉන්න එකක් නැතිවෙයි. එහෙම යන්න බැරි අය තමයි ෂම්මිලා අල්ලගෙන ගේම් ගහන්නේ. මෙයා මේ උඩුබුරන්නේත් ෂමිමිගේ හයිය අරගෙන...!