(අංජුල මහික වීරරත්න)
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම භාෂා තුනෙන් එලෙසම හැඳින්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම සිංහල භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙසත් ඉංග්‍රීසි භාෂාවෙන් slave IsLand ලෙසත් දෙමළ භාෂාවෙන් ஸ்லேவ் ஐலண்ட் ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැවෙන ප්‍රශ්න විසඳන කැබිනට් එක...
ඔය සේරටම කලින් නරකද අපේ රටේ නම "ශ්‍රී ලංකා" කියල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම භාවිතා කළයුතු යැයි කියලා යෝජනාවක් අනුමත කරගෙන ක්‍රියාත්මක කළොත්. දැන් හැම තැනකම දෙමල භාෂාවෙන් අපේ රට හඳුන්වන්නේ "ඉලංකෙයි" කියල නේද? ඒ ආකාරයට නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් ලියලා තියෙන්නේ? බොරුනන් අපේ රටේ සල්ලි කොලයක් අරන් බලන්නකෝ...