IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කෑමට නුසුදුසු සහල් තොගයක් බේරුවලින් අල්ලයි

(තුසිත කුමාර ද සිල්වා)

මිනිස් පරිභෝජනයට නුසුදුසු  සම්බාසහල් කිලෝ ග්‍රෑම් 590 ක්  බේරුවල  සහ දර්ගා නගරයේ ගබඩා කර තිබෙන බවට බේරුවල පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන්ට ලද තොරතුරක් ඔස්සේ   මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බේරුවල පොලිසිය හා ඒකාබද්ධව  කළ වැටලීමකින් එම ගබඩා  දෙකම ඊයේ (4) රාත්‍රියේ  සීල් තැබීමට පියවර ගත්  බව පොලිසිය කියයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු දර්ගානගරය පදිංචිකරුවකු බවත්  මෙම සහල් තොග වලින් කිලෝග්‍රෑම් පන්සියයක් බේරුවල  සුපිරි වෙළෙඳසැලට යාබද ටයිල් ගබඩා කිරීමට ගන්නා කඩ කාමරයක ගබඩා කර තිබුණු අතර ඉතිරි කිලෝ ග්‍රෑම් 90ක  සහල් ප්‍රමාණය දර්ගා නගරයේ ප්‍රදේශයේ ගබඩා කර තිබූ  බව වැටලීම කළ පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.

සැකකරු  ලබා දී තිබෙන ප්‍රකාශ අනුව මෙම සහල් තොගය  විදෙස් රටකින් සහල් මෙරටට ආනයනය කරන පුද්ගලයෙකු  සන්තකයේ තිබූ ගබඩාවක් ගංවතුරට හසු වී එම සහල්  තොගය  අලෙවියට සහ පරිභෝජනයට නොසුදුසු වී ඇති අතර එම සහල් තොගය මුල් හිමිකරු  එම ගබඩා සංකීර්ණය රක්ෂණය කර තිබියදී ඊට අදාළ වන්දිය එම රක්ෂණ සමාගමෙන් ලබා ගෙන  ඇති බැවින් එලෙස ගංවතුරෙන් විනාශවී තිබූ සහල් තොගය  පසුව රක්ෂණ  සමාගමට අයිතිය පැවරිදි තිබී ඇත.

පසුව එම රක්ෂණ සමාගම යටතේ ලියාපදිංචි අබලි ද්‍රව්‍යයන් ඉවත් කරන ආයතනයක් මඟින්  දර්ගා නගරයේ  ව්‍යාපාරිකයා සහල් තොගය රුපියල් ලක්ෂ 16 ක මුදලකට  මිලදීගෙන  තිබෙන බව  පොලිසියට සහ සෞඛ්‍ය අංශ වෙත ප්‍රකාශ කර බව   ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි වරයා පැවසීය.

මෙම ව්‍යාපාරිකයා සම්පූර්ණ සහල්  තොගය ඉකුත් 28 වන බ්‍රහස්පතින්දා බේරුවල හා ධර්ගා නගරයේ ගබඩා ගතකර තිබෙන බවත් ඔහු එම සහල් තොග නැවත පිරිසිදු කර ප්‍රතිඅලවියට ගබඩා කර තබා ඇත.

මිලදීගෙන තිබූ සම්පූර්ණ සහල් තොගයේ තිබූ තවත් කිලෝ ග්‍රෑම් 2500ක්  වූ ප්‍රමාණයක්  යම් මට්ටමකට පිරිසිදු කර ඉකුත් සෙනසුරාදා  දර්ගානගරය ප්‍රදේශයේ වෙළෙඳසල් තුනකට අලවි කර  තිබෙන බවත්  සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රකාශ කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය. 

එලෙස  එම සහල් අලෙවිකර තිබෙන  දර්ගා නගරයේ වෙළඳසැල්  අද (5) දින මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් පරීක්ෂාවට ලක් කරන බව පැවසීය.

එම සම්පූර්ණ සහල්  තොගයේ  සාම්පල් පරීක්ෂාවකට ලක්කර  ඒවා  විනාශ කිරීමට අධිකරණ නියෝගය  ලබාගෙන  රස පරීක්ෂක වාර්තා කැඳවා අනතුරුව සැකකරුට චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව  කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා පැවසීය.

 ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන තෙක් සහල් ගබඩාව ඊයේ (04) මුද්‍රා තැබීමට කටයුතු කල බව එම නිලධාරීන් පැවසීය.

බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත   පොලිස් විශේෂ කාර්ය නිලධාරීන්ගේ  සහයෝගයෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන කසුන් පතිරණ, හියුබට් සිල්වා , පොලිස් කොස්තාපල්වරුන් වන විමර්ශන(69062)උදාර(90249) රණරණසිංහ(77838) නිපාශ් (2089)  යන මහත්වරු සමග   කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක  සිංහබාහු මහතා ඇතුළු  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් මෙම වැටලීම සිදු කර තිබේ.



අදහස් (0)

කෑමට නුසුදුසු සහල් තොගයක් බේරුවලින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site