(තිස්ස කොටින්කඩුව සහ ප්‍රසංග පෙරේරා)
කඳාන පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසෙ මියගොස් ඇත්තේ උපාලි කුලවර්ධන මැති 50 හැවිරිදි අයකු බවද පොලිසිය සඳහන් කරයි. සුඛෝප භෝගි මෝටර් රථයකින් යමින් සිටි පිරිසක් ඉලක්ක කර යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය ලක් වූ වෙළෙන්දියක ද වෙඩි ප්‍රහාරය එල්ලේ වන අවස්ථාවේ එයින් බේරීමට මෝටර් රථය පිටුපසට ගනිද්දී එහි ගැටුණු තවත් අයකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය සඳහන් කර. තුවාල ලබා ඇති පුද්ගලය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහත්ගේ පෞද්ගලික ලේකම්වරයකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඳාන පොදු වෙළඳපොළ ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද පුද්ගලයන් රාගම රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාල ලද පුද්ගලයන් දෙදෙනා මෝටර් රථයක් තුළ සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි කියයි.
වෙඩි තැබූ බව කියන පුද්ගලයන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් හෝ වෙඩි තැබූ බව කියන ගිණි අවිය සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය සඳහන් කරයි
(ඡායාරූප: ප්‍රසංග පෙරේරා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්කි වහන වැඩේ දිගටම යනව වගේ
සාමාන්‍ය මනුස්සයෙක්ට තුවක්කුවක් තියා කම්මලෙන් ගත් පිහියක්වත් ප්‍රසිද්ධියේ අරන් යන්න බැහැ . පොලීසියෙන් ප්‍රශ්න කරනවා. එත් මුන් මෙහෙම වෙඩි තියන්නේ කොහොමද? මේ එකක් දෙකක් නෙවේ, උසාවියෙත් වෙඩි තිව්වා. ආණ්ඩුවේ සහයෝගයක් නැති නම් අහුවෙන්නේ නැතිව මෙහෙම මිනී මරන්න පුළුවන් කාටද?
කොන්ත්‍රාත් එක අරන් මිනී මරල අහු උන එකෙක්ව එල්ලන්නකො, එතකොට එකෙක්වත් කොන්ත්‍රාත් ගන්න එකක් නැ. හුරතල් කරනවනේ තාම