
(යොහාන් භාසුර)
වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය.
වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව රජය පනවා ඇති අධික බදු සහ රටේ පවතින අස්ථාවරභාවය බවත් විශේෂඥ වෛද්‍යවරු රට හැරයාමෙන් රෝහල් අර්බුදයකට මුහුණ පා ඇති බවත් ගුණරත්න මහතා කීය.
වෛද්‍යවරු අඩු වෙන්න අඩු වෙන්න දෙන්නෙක් හිටිය තැනකට එක්කෙනෙක් ද, තුන්දෙනෙක් හිටිය තැනකට දෙන්නෙක් ද, දැමීමට සිදුවන බවත් මෙම තත්වය දිගටම පැවතුණොත් මේක සංකෝචනය කරනවා හැර වෙන විකල්පයක් නොමැති අතර එසේ නොවේ නම් විදේශ වෛද්‍යවරු ලබාගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව නම් මේ දූපතේ තමයි අඩුවෙන්ම බදු ගහන්නේ... ඒ කතාව නෑ කියන කතාවක් කියන්න...
මීට වසර කිහිපයකට කලින්ම රජය ගත යුතු ජනතාවාදී පියවරක්. අනිවාර්යයෙන්ම පිටරට විශේෂඥ වෛද්‍යවරු මේ රටට ගෙන්විය යුතුයි. එහෙම නැතිව කවදාවත් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ දොස්තර මාෆියාවෙන් ගලවා ගන්න බැහැ. නමුත් පිටරට වෛද්‍යවරුන්ට මේ මාෆියා කාරයින්ගෙන් ගැලවී ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස කළහැකිදැයි සැක සහිතයි..?
අනිත් මිනිස්සු බදු ගෙවන්නේ නැද්ද?
එංගලන්තයේ, ඇමෙරිකාවේ වගේ මේ ගොල්ලන්ට මුදල් අයකර ඉගැන්නුවා නම් දුකක් නැහැ. මහජන මුදලින් ඉගෙන ගෙන බදුගෙවන්න වෙනවා කියලා රට අසීරු අවස්ථාවේ පැනලා යනවා.
රටේ පාලනය ගැන, පාලකයින් ගැන, ගෙවන බදුවලට වෙනදේ ගැන, පාලනයේ සහ පාලකයින්ගේ සුජාත භාවය ගැන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. රටේ මිනිස්සු වැඩි හරියක් ජීවත් වෙන්නේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා. ඔය රට දාලා යන දොස්තරලා 99% ඔය තැනට ආවේ ඒ මිනිස්සු ගෙවපු බදු මුදල් වලින්. ඔවුන් නොසිටියා නම් සමහරවිට ඔවුන් ෆාමසියක බෙහෙත් කිරන්න තිබ්බා, කුඹුරු කොටන්න තිබ්බා..., එහෙම නැත්නම් මොකක් හරි පොඩි රස්සාවක් කරන්න තිබ්බා. එහෙම එකේ රටත් ඒ මිනිස්සුන්වත් ගොඩ ගන්නේ නැතුව රට දාලායනවා... නම් එහෙම එවුන් ඕනෑම නෑ. ඉන්න උන් ටික මැරිලා වැටෙනකල් සටන් කරමු. ඊළඟ පරපුරටවත් කෙලෙහි ගුණ කියලා දෙමු. මේ රටට තවත් පාදෙණියලා ඕනේ නෑ කොහෙත්ම...
මෙයාලා ඔය රටවලට යන්නේ ඒ රටවල බදු අය කරන්නේ නැහැ කියල හිතාගෙන, තමන්ට ලැබෙන වැටුපෙන් 40% බදු වශයෙන් එයාලා ගෙවන්න ඕන ඒ රටවල... ඔය රට යනගිය පයින්ම එනවා වැඩි කාලයක් යන්න කලින්... හේතුව ඒ රටවල් තිබෙන නීති හා මෙයාලාට පුද්ගලික අංශයෙන් රෝගීන් පරීක්ෂා කිරීමේ හැකියාව නැත. මෙයාලාගේ ආදායම අඩුවෙනවා...
වෛද්‍යවරුන්ගේ මූලික වැටුප රුපියල් ලක්ෂ තුනක්වත් කළයුතුයි.
එතකොට එයාල ටැක්ස් ෆ්‍රී ද. සිංහල සහ දෙමලත් උගන්නල ගනිමු නේද
ඇයි අපි විදේශීය අයගෙන් මේ තනතුරු පුරවන්නෙ නැත්තෙ.
ඒ ගොල්ලන්ට සිංහල පුළුවන්ද ?
ඒකත් මරැ හැබැයි.දැං රජයට තවත් ලාබයි. දැං තංගල්ලෙත් වැඩටික වෙනව හම්බන්තොටත් වෙනව.තුං දෙනෙක්ටටගෙවපු පඩිය වෙනුවට දෙන්නෙක්ගෙ පඩිවලිං වැඩේ කරනව.
ලංකාවේ දොස්තරවරුන්ට කෙළලා දාලා, පිටරට වල දොස්තරලා විශාල මුදලකට ගෙනැල්ලා... නියම දාර්ශනිකයෝ...
දොස්තර සංගමයේ ගොයියෙක් කියනවා ලංකාවේ විසේසඥ දොස්තර කෙනෙකුට ගෙවන්නේ රුපියල් 88000 ලු. ඉන්දියාවේ දොස්තර කෙනෙකුට ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 3 ගෙවනවලු. කාවද මේ ගොනාට අන්දන්නෙ. මුලික පඩිය 88000 අනිකුත් දීමනා ලැබෙන කොට ලක්ෂ 3 පනිනවා. ඒ කාලේ වැඩි පඩි නොදෙන්නයි private practices දුන්නේ. බදු රහිත වාහන ඉන්දියන් දොස්තරලාට ලැබෙන්නේ නැහැ. පිටරට යන දොස්තරලාට වාහන, private practice ලැබෙන්නේ නැහැ. උපයන විටම බදු වදිනවා. තණකොළ එතරම්ම රසවත් නැහැ. කොන්ඩේ කපන්න රුපියල් 7500 යි. කෝකටත් ටැක්සියක් එලවන්න බලාගෙන එන්නකියන්න.