
(උපුල් හේරත් සහ බී.ජී.චතුරංග )
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවකු බිමට වැටී මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් අද වාර්තා විය .
මිහින්තලේ කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි ටී.ඒ.තක්ෂිලා උදයංගනී නැමැති කාන්තාව මෙම දරු ප්‍රසූත කර ඇත.
කල්ලංචිය ප්‍රාදේශීය රෝහලට ඉකුත් ඇතුළත් ව ඇති මෙම මවගේ රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමගම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා ප්‍රසූතියට සූදානම් කිරීම සඳහා සූතිකාගාරයට යොමු කර ඇත .
එහි දී දරුවා ප්‍රසූත කිරීමත් සමගම දරුවා ඇඳෙන් බිමට වැටී හිසට තුවාල සිදුව ඇති බව උදයංගනී නැමැති කාන්තාව ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියාය .
ඉකුත් දහතූන් වෙනි දින දහවල් වෙනතුරු එම රෝගී දරුවා විශේෂ ළදරු ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දින උදෑසන ගොස් ඇත .
දරුවාගේ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍යවරයාගෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර මහතා සමග දුරකථනයෙන් කළ විමසීමකදී මෙසේ කිය. සූතිකාගාරය තුළ එවැනි දෙයක් සිදු වී නැහැ ,වෙනත් ස්ථානයක දී එම කුඩා දරුවා වැටුණාද යන්න පිළිබඳව තොරතුරු සොයා බලනව.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මාරසිංහ දිසානායක දරුවාගේ පියා හැඬු කඳුළින් මෙසේ කීය.
"අපි කල්ලංචිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ. මගේ නෝනට බබා හම්බ වෙන්න අමාරු වෙලා කල්ලංචිය රෝහලට ඇතුළත් කළා. ඊට පස්සේ නෝනාට අමාරුව වැඩි වුණාට පස්සේ ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ආවා, එහිදී වාට්ටුවට ඇතුලත් කළ. එතන පැය බාගයක් විතර තියලා වාට්ටුවට ඇතුළත් කරළා. අමාරුව වැඩි නිසා ලේබර් රූම් එකට දාලා තියෙනවා.
ඒ අවස්ථාවේ බිරිඳ දරුවා ප්‍රසූත කරන කොට බබා අල්ල ගන්න කාටවත් බැරි වෙලා බිමට වැටිලා ඔළුව වැදිලා , ඊට පස්සේ නර්ස් කෙනෙක් ඇවිල්ලා බබාව අරගෙන දුවලා තියෙනවා. අම්මට වත් පෙන්නලා නැහැ. අල්ල ගන්න කෙනෙක් නැතුව වැටුනා කියලා වාට්ටු දෙකේ අය කියනවා. ඒක අපි නතර වෙලා හිටපු 64 වාට්ටුවේ අයත් කියනවා, අද වෙන කොට මගේ දරුවා නැති වෙලා. දැන් රෝහලේ බලධාරීන් මට මගේ දරුවගේ පාංශුකූලේ දෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. අනුරාධපුර රෝහලේ මෝචරිය ළඟට වෙලා හිටියා මට ඒ දේ කරගන්න දෙන්නෙත් නැහැ. රෝහල් අධ්‍යක්ෂ ළඟට මම ගියා. ඒ ගිහිල්ලත් මට ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මම කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා. අද වෙන කොට මගෙ දරුවට පාංශු කූලේ දෙන්නත් මට විදියක් නැහැ , පිටතට ගෙනි යන්න දෙන්නේ නැති නිසා තමයි මම පාංශුකූලේ දෙන්න ඉල්ලීමක් කරේ, අනිත් දරුවොන්ට පාංශු කූලය රෝහල තුල දෙනවා. ඊයේ පාංශු කූල දෙකක් තිබිලා තියෙනවා. ඇයි මට පාංශුකූලය දෙන්න අවස්ථාව දෙන්නේ නැත්තෙ. මගේ දරුවයි, මාත් එක්කයි මේ අයට තරහක් තියෙනවද? මම මීට ඉස්සර ඒ අය දැකලත් නැහැ. නමුත් මාත් එක්ක මොකද මේ තරම් තරහ, මට සාධාරණයක් කරන්න. මගේ දරුවාට සාධාරණයක් කරන්න මින් ඉදිරියට මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා, බලධාරීන් මේවා බලා ගන්න. අපි දරුවා ගැන කොයි තරම් නම් බලාපොරොත්තුවෙන්ද හිටියේ "
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙතරම් සිත කම්පා කරවන සිදුවීමක්ද? මේ අසරණ දෙමාපියන්ට කාගෙන්ද සාධාරණයක් ඉටුවන්නේ. මේ වගේ ඛේදනීය අතපසු වීම් වුණු, ජීවිත අහිමි වුණු ඉතිහාසය පුරාවට එකම සෞඛ්‍ය සංගමයක්වත් කට හෙල්ලුවාද? එක එක්කෙනාට එකඑක නිතී...!
ඔහේලා ගියේ රජයේ රෝහල් ක්ලිනික් වලට විතරයැ.පුද්ගලිකව දොස්තරලා හම්බවුනේ නැතෙයි
ඉකුත් දහතූන් වෙනි දින දහවල් වෙනතුරු එම රෝගී දරුවා විශේෂ ළදරු ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දින උදෑසන ""ගොස් ඇත". මෙම වක්‍ය නිවැරදි කරන්න.
ඉපදුන ගමන් වැටුනට ළමෙක් මැරෙන්නෙ නෑ... එහෙනම් කුණුගොඩට විසිකරලා දින ගානක් ගිය ළමයිනුත් පණ පිටින් හම්බෙන්නෙ....ළමෙක් ඇදෙන් වැටෙනවටත් වඩා ඉතා අමාරුව විදියට තමයි ඉපදෙනකොට අම්මගෙ ගර්භාෂයෙන් එන්නෙ....
සෞඛ්‍ය සේවයේ අය, දොස්තරගේ සිට කසල සෝධක දක්වා, කවුද තමන්ගේ කෙනෙක් වැරැදියි කිව්වේ.