IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ඇමැති ඉදිරියේ පොස්පේට් නිලධාරියට ගහන්න හදලා

(තිසර සමල්)

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද  (17) එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ එහි සේවකයකු ඇමැතිවරයා ඉදිරියේ දී විධායක නිලධාරියකුට පහර දීමට උත්සාහ කළේය.

රුපියල් ලක්ෂ ගණනක වංචා දූෂණ සිදුකරන බව කියමින් සහ ආයතනය විනාශ කරන බවට ​චෝදනා කරමින් එම සේවකයා විධායක නිලධාරියාට පහරදීමට තැත් කළ අතර පොලිස් නිලධාරීහු මැදිහත් වී මහත් පරිශ්‍රමයකින් තත්වය පාලනය කළහ.

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවට පැමිණි අවස්ථාවේ සේවකයන් වංචා දූෂණ ආදිය පිළිබඳව ඇමැතිවරයාට ගතු කිව්ව අතර එහි දී සේවකයන් අතරේ දැඩි නොසන්සුන්තාවක් ද හට ගැනිණි.

ආයතනයට අවශ්‍ය නොවන ඇඹරුම් යන්ත්‍ර අමතර කොටස් ගෙන්වීමෙන් රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුවී ඇති බවද එම අමතර කොටස් භාවිත කළ නොහැකි බව ද සේවකයෝ ඇමැතිවරයා හමුවේ පැවසූහ.

අමතර කොටස් ඇණවුම් කළ නිලධාරියා වන සැපයුම් නිලධාරියා එම ස්ථානයේ සිටි අතර සේවකයෙක් ඔහුට චෝදනා කරමින් සහ බැණ වදිමින් පහර දුන් අතර පහර කෑමෙන් ඔහුගේ කමීසය ද ඉරී ගොස් තිබෙනු දැක ගත හැකි විය.

මේකට චීනයට සම්පූර්ණයෙන් ගෙවලා ගෙනත් තියෙන්නේ, ඒ අයට ගෙනියන්න කිව්වට ගෙනි යන්නේ නෑ යැයි එහි දී පොස්පේට් සමාගමේ සභාපතිවරිය වන සන්ධ්‍යා අඹන්වල මහත්මිය අමාත්‍යවරයාට පැවසුවාය.

එවිට ඇමැතිවරයා කියා සිටියේ නිකං බබා වෙන්න එපා. මේ මිනිහගේ වැඩ තහනම් කරලා දාන්න. මෙතෙන්ට ඒ.එස්.පී ගෙන ආවේත්, ඕ.අයි.සී ගෙන ආවේත්, ගැහුවොත් මුං ගහලා එළවන්න. මං ඩී.අයි.ජීටත් එන්න කිව්වා, මුංගේ පැමිණිල්ලක්වත් භාර ගන්න එපා. පට්ට හොරු 04 දෙනෙක් ඉන්නවා මේකේ. මේක හයි කරන්න බෑ' කියනවා නම් ඉංජිනේරුවා, මේ තමුන්ගේ අම්මා - අප්පාගේ බූදලයක් නෙමෙයිනේ ලක්ෂ 50 ක්. මේක දීලා ආපහු සල්ලි අරන් දෙන්න. පර්චස් කළේ ඔයා නේ.

එහිදී සැපයුම් නිලධාරීවර කියා සිටියේ, ටෙන්ඩර් මණ්ඩලයේ තීරණයට අනුවයි මම මේ මිලදී ගැනීම සිදු කළේ යනුවෙනි.

එහිදී සේවකයන් පිරිසක් කියා සිටියේ ‘ආයතනයේ අල්පෙනෙත්තේ ඉඳන් හොරා කාලා ඉන්නේ’ යනුවෙනි.

අමාත්‍යවරයා - සභාපතිවරු, ඇමතිවරු, ටෙන්ඩර් මණ්ඩලය මාරු වෙනවා, මේ ආයතනය තමුන්නාන්සේලාගේ, අපේ නෙමෙයි, ඔයා කවුද කියලා මේ ආයතනය දන්නවා. තමුසේට විරුද්ධව සී.අයි.ඩීයට පැමිණිලි කරලා තියෙන්නේ, අල්ලස් එකට පැමිණිලි කරලා තියෙන්නේ. මුංගේ ගෙවල්වල ගිහින් පරීක්ෂා කරන්න ඕන, අනං මනං ටෝක් දාන්න එපා මෙතන මීඩියා ඉන්න නිසා. කන පැලෙන්න එකක් ගහනවා, මිනිස්සු හිටියත්, නිලධාරියෙක් වුණාම හොරකම් කරන්න පුළුවන් ලැජ්ජා වෙන්න බෑ,

සැපයුම් නිලධාරියා - ඇමතිතුමා නෙමෙයි කවුරු කීවත් මම මේ ආයතනයෙන් සත පහක්වත් වංචා කරලා නෑ, පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න.

ඔප්පු කරන්න හොරකම් කරනවාද මේ රටේ මිනිස්සු ? යැයි ඇමැතිවරයා එහි දී උස්හඩින් පැවසීය.

අනතුරුව ආයතනයට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර බව කියන බෑග් තොගයක් අසලට ගිය ඇමැතිවරයා මේ බෑග් කන්නද? යැයි අදාළ නිලධාරීයාගෙන් විමසා සිටියේ. මේ සතියේම මෙයාගේ වැඩ තහනම් කරලා මෙයා යවන්න. එකක් බෑග්, එකක් අර ගියර් බොක්ස් එක. මේකේ ගේට්ටු ගානේ ඇවිල්ලා, පැමිණිලි දැම්මොත් ඒ.එස්.පී මහත්තයා බලා ගන්න. සේවකයෝ ගහලා එළවයි. යන්නම තමයි මේ කියන්නේ. තව තුන් දෙනෙක් ඉන්නවා.

 



අදහස් (16)

ඇමැති ඉදිරියේ පොස්පේට් නිලධාරියට ගහන්න හදලා

Janaka Tuesday, 18 July 2023 02:04 AM

මේක TV එකේදී ද දැක්කා .ගොං ශෝ එකක් . නිලධාරීන් වැරදි නම් ඊට නිසිපරිදි පිලිගත් ක්‍රම වේදයක් අනුව කඩිනමින් ක්‍රියා කරන්න ඕන. කිසිදු ප්‍රශ්නයක් නැහැ . මෙතැන ඇමති ගේ නූගත් හැසිරීම ගන්න දෙයක් නැහැ . මේකාගේ පාර්ලිමේන්තු සීට් එකවටේ සිටින්නන්ට ජනතාව කරන චෝදනාවත් ඕකම තමා . මේවා ජන අවධානය වෙනත් පැතිවලට යොමු කරන ගේම්.

:       0       8

ravin Tuesday, 18 July 2023 04:18 AM

නිලධාරිනී ,යන්න පොලිසියට පැමිණිල්ල භාරගන්න බැහැ කිවුවොත් යන්න ඒ එස් පී කාර්යාලයට .එතනත් බැහැ කිවුවොත් ඩී අයි ජී කාර්යාලයට .එතනත් බැහැ කිවුවොත් මානව හිමිකම් ,ජිනීවා ....එක්කෝ පාදඩ දේශපාලුවා නැතිනම් රටේ ව්‍යවස්ථාව

:       0       5

Demuni de Silva Tuesday, 18 July 2023 05:01 AM

නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායකයට ඇතුල්වන්නන් සඳහා අවම අධ්‍යාපන සුදුසුකම් නිර්වචනය කරන ලෙස අපි නැවතත් අවධාරණය කරමු!

:       0       4

Sharm Tuesday, 18 July 2023 05:19 AM

මේ රටේ මිනිස්සු ඔප්පු කරන්න පුළුවන් විදියට හොරකම් කරනවද? දිව බොරු කියන්නෑ... සුපිරි හොඳේ... ඡන්ද ටික ගොඩ දාගන්න පොඩි රංගනයක් දැම්මට ... උගත් කමේ තරම තමයි පෙන්නුවෙ.. මේ ආයතනයක අක්‍රමිකතා ගැන විභාග කරන හැටි?? බදුල්ලෙ ජනතාවනි.. මේ ඔයාලගෙ මනාපය තමයි..

:       0       5

geeth Tuesday, 18 July 2023 05:51 AM

කෝච්චියෙ වඩේ විකුණපු එක්කෙනාගෙ තවත් නාටකයක්. මේ අයට රැවටෙන අයත් තාම ඉන්නවනෙ

:       0       8

රණසිංහ Tuesday, 18 July 2023 06:04 AM

ටෙන්ඩර් මණ්ඩලය මැදිහත් වෙන්නෙ මිල ගණන් කැදවූවාට පස්සෙ .එයට මුලින්ම සැපයුම් නිළධාරින් හොද හොද වැඩ කරනවා කියලා නොදන්නෙ කවුද වැඩ තහනම් කල පමණින්ම දූෂණ අඩුවෙන්නෙ නැහැ අලාභය අයකර ගැනීමට කටයුතු කරන්න ඕන ඇත්තටම සැපයුම් නිළධාරින් සදහා බදවා ගැනීම කරද්දී ප්‍රමාණවත් ඇපයක් ගතහොත් ඔහොම ප්‍රශ්න ඇතිවෙනවා අඩුයි

:       4       4

Dulsara Tuesday, 18 July 2023 06:07 AM

මේ වගේ මී හරක් ඉන්නකම් රට ගොඩ යනවා බොරු. මේ මනුස්සයා බදුල්ලේ දොස්තරලත් එක්ක ඇරගන්න ගිහිල්ලා හොදටම ඇන ගත්තා. චන්ද බාවිතා කරන අය මෝඩයන් බත් ගොට්ටන් වූ කල මෙවැන්නන් බිහි වේ.

:       0       9

සල්ලි Tuesday, 18 July 2023 06:59 AM

දෙමළ චිත්‍රපටය වගේ. කඩු විතරයි අඩු. ඔය සුදු ඇදගත්තු එවුන් වැරදි වහගන්න පට්ට ට්‍රයි මේ දවස් වල.

:       1       7

රටවැසියෙක් Tuesday, 18 July 2023 07:26 AM

හොරුන්ට විරුද්ධව නැගීසිටි එප්පාවල පොස්පේට් සමාගමේ සේවකටන්ට අපගේ ගෞරවය. අනිත් ආයතන වලත් මේ වගේ කොන්ද පණ තියෙන, කෙලින් කතාකරන සේවකයෝ ඉන්නවනම් ගොඩක් දුර‍ට මේ රටේ හොරකම් අඩු කරගන්න පුළුවන්.

:       3       3

NilaDil Tuesday, 18 July 2023 08:02 AM

මේ වාගේ බූරුවෝ ඇමතිවරු කරලා රට හදන්න පුලුවන් වෙයි ද? මුං තාම ඉන්නවා කියන්නේ ර වි ත් ‌අසාර්ථකයි කියන එක. එන්න බලාගෙන ඉන්න ජවිපෙ ටේ එකත් මීට නොදෙවෙනි නෑ. සජබත් එහෙමමයි. අපි කුමක් කරමු ද?

:       1       5

Perera Tuesday, 18 July 2023 08:42 AM

කඳයි බඩයි විතරක් තියන මේ වගේ හරක් ඇමතිවරු එක්ක රටක් මෙහෙම තියන එකත් ලොකු දෙයක්.

:       0       5

Nimal Tuesday, 18 July 2023 08:48 AM

හොඳ ආරම්භයක් ,හොර නිලධාරීන්ටයි ,හොර දේශපාලුවන්ටයි ජනතාව එක් වෙලා පහර දිය යුතුයි .නැතිනම් මේ රට හදන්න බැහැ

:       2       3

Rukmal Tuesday, 18 July 2023 09:16 AM

බත් කන හරකෙක් ඇමති වෙලා, නූගත් වඩේ විකණපු පහවත් පාස් නැති අමනයා... වංචාවක් තියෙනවනම් අයින් කරන්න ක්‍රම තියෙනවා ...

:       1       18

මුදිත් Tuesday, 18 July 2023 09:24 AM

මේ ඇමති මොන තරම් නුගත්ද . රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සංකීර්ණයි. එකේ ඔය කියන නිලධාරියට තියෙන්න එක් කාර්යක් පමනයි. එයාට උඩින් තාක්ෂණික කමිටුවක් තියෙන්න ඕනේ පිළිවිතරයන් සකස් කරන්න. ඔය නිලධාරියට පුළුවන් ඒ කමිටුව නිර්දේශ කරන පිලිවිතර අනුව බඩු ගෙන්වන එක විතරයි.පිලිවිතර ගැන වගවීම තියෙන්නේ තාක්ෂණික කාමිටුවට. ඇමති ඒ ගැන වචනයක්වත් කථා කරන්නේ නැහැ . මේක මේ ඇමතිගේ තවත් රඟපෑමක් විතරයි.

:       1       15

නිහාල් Tuesday, 18 July 2023 11:03 AM

මේ වගේ අය පාර්ලිමේන්තුවට එවන ඡන්ද දායකයා මොන තරම් නූගතෙක් ද?

:       1       12

රහුමාන් Tuesday, 18 July 2023 12:27 PM

ආයේ එහෙම වෙන්නේ නෑ. දැන් චන්ද දායකයෝ උගත්. බුද්ධිමත් පිරිසක් මීළඟ චන්දෙන් පාර්ලිමේන්තුව පුරවන් තමයි චන්දයක් ඉල්ලනේ කොහේද ඒවා තියන්නේ නැනේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1400 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site