
(නිමල කොඩිතුවක්කු)
ආබාධවලට ලක්වන දිවියන් ඇතුලු වනජීවීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදය විසින් උඩවලව සත්ත්ව රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
අවස්ථාවට උචිත ලෙස වෙනස් කළ හැකි අංගෝපාංග වලින් සමන්විතව මෙම කූඩුව නිෂ්පාදනය කර තිබිම විශේෂත්වයකි.
සත්වයාගේ ප්‍රමාණය අනුව මෙම කූඩුව වෙනස් කිරීමෙන් ඕනෑම වනජීවියෙකුට පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකිවන අතර එවැනි පහසුකම් වලින් යුතු කූඩුවක් වනජිවි දෙපාර්තමේන්තුවට ලැබුණු පළමු අවස්ථාව මෙය බවද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවැනි පහසුකම් වලින් සමන්විත කූඩුවක් මෙතෙක් නොතිබීම හේතුවෙන් වනසතුන්ට ප්‍රතිකාර කිරීම අසීරු වී තිබූ බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදය විසින් මෙම කූඩුව නිර්මාණය කර තිබේ.
ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදයේ සභාපති දක්ෂිණ පලිහවඩන මහතා විසින් වෛද්‍ය මාලක අබේවර්ධන මහතා වෙත මෙම කූඩුව ප්‍රදානය කළ අයුරු ජායාරූපයේ දැක්වේ.
(ඡායාරූප සහ වීඩියෝ - නිමල කොඩිතුවක්කු)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා අගය කළයුතු ක්‍රියාවක්.., අනතුරුවලට ලක්වන සතුන් හැසිරවීම පිළිබඳව අන්තර්ජාතික පුහුණුවක් සහ සතුන් හැසිරවීමේදී සහ ප්‍රතිකාර කිරීමේදී යොදාගන්න මෙවලම් (glows, boots) එම නිලධාරීන්ට ලබාදී මෙම කූඩුව වෙත රැගෙන ඒමේදී එම සත්වයාට සිදුවන හානිය සහ එම නිලධාරීන්ට වන හානිය වළක්වා ගත හැකිය. ප්‍රතිකාර කොට සත්වයා කැලයට මුදා හැරීමේදී කරපටියක් දැමීම කළයුතුවේ.
කූඩුව කොහොම වුණත් සතා මැරෙනවනේ මල්ලී.. ඉතිං මොන එහෙකටද ජාත්‍යන්තර කුඩු...!!
හොඳ අදහසක්, උතුම්ම පරිත්‍යාගයක්. ඩී.එස් සේනානායක විදුහලේ සියලුදෙනාටම ස්තුතියි. ප්‍රමාදවී හෝ මෙවන් පහසුකම ඇති විශාල කූඩුවක් සාදාගැනීමට බලධාරීන් හට සිතක් පහලවෙන්න. අහිංසක සතුන් කීදෙනෙක් දිවිපුදන්න ඇතිද...? ඒ සතුන් ගැන මතක් කරන්න අකමැති වුණත්.. අප දාලාගිය කළු කොටි මිතුරාගේ මුහුණ අමතක කරන්නේ කොහොමද? මට මෙහෙමනම් ඒ සතාව බේරාගැනීමට පුදුම උත්සාහයක් ගත්ත අපේ දොස්තර මාලක අබේවර්ධන මහත්මයාට මොනතරම් දුකක්, වේදනාවක් ඇතිද ඒ සත්වයා ගැන...? කූඩුව සැදීමට දායකවුණු සියලුදෙනාටම පින්. ගොඩක් පින්..!!!
කූඩුව තිබ්බට මදි.., සත්තුන්ට වෙදකම් කරන්න දන්නා විදේශීය වෛද්‍ය කණ්ඩායමකුත් ගෙන්න ගන්න...
කඳුකරයේ, වතුකරයේ මිනිස්සු සංවිධානාත්මකව දිවියෝ මරනවා; මේ මෑතකදී 7 දෙනෙක් මරලා දාලා තිබුණා කළු පැන්තර් දිවියා ඇතුළුව, අප දැනුවත්ව. ඒ ගැන කිසි කෙනෙක් හඬක් නගන්නේ නැහැ. ආණ්ඩුවත් නිහඬයි. දිවියෝ ටික වඳ වුණොත් වඳ වුණාමයි.
එහෙමනම් කොටියාව වලිගෙන් ඇදලා කකුලෙන් ඇදලා කූඩුවට දාන්න වෙන එකක් නැහැ. පොඩ්ඩක් මොලය පාවිච්චි කළානම් ජාත්‍යන්තර ප්‍රමිති ඕනේ නැහැ. අර කලුකොටියාව ගේන්න යනකොට පොඩි ලෑලී කෑල්ලක් අරගෙන ගියානම් කොටියාව ලැල්ල උඩින් තියලා කූඩුවට අගේට තල්ලු කරනවා.. වලිගෙන් කනෙන් අදින්නේ නැතිව.
ලැජ්ජා වෙන්න ඕනෑ මේ වගේ ඉතා සුළු යකඩ පට්ටං නිර්මාණයක්වත් කර ගන්න බැරි රටක්.