(රංජිත් රාජපක්‍ෂ )
ආප්ප න්‍යාය අනුගමනය කරමින් අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍රවරුන්ට පවසන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය.
මේ දිනවල එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන්ට විවිධ තනතුරු ලබා දෙමින් සල්ලි බෙදා දීමක් සිදු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල ශ‍්‍රවනාගාරයේ දී අද (23) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
‘පුංචි ඡන්දයෙන් රටේ 71% ක් වු රටේ ජනතාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර තියෙනවා. මේ දිනවල අග‍්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගැනිමේ ලිපියක් අත්සන් ගනිමින් පවතිනවා.
ඒ සඳහා පක්ෂයේ තනතුරු සහ සල්ලි මිටි ගණන් මන්ති‍්‍රවරුන්ට ලබා දෙනවා. ඒ දෙන දේවල් අරගෙන 4 වැනි දා රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පැවත්වෙන විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමේදී ආප්ප න්‍යාය අනුගමනය කරමින් ඡන්දය පාවිචිචි කරන ලෙස මම එක්සත් ජාතික පාක්ෂිකයෙන්ගෙන් ඉල්ලනවා.‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 100 ගානේ ගත්තානම් හොඳයිද.?
මෙයා රඟපාන කෝටිපතියෝ එකේ චරිතයට මන් හරි අාසයි.............
ඊට වඩා හොඳ නැද්ද බ්‍රයන් සෙඩ්‍රික් නියාය...
ආප්ප න්‍යායටත් වැදගත් කමක් දියයුතුයි හිටන්..
ඉතින් ආප්ප න්‍යායේ නිර්මාතෘත් ඕකට අත්සන් දාලා නැහැ නේද?
මෙයත් 2015 ජනදිපතිවරණයේ ආප්ප දෙපාරක්ම කෑවා
දැන් ඕනෑ තරමටත් වඩා ඡන්ද තියෙනවා කිව්වේ විශ්වාස භංගය දිනන්න. ඉතින් මොකටද එජාප මන්ත්‍රීලාට බාල්දුවෙන්න ඡන්දෙ දෙන්න කියලා.
මෙයාට රජයේ පාසලක දේශනා පවත්වන්න අවසර දුන්නේ කව්ද කියල හොයලා බැලුවොත් හොඳයි.
අනේ මේ හැකර කටට අර ඕස්ට්‍රේලියාවේ සුද්දා ලවා හොද ප්ලාස්ටරයක් දාන්න බැරිද?
මේයානම් තණකොළ කන කකුල් දෙකේ උම්බැ කියන්නෙක් ..........
මෙයා ආප්ප කෑවේ ඉස්සර, දැන් සල්ලි තියෙනවා.. කොහෙන්දෝ හම්බවෙලා, හැබැයි කන්නේ නම් අසුචි වගේ...
මේක නිකම් කුලියට කියවනවා වගේ වැඩක් ...
ඊට වඩා නරකද ඇටෝර්නි බලපත් නියාය...? මන් හිතන්නේ ඒක දන්නා දේනේ. ඒක හොඳයි.
ආප්ප නියායෙන් ඡන්දය දෙන්න ඕනේ කාටද? කවුද?
මෙව්වද මේ අපේ රට හදන්න කරන වාද.. විවාද? මේවගේ පුද්ගලයින් නිසා තමයි අපේ රටට ඉදිරියට යන්න බැරිවෙලා තියෙන්නේ...
පොහොට්ටුවන්ගේ කුලීකාරයෙක් !!!
ආප්පයක් කෑවා කියලා රටක් පාවා දෙන්න ඕනෑ කියලද මෙයා හිතන්නේ?
මේකත් අනිතිමට සල්ලි කුට්ටියකට අන්තිමට ආප්ප කාවි වගේ