
(අංජුල මහික වීරරත්න)
අනුර, සජිත්, මෛත්‍රී යන තිදෙනාම එක වල්ලේ පොල් බවත් ඉතිහාසයේ කිසි විටෙක සමත් නොවූ මෙම තිදෙනාගෙන් එක් අයෙකුටවත් අරගලයේ යෙදෙන ජනතාව කැමති නැති බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
පිහිටුවන බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවේ සජිත් අගමැති කිරීමට අනුර සහ මෛත්‍රි කැමතිද, අනුර අගමැති කිරීමට සජිත් සහ මෛත්‍රී කැමතිද හෝ මෛත්‍රි අගමැති කිරීමට සජිත් සහ අනුර කැමතිද යන්න ඔවුන් තිදෙනා හෙළි කළ යුතු බව ද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා කීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමට මෙම 9 වැනිදා පාරට බහින බව කියන මේ කණ්ඩායම එසේ හදන ආණ්ඩුවේ අගමැති කවුරුන්දැයි ජනතාවට කිව යුතු බවයි.
එසේම එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ වැඩ පිළිවෙල කුමක්දැයි ඔවුන් රටට හෙළි කළ යුතු බව කී එජාප මහලේකම්වරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙල වනුයේ මුලින්ම ආර්ථිකය ගොඩ ගෙන ඉන් පසු සියළු දෙනාගේ කැමැත්තෙන් දේශපාලන ප්‍රශ්නය විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ වැඩපිළිවෙල සකස් කිරීම බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා පාස්ද?
ඒක තමයි මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 3ක් වත් ගන්න බැරුව ගිහින් යන්තම් ජාතික ලැයිස්තුවෙන් එකක් බේරුණේ...
එතකොට සමත් kකවුද ? ඔයාගෙ සර් සහ අනිත් සාර් ද?
මෙයත් ඉන්නේ කුරුවල් වෙච්චි වල්ලක...
සමගි ජන බලවේගය ආසන 54, රනිල් 1 ( ඒකත් ලැයිස්තුවෙන්) ඉතිහාසයේ කිසි විට සමත් නෑලු ජවිපෙ ආසන 3 .තමන්ගේ ආසනයහ් අහිමි රංග
එතකොට රනිල්? එයා පුහු පොල් වගේද?
ඒක ඇත්ත, මෙයා සමනලවල්ලේ පොල් ...
මේ ගොල්ලෝ පාපුවරුවේ එල්ලිලා පොල් වලු ගැන කියවනවා. යන්තම් අත අතෑරුණොත් බිමට ඇදගෙන වැටෙනවා.
අද සිරිකොත කියන්නේ සොහොන් බුමියක්.එක මහජන චන්දයකින් පත්නොවුණු,එක UNP මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ නැති රනිල්ගේ කපටි කමින් පස්ස දොරින් පාර්ලිමේන්තු රිංගගෙන මුළු රටම තව තව වලපල්ලට යවනවා.අමු මහා දවල් ගෑස් වලින් ගහපු ගැහිල්ල අපි TV නිවුස් වල දැක්ක.මිනිසුනේ මේ පාහරයන්ට මේ උතුම් රට විනාස කරන්න දුන්න කාලය දැන් ඇති.රට වනසමින් මේ ආණ්ඩුවය් රනිලුය් අද මේ රට කරන්නේ ජනතාව ලියා දුන්න බුදලයක් වගේ.අනේ අපේ රටට වෙච්ච දෙයක්.
දැන් ඔහේ කොයි වල්ලෙද? ඔයාගෙ එක හොඳට පරිස්සම් කරගන්නකෝ..!
එතකොට ෆේල් වූ සර් සහ රනිල් එක කරත්තයේද?
එක වල්ලේ පුහුපොල්...!