(ඩබ්ලිව්.ඒ.පියතිලක)
අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණ අවට විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් අද(15) බකමූණ නගරයේ විරෝධතාවයක නිරත වූහ.
විවිධ සංවිධානවල පිරිස් පැමිණ බකමූණ අවට බෞද්ධ ජනතාව වෙනත් ආගම්වලට හරවා ගැනීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන බව කියමින් ඔවුහ ඊට විරෝධය පළ කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි විරෝධතා කරාට කමක් නැ. නමුත් බෞද්ධ කොඩිය පෙරට ගෙන මෙවැනි දේවල් කරන්න එපා. ඊයේ මුස්ලිම් දරුවෙක් මහන වෙලා තිබුණා, නමුත් බෞද්ධ දරුවෙක් මුස්ලිම් වුනානම් අපේ බෞද්ධ කට්ටියගේ තරම බලාගන්න තිබුණා ,
බෞද්ධයා කියන්නෙ බුද්ධිමත් කියන එකලු නේද? එහෙම වෙන ආගම්වලට හරවගන්න පුළුවන්ද එයාලව?
විය යුත්තේ, ආගම් වලට මාරු කරවීම නොව, මාරුවීමයි.
තමන්ගේ වාසියට ඕන දෙයක් කරන මිනිස්සු ඉන්න රටක, ආගම මාරු කරනවා කියන එක ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි. බෞද්ධයන්ව වෙනත් ආගම්වලට හරවාගන්න අයට නෙවෙයි... එක එක්කෙනාගේ කතා වලට රැවටිලා තම උපන් ආගම වෙනස් කරන බෞද්ධයන්ටයි විරෝධය දක්වන්න ඕනේ. අපේ රටේ මහා සංඝරත්නයටත් මේ සම්බන්ධව විශාල වගකීමක් තියෙනවා. බෞද්ධයින්ව ආගමට ලැදිව රඳවාගැනීම භික්ෂුන්වහන්සේලාගේ වගකීමක්....
ඉඳලා හිටලා මුස්ලිම් කෙනෙක් බෞද්ධ වෙන්නේ... වැඩි හරියක් තරුණ පිරිස තමයි මුස්ලිම් වෙන්නේ...
කොතරම් සිල්වත් වුවත් සැදැහැවත් වුවත් දුප්පත් බෞද්ධයන්ට අපේ සමහර පන්සල්වල තැනක් නැහැ.. කුඩු විකුණලා හරි පන්සලට ලොකු ගණනක් දෙනවා නම් අන්න ඒ වගේ අයට තමයි සමහර පන්සල් වල තැන තියෙන්නේ... මම මේ ගැන මගේ හිතවත් හාමුදුරුවරු කීපදෙනක් සමගම සාකච්ඡා කර තිබෙනවා. හාමුදුරුවරුන්ගේ ආකල්ප වෙනසක් ඇතිවිය යුතුයි.. දුප්පත් වුවත් සිල්වතුන්ට තැන දෙන්න.
බෞද්ධ ගැහැණු පහුගිය කාලේ මුස්ලිම් අය බැඳලා අාගමයි, ජාතියයි පාවලා දුන්නට, මොන අාගමකින් හරි බෞද්ධ ආගමට එන්නේ මහණ වෙන්නම බලාගෙන තමයි ..!!!
බෞද්ධයෝ වෙනත් ආගමකට යන්නේ දුප්පත් කම නිසා.. ආගම් ප්‍රචාරකයින්ගෙන් ලැබෙන සල්ලි සහ පහසුකම් ප්‍රතිලාභ ලබන්නයි. වෙනත් ආගමකින් බෞද්ධ වෙන්නේ ආර්ථික ප්‍රතිලාභ නිසා නොව එහි යම් හරයක් ඇති නිසයි. බෞද්ධවීමට කිසිවෙක් කිසිවෙකුට ප්‍රතිලාභයක් දී තිබේ යයි අසා තිබෙනවද?
මම දැක්ක ඊයේ පෙරේදා මුස්ලිම් දරුවෙක් මහණ වෙලා තිබුණා. ඒවාද මේ නවත්තන්න කියන්නේ? ඔළු විකාර වලින් පුරවා ගත්ත ජාතියක් විදිහට අපි නොදියුණු ජාතියක් වීම පුදුමයක් නොවෙයි. i.තමන්ට කැමති ආගමක් අදහන්න ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවා. එ්ක මුස්ලිම් අයෙක් බෞද්ධ වුණත් කමක් නැහැ. බෞද්ධ අයෙක් මුස්ලිම් වුණත් කමක් නැහැ.
කෙනෙකු වෙනත් ආගමකට යන්නේ තමා අදහන ආගමෙන් සහනයක් නොලැබුණාම ටිකක් සොයල බලන්න සමහර හාමුදුරුවරු බලාගෙන ඉන්නේ සැම කෙනෙකුම පන්සලට මොනවහරි දෙනකන් මම පසුගිය කාලෙක දැක්ක ඉතාම දිගුකලක් පන්සලේ දායක සභාවේ සභාපති හා ලේකම් වෙලා හිටපු මහත්මයෙක් මියගිය වෙලාවේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තියා පොඩි හාමුදුරු කෙනෙකුවත් අවමගුලට නොගිය බව එහෙම වෙනකොට වෙනත් ආගම වලට හැරවීම හරි පහසු වෙනවා පිකටින් කරලා මේවා නවත්වන්න බැහැ පන්සල්වල දායකයන්ගේ දුක සැප ගැනත් සොයා බලන්න
මම කතෝලික, එ්ත් මම දකින දෙයක් තමයි ඕනෑම කෙනෙක්ගේ ආගමික නිදහස විශේෂයෙන් නැති වෙන්නේ අපි ඉපදුණු ගමන්, මොකද අපි අදහන්නේ පොඩි කලේ ඉඳන් අපේ දෙමව්පියන් යොමුකරන ආගමට මිසක් අපි කැමති සහ තේරුම් ගත්ත අගමැති නෙමෙයි. එ් නිසා මම කියන්නේ කුඩා කාලේසිටම අපි පුරුදු කරන්න ඕනේ ඔය කැමති ආගමක් අදහන්න. එ්ත් වාසියට අාගම මාරු කරන්න එපා කියලා. ඒ වගේම අපි එ්කට සහයෝගය දෙන්න ඕනෑ.
අහන්න දෙයක්ද? අවුරුදු 8 ගැහැණු දරුවෙක් හීනෙන් දැකල ඒ ළමයව සොයාගෙන ගොස් එයාව 10 වෙනි බිරිඳ කර ගත් කෙනෙක් ආගමක් දේශනා කරන්නෙක් පසුපස යන්නෝ පල් මෝඩයෝ නොවෙයිද? එයා ගැහැණු 11 බැන්ඳ නිසාත්, අවුරුදු 8 ගැහැණු දරුවෙක් කසාද බැන්ඳ නිසාත්, අපේ ආගමික නායකයා කළා එ්නිසා අපිත් ඒ ක්‍රමය අනුගමනය කරවා කියා ඔබලා කියනවා. බැරිවෙලා එහෙම ඔබලාගේ ආගමික නායකයා මේ ඔහුගේ මව විවහා කරගත්තා නම් ඔබලාත් ඒ ටික කරන තරම් පල් මෝඩයෝ නේද?
කොහොම උනත් විශේෂයෙන් මුස්ලිම් අය වැඩිවීම යුරෝපයටත් ප්‍රශ්නයක් බව ඒ රටවල නායකයින් ම කියනවා.
අපේ රටේ මහණ උදවියවත් පන්සිල් පද රකින්නේ නැතිබව ...ඔය වෙනත් ආගම්වලට යන අය හොඳින්ම දන්නවා... ඔය නිකන් ජාතිවාද අවුස්සන සෙට් එකක විරෝධතාවයක් වෙන්න ඇති ....
හරි අපි හිතමු, යම් අල්ලසක් දීලා ආගමකින් තවත් ආගමකට හරවනවා කියලා. ඒත් මේ උද්ඝෝෂණයෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? එහෙම සාක්ෂියක් තියෙනවා නම් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න තිබුණා, අල්ලස් ගන්නවා හා දෙනවා කියලා. ඒත් ඕනම කෙනෙකුට ඕනම ආගමක් බලෙන් අදහන්න බෑනේ. යමෙක් තමන්ගේ ආගම මාරු කරනවා නම් ඒ තමන් මෙච්චර කාලයක් අදහපු ආගම හරියට ඇදහුවද කියලා ගැටළුවක් තියෙනවා. මේක හරියට තමන්ගේ ළමයා යමෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියාගෙන යන කොට දෙමව්පියො ටවුම මැද්දේ පිකට් කරනවා වගේ වැඩක්.
රටේ බැහැපු ආගමකින් මනුෂ්‍යයින්ට පලක් නැතිනම්, තම ජීවිතය යහමගට ගෙනයාමට පලක් නැති ආගමෙන් පිටතට යාමේ ඇති වරද කුමක්ද?
මේ වාර්තාවේ සිද්ධියෙන් භාගයයි දාලා තියෙන්නේ. කවුද අන්‍යාගමිකකරණය කරන්නේ කියන එක පත්තරේ දාලා නැහැ කපටි කමට. මේ වැඩේ කරන්නේ ඉවැන්ජලික ක්‍රිස්තියානුවන්. ඒවා කරන්නේ සල්ලි දීලා මිනිස්සු රවට්ටලා. ඒක නිසා කමෙන්ට් ලියපු බහුතරය ලියල තියෙන්නෙ විකාර. අවබෝධයෙන් යුතුව යමෙක් ආගම වෙනස් කිරීම පිළිබඳව නෙවෙයි ප්‍රශ්නේ. පාන් පිටි, ටකරන්, වතුර බෙදන්න ඇවිත් වංචාවෙන් මිනිසුන් රවටල කරන වැඩේටයි මේ විරුද්ධත්වය. බෞද්ධ කොඩිය නැතුව මේවට පල්ලියේ කොඩියද ගේන්නේ. දුප්පත් මිනිස්සු රවටල ආගම වෙනස් කරවීම ගැනයි ප්‍රශ්නය. මුස්ලිම් සංස්කෘතියට වෙන ආගමක කෙනෙකුට ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ. මෙහෙම රවට්ටන්නේ හින්දු හා බෞද්ධ අයයි. ඒකට හේතුව එම ආගම් දෙකෙහි තියෙන ඉවසීම. හොඳම දේ තමයි එහෙම එය අහුවුණු ගමන් ගහල පැන්නීමයි. ආගමික නිදහස දෙන්න ඕනි ඒ නිදහස නැති නොකරන අයට විතරයි. හාමුදුරුවරු හෝ කුරක්කල්වරු අනිත් අය ආගමට හරවන්න කිසිම දෙයක් කලා කියලා කිසි වාර්තාවක් නැහැ. මේක කරන්නේ කතෝලික අයත් නෙවෙයි. අන්තගාමි ක්‍රිස්තියන් හා මුස්ලිම් කණඩායම් විතරයි. දුටු තැන පහර දීලා පන්නන එකයි එකම විසඳුම...
බෞද්ධ අයිතීන්ට එරෙහි නොවව්...... අත නොතබව්.... කියන කාලයක් ඇවිත් ...... විවාහයන් තුළද සුක්ෂම ලෙස අනෙකුත් ආගම වලට හරවා ගන්නවා මා ඇතුළු ගුවන් තොටේ වැඩකරපු 27 දෙනෙක් පමණ මේ උවදුරට පත් උනා අනෙකුත් අයට වෙනත් ආගම ඇදහීම විශාල පාපයක් ලෙස ඉගැන් වෙනවා
පෝසත් බෞද්ධ අය උදව් කරනවත් මදි.ලොකු අදායම් ලබන පන්සල් 10% වත් දිළිඳු පන්සල් වලටත් දිළිඳු ජනතාවටත් උදව් කල යුතුයි.ව්‍යාපාරිකයින් තමාම ගැන නොසිතා දිළිඳු බෞධය්යින් කුඩා ව්‍යාපාරිකයින් නාග සිටුවිය යුතුයි.බොහෝ දිළිඳු බෞද්ධයින් වෙන ආගම් වලට හැරෙන්නේ දුප්පත් කම නිසයි.පන්සල් හරහා උදව් කරනවානම් කිසිවෙක් හැරෙන්නේ නැහැ.
පෝයටවත් පන්සල් යන්නේ නැති අය තමන්ගේ දරුවාව දහම් පාසල් යවන්නේ නැති අය, මිනිහෙක්ට වතුර උගුරක් දෙන්න කලින් උගේ කුලේ හොයන අය , බදිනකොට ගෑනිගේ විතරක් පිරිසුදු කම පලන අය ,ශිෂ්ටාචාර සහ සංස්කෘතිය ගන කියනව. ඉසෙල්ලා ඒවා හද ගන්න.එතකොට නිකන්ම සංස්කෘතිය ආරක්ෂා වෙයි.
බෞද්ධ ආගමිකයින් වෙනත් ආගම්වලට හරවන්න තරම් ඔවුන් මෝඩ නෑ. හැබැයි ඔය පෙලපාලි යන අයගේ දැහැමිකම ඔවුන්ගේ හැසිරිමෙන් පේනවා... බුදු බණ තියා යහපත අයහපත වත් දන්නේ නෑ ඔවුන් ...
මේ බයිබල් කරුවන්ගෙන් වැඩිපුරම තර්ජනය තියෙන්නේ මුලින්ම ගම්වල ඉන්න බෞද්ධ මිනිස්සුන්ට... ඉන්පසුව සම්ප්‍රදායික පල්ලි යන කිතුනුවන්ට. මුස්ලිම්වරුන්ට තර්ජනයක් ඇත්තෙම නැත. දැන් පල්ලිවලත් ඔලු ගෙඩි ගාණ අඩුවෙනකොට අපේ කාදිනල්තුමාටත් තරු පෙනිලා ඉන්නේ. මේක දැන් ලංකාවේ වසංගතයක්. එජාප ආණ්ඩුවේත් ඉන්නවා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් ජාතික ඇඳුම අඳින... ඔහු මේ නිකායේ ලංකාවේ ඉන්න ප්‍රබලයෙක්. මේ ඔක්කොම අන්ධ භක්තිකයෝ. ලෙඩ රෝගවලට බෙහෙත් ගන්න දෙන්නෙත් නැහැ. හැම දේකටම දෙවියන් වහන්සේව මාකට් කරනවා. " කන්න දෙනව නම්... අපිට බොන්න දෙනව නම්... මොන කෙන් ගෙඩියද තව ඕනේ කියන්නේ"
ආගම ගැන කතා කරන මේ කවුරු හරි දන්නවනම් මට කියල දෙන්න ඒකේ තේරුම.. සිත් ඇත්තෝ සිතත්වා ඇස් ඇත්තෝ දකිත්වා. මේ මිනිස්සු කියන කරන දේවල්... තමන් අදහන ආගම තමන් අදහන්න මොන ආගමෙන් හරි තම ආත්මය ගලව ගන්න. ආත්මිකව හිතන්න... මේ වගේ මෝඩ වැඩ කරන්න එපා..මේ ලෝකේ හැමදාටම පවතින් නැ.. මේ අහසත් පොළවත් දෙවියෝ මොන ආගමකටවත් මොන ජාතියකටවත් බෙදල දුන්නේ නැ. මනුස්සයට දුන්නේ .අපි හැමෝම මිනිස්සු...