(ළහිරු හර්ෂණ)
උද්ඝෝෂණයක් පැවැත්වී යැයි අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනා මාර්තු 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග මහත්මිය අද (1) නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි සහ තවත් හිමිනමක් අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගැණිනි.
විශ්ව විද්‍යාල සිසුන් අද (1) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියම කළාය.



( ඡායාරූප - ලහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දියව් දියව්" කියනා සුබ මන්ත්‍රණය උපන්දා සිට ජපකරන මෙම නූගතුන්ට නිසි දඬුවම් ලබාදී අපගේ රටේ අනාගත පරපුරට හොඳින් ඉගෙනීමේ කටයුතු හමාරකරගෙන රටට වැඩදායි පුරවැසියන් ලෙස තමන් උපන් මව්බිමට සේවය කිරීමට හැකිවේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි. එබැවින් මොවුන්ගේ ශිෂ්‍යභාවය "සදහටම අවලංගු කර අසාදුලේඛනයට නම්ගම් ඇතුළත් කර කිසිඳු රජයේ ආයතනයකට පිරිසිදු කිරීමේ රැකියාවක් වත් ලබාගැනීමට නොහැකි ලෙස සමාජයෙන්ම සදහටම අතුගා දැමිය යුතුය. අප අවංකවම කණගාටු වෙනවා... මොවුන්ගේ අහිංසක දෙමාපියන් පිළිබඳව.. උපන් රටටත් වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති මෙවැනි මුර්ගයන් මෙලොවට බිහිකිරීම පිළිබඳව ඒ ඒ දෙමාපියන් කණගාටු වෙනවා ඇත.
"කුල දරුවන් 100ක් සසුන්ගත කිරීමේ මහා පිංකම" දැන් ඒ පින් වැඩවල ප්‍රතිඵල දෝරේ ගලනවා. සාදු... සාදු...
බුද්ධාගමට නිග්‍රහ නොකර, කරුණාකර දේශපාලනය කරන්න ඕනෑ නම් සිවුර අතහැර කරන දේශපාලනයක් කරගන්න. අන්‍යාගමික පූජකවරු ලංකාවේ මෙහෙම දේවල් නොකරති. හාමුදුරුවරුන් උසස් අධ්‍යාපනය සඳහා වෙනමම පිරිවෙන්වලට යවන්න. ගිහියන් සමග මෙහෙම විශ්වවිද්‍යාල වල එකට ඉගෙන ගන්න කොට අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා.
මෙතන කමෙන්ට් දාන කවුරුවත් මේ ළමයින්ගේ ගැටළු මොනවද කියලා දන්නවද? තමන්ට තමන්ගේ දූ දරුවන්ට විශ්ව විද්‍යාලයකට යන්න වරම් නැති වුණාට කුහකවෙන්න එපා. මේ දරුවන් අරගල කරන්නේ උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යාමට නොහැකි සියලු දෙනාට සරසවි වරම් හිමිකර දීමට... අන්තරය ප්‍රමුඛ ශිෂ්‍ය සංවිධාන අරගල නොකරන්න.. මේ රටේ පාලකයින් මෙලහකටත් නිදහස් අධ්‍යාපනය වලලා දමලා. ගම්වල අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකර ගැනීමට ඇති එකම මග නිදහස් අධ්‍යාපනයයි.
පිටිපස්සෙන් ඉඳන් මෙයාලව කුලප්පු කරන සෙට් එකගේ සද්දයක්වත් නැහැනේ. ජෙප්පන් නිදිවැදිලා වත්ද?
ඇමරිකාවේ 54 කගේ ශිෂ්‍යභාවය අහෝසි කරලලු.
හපොයි මේ අන්තරේ අය කරපු අරගල හින්දම තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකුණේ. මේ අය කරපු අරගලේ තමයි හැමදාම පුළුවන් තරම් කලක් විශ්ව විද්‍යාල වහලා තියන එක. මේ අයට කඩේයන එක හාල්පාරුවෙකුට පුලුවන්ද පෙන්නන්න මේ නිදහස් අධ්‍යාපනයට කරපු එක සේවයක් ?
ඔය අන්තරේ කැඳවුම්කරු කියල හාමුදුරු නමක් පත්කරගත්තේ කුමටද ? වෙන ගිහියෝ නැතිද ? මේවා බුදු දහමට නිග්‍රහ කිරීමට කොමියුනිස්ට් කාරයෝ අටවන උගුල්.
මේ අය දේශපාලකයන්ගෙන් යැපෙන කොටසක්.මේ අයට නැවත විශ්ව විද්‍යාල භූමියටඇතුළු නොවෙන විදිහට දඩුවම් දෙන්න ඕනේ. අනාගත පරම්පරාව විනාශ කරන අය මුළු සමාජයම හෙළා දකින්න ඕනේ.
කතා දෙකක් නැහැ.. යවන්න ඇතුළට අවුරුදු 10කට විතර... මෙලෙස දැඩි දඬුවම් දීමෙන්වත් මේ දහජරා ක්‍රමය පෙර තත්වයට ගෙනෙමු.
යහපාලන රජය මගින් බුද්ධ පුත්‍රයින්ට සිදුකරනා තාඩන පීඩන හෙළාදකිමු...
නිකම් පොලිසියේ, අධිකරණයේ කාලය නාස්ති නොකර මේ නරි රැලට වතුර ගහල එලවා දැම්මනම් ඉවරයි.
CCTVගැලවීමේ අරමුණ කුමක්ද? සිවුරු දරාගත් දෙන්නා ආගමට කරන නිග්‍රහය පටිසන් දෙනු ඇත. දායකයින් දුක් මහන්සියෙන් දෙන දානය සහ මුදල්වලින් ඉගෙන ගන්නා අතර මහජන දේපල විනාශ කරන්නටත් අයිතියක් තිබේද? කොණ්ඩය, රැවුල් වවාගෙන ඉන්න හැටියට නම් මහණකමේ ලක්ෂණ කිසිවක් නැති අශීලාචාර, ප්‍රචණ්ඩ බව පමණක් දිස්වේ. මේ දෙන්නා වහාම සිවුරු හැරිය යුතුයි.
මේ වීරෝදාර විශ්වවිද්‍යාල සිසුන් සහ අපේ හාමුදුරුවන්ව හිරගෙදරට සැපත් වනවිට නවක වදය දී පිළිගනියි කියා අප බලාපොරොත්තු වෙනවා.
බැලූ බැල්මට පෙනෙනවා අනුන්ට ඉර්ෂා කරන දරිද්ද්‍රතාවයෙන් පෙලෙන රැලක් බව.
මේ අයට මාංචු දමන්නේ නැද්ද?
ප්‍රශ්නේ මොකක් වුනත් අන්තරේ අයව ඇතුලට දාලා වාහන එක හොඳයි. මේ අය කරන්නේ තනිකර බොරු වැඩ.
පහු ගිය ආණ්ඩුව කාලේ වුනා නම් කියන්නෙ අන්න හාමුදුරුවෝ හිරේ දානවා කියලා අපේ හාමුදුරුවනේ.
විශ්වවිද්‍යාල වලින් නෙරපා දැමිය යුතුයි. ඇත්තටම නායක හාමුදුරුවරු මේවා දකින්නේ නැත්තේ ඇයි? දඩුවම් නොදී ඉන්නේ ඇයි?
ලෝකයේ තිබෙන හොඳම මානසික ප්‍රතිකාර සහ උපදේශන සේවාවන් ලබා දුන්නත් මේ මන්ද මානසිකයන් තුළ ඇති ඉරිසියාව සහ කුහකකම නැති කළ නොහැක. රජය මොවුන් අල්ලනවා වගේම මොවුන්ව පිටුපසින් සිට මොවුන්ගේ මොළ හෝදන JVP සහ පෙරටුගාමී කුහකයන්වද ඇත අඩංගුවට ගෙන නීති මගින් කටයුතු නොකරන්නේ අැයි?.
අලුතෙන් විශ්ව විද්‍යාල ඉදිකර, කාලයට ගැලපෙන නව විෂය ධාරාවන් සකස් කර වැඩිපුර සිසුන්ට උසස් අධ්‍යාපනය ලබාදිය යුතුය. ඒක මම පිළිගන්නවා. නමුත් මෙතන ප්‍රශ්නෙකට තිබෙන්නේ රජයට මුදල් නොමැතිකම සහ රජයේ අමාත්‍යංශ ලේකම්වරු වැනි ලොකු බලතල තිබෙන රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගත්තු ශිෂ්‍යන් මේවා ක්‍රියාවට නැගීමට කිසිම උනන්දුවක් නොමැතිකම සහ වෛද්‍යවරුන් වැනි මෙම විශ්ව විද්‍යාල වල නොමිලයේ ඉගෙන ගත්තු ලොකු ලොක්කෝ හරියට ආදායම් බදු පවා ගෙවන්නේ නැහැ. ඉතින් කොහොමද ලංකාවේ උසස් අධ්‍යාපනය දියුණු කරන්නේ ?
තව තවත් ප්‍රමාද නොවී පවතින රජය විසින් මේ අනතුර වටහා ගෙන මෙම අන්තවාදීන් වහවහාම විනාශයට පත් කළ යුතුයි. ඒ සඳහා මෙරට ජනතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇත...