
(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (4) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල, මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd