මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න නීතිපතිගෙන් ලේඛන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙන ලදී. 02 September 2019
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාරදෙයි කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ දේහය අද(2) පස්වරුවේම රාගම වෛද්‍ය විද්‍යාලයට බාර කෙරිණි. 02 September 2019
වැඩි මුදලක් ගමට වෙන් කළ එකම රජය වත්මන් රජයයි දේශපාලන කුමණ්ත්‍රණ, ත්‍රස්ත ප්‍රහාර වලට මුහුණ දෙමින් ණය ගෙවමින් වැඩිම මුදලක් ගමට වෙන්කළ එකම රජය වත්මන් රජය යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (2) පැවැසීය. 02 September 2019
‘විනය ක්‍රියා මාර්ග ගන්නා බව එජාපයෙන් දැනුම් දී නැහැ‘ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ. 01 September 2019
‘ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය වෙනස් කරන්නේ නැහැ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (30) පැවැසීය. 30 August 2019
දුම්රියේ ලොරියක් ගැටී මගීන් 8 ක් රෝහලේ දෙහිවල පීටර් ලේන් මාර්ගය අසළදී ගඩොල් පටවාගත් ලොරි රථයක් පසු පසට ධාවනය කිරීමේදී කොළඹ සිට මාතර දෙසට ගමන් ගත් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 29 August 2019
එස්බී - ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. 29 August 2019
අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ - කොටුව ලෝටස් පාර අසල දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් එල්ල කරන ලදී. 28 August 2019
දුම්රිය ගැටීමට යාමේ සිද්ධියට 4කගේ වැඩ තහනම් දුම්රිය දෙකක් එකට ගැටීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ අංක 741 දරන දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 28 August 2019
ත්‍රස්තවාදය මඩින්න සහය දෙන බව ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම් කියයි ලංකාවට තවමත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී බලපෑම තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙරට විමර්ශකයින් තින්දු කළ යුතු බවත් එලෙස බලපෑම් ඇත්නම් ඒවා මැඩපැවැත්වීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බවත් ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී අද (27) ප්‍රකාශ කළේය. 27 August 2019
ජනපතිට ජාත්‍යන්තර පොලිසියෙන් සම්මානයක් ජාත්‍යන්තර පොලිසියේ මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සම්මානයක් ලබාදී තිබේ. 27 August 2019
‘‘පාස්කු ප්‍රහාරය ගැන විරුද්ධ පක්ෂයේ අදහස් වලින් ජනතාවගේ දුක පහව යන්නේ නෑ‘‘ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දු වලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රයෝජනයක් නොමැති බවත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කර සිටිති. 27 August 2019
සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර පොලිසිය අද(27) අත්අඩංගුවට ගෙන තිබේ. 27 August 2019
දරු දෙදෙනකු ඝාතනය කර සැකකරු පොලිසියට බාරවෙයි වෙන්නප්පුව , වයික්කාලේ තරුණියක සහ ඇගේ සොහොයුරා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි. 27 August 2019
අත - පොහොට්ටුව අතර සාකච්ඡාවක් හෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තවත් සාකච්ඡාවක් හෙට (27) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ. 26 August 2019
හංවැල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික පාසල ආසන්නයේ නිවසක දී නාදුනන පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 26 August 2019
දරු දෙදෙනාට වස පොවා පියාත් ගෙල වැලලාගනී බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු දරු දෙදෙනාට වස පොවා ස්වාමි පුරුෂයා නිවස තුළ ගෙල වැලලාගෙන අද (25) දහවල් දිවි නසා ගෙන ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 25 August 2019
ජනපතිගේ අයැදුම්පත පිළිබඳ තීන්දුව ඉදිරියේදී ජනපති වෙතටම සීමා නිර්ණය කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ජනාධිපති වෙත දන්වා යවන බව අද (23) නිවේදනය කළේය. 23 August 2019
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026