(සිතුම් චතුරංග)
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා ඇති රත්තරං සොයා කිලිනොච්චි, ධර්මපුරම් කට්ටකාඩු ප්‍රදේශයේ ස්ථානයක් ස්කෑනර් යන්ත්‍ර යොදා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු, හමුදා සෙබලුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 21 දෙනකු අද (9) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් යුද හමුදා කර්නල්වරයා සහ සෙබලුන් දෙදෙනා රත්තරං සොයා පරීක්ෂා කරමින් සිටි පිරිසකට ආරක්ෂාව ලබාදෙමින් කැණීම් සිදුකිරීමට හවුල් වී ඇති බවද පැවසීය.
සැකකාර කර්නල්වරයා හා යුද හමුදා සෙබලුන් දෙදෙනා යුද හමුදා නිල ඇඳුමින් සැරසී සිට ඇති අතර ඔවුන් විජයබා පාබල රෙජිමේන්තුවට අයත් සාමාජිකයින් වන බවත් කිලිනොච්චිය ප්‍රදේශයේ රාජකාරී කර ස්ථාන මාරුවීම් ලැබූ අයකු බවද සඳහන් කළේය.
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සඟවා ඇති රත්තරන් තොගයක් සොයා කැණීම් කරන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් මත යුද හමුදාව හා එක්ව සිදුකළ වැටලීමකදී කර්නල් ඇතුළු පිරිස අත්අඩංගුවටගෙන තිබේ.
සැකකාර කර්නල්වරයා අදාල ස්ථානයේ පිරිස වෙත ආරක්ෂාව සපයා ඇති අතර විදේශ රටකින් ගෙන්වන ලද අධි බලැති ස්කෑනර් යන්ත්‍ර යොදා ගනිමින් සැකකරුවන් පිරිස රත්තරං සොයා ගනු ලැබීය.
එම තිබී සැකකරුවන් රැගෙනවිත් තිබූ පූජා භාණ්ඩ කිහිපයක්ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.
විශේෂ කාර්ය බළකාය පැවසූයේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනකු හිටපු හමුදා සාමාජිකයින් බවත් ඔවුන් යුද හමුදාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයින් වන බවයි.
සැකකරුවන් පිරිස අතරින් 13 දෙනකු අනුරාධපුර හා විවිධ ප්‍රදේශයන් හි පදිංචි පුද්ගලයින් වන අතර තවත් තිදෙනකු කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය වෙත බාරදීමෙන් පසුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රන් සොයා කැණීම් කළ 21 ක් අත්අඩංගුවට
Pradeep Sunday, 09 February 2020 01:28 PM
නිකන්ම පොළවට පස් වෙන්න දෙන්නේ නැතුව මේවා ප්‍රයෝජනයකට ගන්නේ නැත්තේ ඇයි..? පුද්ගලික මට්ටමින් මේවා ගන්න එක නිතිවිරෝධී නම් ඇයි රජය මැදිහත්වෙලා මේවා ගන්නේ නැත්තේ..? සම්පත් නාස්තියක්..
binkunndaa Monday, 10 February 2020 03:29 PM
ගත්තත් මැදමුලන වලව්වේ හරි සී ෂෙල්ස් දුපතේ හරි තමා නවතින්නේ.
nimal Wednesday, 12 February 2020 08:50 AM
රණවිරු දඩයම වහා නවතනු...