රණවිරු විරෝධතාව අවසන් කොළඹ කොටුවේ පැවැති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව සහ උපවාසය නවත්වා දැමීමට අද (30) දහවල් ඔවුහු පියවර ගත්හ. 30 September 2019
ගිංගඟ පහළ නිම්නයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා ගිංගගේ ජලය බැසයමින් පැවතියද තවමත් ගිංගඟ පහළ නිම්නයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බැව් එම ප්‍රදේශවල ජනතාව පවසති. ගිංගඟ පහළ නිම්නයට අයත් හෝළුවාගොඩ, ඕපාත, යන ප්‍රදේශවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටවී ඇති අතර ජලය බැසයාම සිදුවන්නේ ඉතා සෙමින් බැව් එම ප්‍රදේශවල ගොවීහු පවසති. 29 September 2019
ඇතින්නියන් තිදෙනකුගේ මළ සිරුරු හමුවෙයි හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ තිබී අද (28) දහවල් වනවිට තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති. 28 September 2019
ලෝටස් පාර වහයි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි. 26 September 2019
නයාරු ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය අධිකරණ නියෝග ලැබීමට පෙර එම විහාරස්ථාන භූමියේදී සිදු කිරීමෙන් දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය. 23 September 2019
‘දිල්රුක්ෂිට තනතුරේ රැඳෙන්න නීතිමය අයිතියක් නෑ’ චූදිතයකු සමඟ දුරකතන සංවාදයේ යෙදුණු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට තවදුරටත් සොලිස්ටර් ජනරාල් ධූරයේ කටයුතු කිරීමට නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (23) පැවසීය. 23 September 2019
පළාත් 4 කට ඉදිරි පැය 24 දී තද වැසි ඉදිරි පැය විසි හතරේ දී මිලි මීටර 200ට අධික වර්ෂාපතනයක් දකුණ, සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත් හි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 September 2019
ආගමන විගමන - හැඳුනුම්පත් කාර්යාලවල සේවා ප්‍රමාදයක් රාජ්‍ය සේවයේ විධායක නොවන ශ්‍රේණි 18 ක සේවකයන් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කාර්යාලීය කටයුතුවල අද (23) ප්‍රමාදයක් මෙන්ම දැඩි තදබදයක් ඇතිවිය. 23 September 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026