IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි

කොරෝනා වෛරසය පැරදවීමට වෙර දරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි

  • මුල් ආකෘතිය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කරමින් රට වෙනුවෙන් තාක්ෂණය පිරිනැමීමට ද ඉදිරිපත් වෙයි

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය. මෙම නිර්මාණය මුළුමනින් ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි.

මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයවන අතර එහි මුල් ආකෘතිය මේවන විට හෝමාගම මූලික රෝහලේ අත්හදා බැලෙමින් පවතී. මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ ඇට්ලස් කණ්ඩායම ද ඕනෑම ගැටළුවක් ඇති වුවහොත් එය අවබෝධ කර ගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා රෝහල් කාර්යමණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් සිටී. කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙම මුල් ආකෘතියේ තාක්ෂණය ලබා දීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.

කොළඹ සෞඛ්‍ය සේවා කලාප අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මෙම මුල් ආකෘතියේ ක්‍රියාකාරිත්වය බෙහෙවින් ප්‍රශංසාවට ලක් කළේය. "දේශීය සමාගමක් විසින් වෛද්‍ය සේවා සහය සඳහා රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීම සැබවින් ම විශිෂ්ටයි. මෙවැනි වසංගත තත්ත්වයකට එරෙහිව සටන් කිරීමේදී තාක්ෂණික වැඩිදියුණු කිරීම් ඉතාම වැදගත්. සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍යය අවදානමේ හෙළීමෙන් තොරව රෝගීන් හට සේවය සැලසීමට හැකි වීම COVID-19 වෛරසයට එරෙහි සටනේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි," යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද යුක්තය. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කිරීමේ හැකියාව ලබා දී ඇත. තවද, සෞඛ්‍ය සේවකයින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ද යුතු වෙයි. මෙමගින්, රෝගීන් පරික්ෂා කිරීම ස්වයංක්‍රියකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැක ගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබා දීමට ද සෞඛ්‍ය අංශයේ සේවකයින් හට අවස්ථාව උදා වේ. 

 

 



අදහස් (3)

ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි

Raveendra Sunday, 29 March 2020 05:23 PM

සත්කාරයට දායකවූ සැමට යහපතක්ම වේවා !!! ඔබලාගේ සියලු ප්‍රාර්ථනා සපල වේවා !!!

:       4       175

සෝමරත්න Sunday, 29 March 2020 08:23 PM

රොබෝ යන්ත්‍ර, දැඩි සත්කාර ඒකක වලට ඇඳන් සහ ශ්වසන යන්ත්‍ර ආදිය සාදමින් ලංකාව දැන් ලෝකයටම ආදර්ශයක් වෙමින් පවතිනවා.

:       0       0

dvwijesiri Monday, 13 April 2020 12:34 AM

දේශපාලකයින් ගැන, ඔවුන්ගේ වැරැදි වැඩ ගැන, මත්කුඩු ගැන වැඩිපුර ලියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site