IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අමුතු විදිහේ පරීක්ෂාවක් කළැයි ප්‍රියමාලිගේ නීතීඥවරු මානව හිමිකම් යති

(ඉන්දිකා රාමනායක)

බරපතල මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි    බන්ධානාගාරය තුළ අසාමාන්‍ය පරීක්ෂා කිරීමකට ලක්කර  ඇති බවට චෝදනා කරමින් ඇයගේ නීතිඥවරු අද  (6)  ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

නීතිඥ මංජු ශ්‍රි චන්ද්‍රසේන මහතා විසින් ඊයේ මෙම පැමිණිල්ල  ඉදිරිපත්  ඇත.

බන්ධනාගාර නිලධාරිණියන්ගේ මෙම අසාමාන්යf ශරීර පරීක්ෂා කිරීම් තුළින්  තිළිණි ප්රිියමාලිගේ රහස් ප්රාදේශවලට තුවාල ද සිදුව ඇති ඇයට බන්ධනාගාර රෝහලින් ඒ වෙනුවෙන් ඖෂධ  පවා ලබා දී ඇති බව   මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන්  වේ.

තිළිණි ප්‍රියමාලි සතුව  ජංගම දුරකතනයක්  හමුවීමත් සමග බන්ධනාගාර හදිසි ප්‍රතිචාර  උපක්‍රමික බලකායේ  නිලධාරීන්යන්  ඇය නිරත නිතර පරීක්ෂා කිරීම සිදුකරන බවත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හෝ අත්වැසුම්  නොදමා  ඇයට පරුෂ වචනයෙන් බැන වදිමින් අවස්ථා කිහිපයකදී ම  ඇය  පීඩාවට පත්කරමින් මෙම  පරීක්ෂා කිරීම් සිදුකරන බවද   එම පැමිණල්ලේ  සඳහන්වේ.

මේ සම්බන්ධයෙන්   ඇය සිදුකළ පැමිණිල්ලකට අනුව   බන්ධනාගර රෝහලෙන් ප්‍රතිකාර ලබා දී ඇති බවද   මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙමගින්  ඇගේ මානව හිමිකම් උල්ලංඝනයක් සිදුව ඇති බවත්, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට  එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (12)

අමුතු විදිහේ පරීක්ෂාවක් කළැයි ප්‍රියමාලිගේ නීතීඥවරු මානව හිමිකම් යති

Prabha Tuesday, 06 December 2022 08:30 PM

අන්තිමට මුවා වෙන්නේ මානව හිමිකම් වලට

:       1       8

අමුතුද? Tuesday, 06 December 2022 09:40 PM

ඔය නීතීඥ මහත්තයා හිරුණිකා හිරේ ඉන්නකොට ඇයි ඔහොම පැමිණිල්ලක් දැම්මේ නැත්තේ..?

:       1       8

Saman Tuesday, 06 December 2022 09:59 PM

අපේ අපේ ජේලර් මහත්තයා මොකක් කළාද තුවාල වෙන්න තරම්.

:       1       11

මයුර Wednesday, 07 December 2022 01:00 AM

මොනවද කරලා තියෙන්නේ ඒ ළමයට අත්වැසුම් නොදා.

:       0       9

kahawita Wednesday, 07 December 2022 03:10 AM

මේකත් කපුටු සූත්‍රයක් වෙන්න ඇති. මොකද කාටවත් පෙන්න්න පුළුවන් තැනක් නෙවෙයිනේ.

:       1       14

Jayalath Wednesday, 07 December 2022 03:38 AM

මිනිස්සුන්ගෙ සල්ලි වංචා කරන්න හොඳයි මුන් පරීක්ෂා කරන්න හොඳ නැහැ පට්ට හෙර.

:       2       14

ලුම්බිණි Wednesday, 07 December 2022 03:56 AM

ජංගම දුරකථන හොයන්න රහස් ප්‍රදේශ තුවාල කරන්නේ මොකටද?

:       0       9

sanathWednesday, 07 December 2022 05:06 PM

බොහෝ සිරකරුවන් ජංගම දුරකථන රැගෙන එන්නේ එවැනි තැන්වල සඟවා ගෙනයි.

:       0       11

සී. ජේ. Wednesday, 07 December 2022 07:14 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ! තාත්තා, අධිකරණ හා බන්ධනාගාර ඇමති. පුතා විත්තිකාරියගේ නීතිඥ මණ්ඩලයේ. තාත්තා වෙන්න ඕනෑ මේකට උපදෙස් දුන්නේ. මරු රාජපක්ෂ ඩබල. තාත්තයි, පුතයි හරිනම් ඉන්න ඕනේ හිරගෙදර, මේක වෙන රටක උනානම්. අනේ, මුන්ටත් පායන්නේ අපිට පායන ඉරමනේ.

:       2       17

චන්දන Wednesday, 07 December 2022 07:34 AM

අම්මා තාත්තාටවත් සලකන්නේ නැති කෙනා. එයාගේ පැටිකිරිය පහුගිය දවස්වල පත්තරේක තිබුණා. දැන් ද තුවාල බලන්නේ? මහත්තයා දරු පවුල ගැන බලන්නේ නැතිව අයාලේ ගිහිල්ලා දැන් පතිවත ගැන කතා කරනවා...

:       1       8

ravin Wednesday, 07 December 2022 07:50 AM

පොදු දේපළක් නේද? පරික්ෂා කිරීම වරදක්ද?

:       1       12

Rata Perata Wednesday, 07 December 2022 12:50 PM

මුන් බලු වැඩ කරලා මිනිස්සුන්ගේ ඇතිවතත් නැති කරනකොට හොඳයි. මුන්ගෙ ඇදිවත නැති වෙන කොට තමයි මානව හිමිකම් මතක් වෙන්නේ.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28369 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site