(යොහාන් භාසුර)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු අද (19) පෙරවරු 8.00 සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම වැඩ වර්ජනය ආරම්භ කළ බව කී වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අදාල විශේෂඥ වෛද්‍යවරියකගේ නොමනා සහ පිළිගත නොහැකි හැසිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් ඇති බව ද සඳහන් කළේය.
එම රෝහලේ අධ්‍යක්ෂවරයාට එම ගැටලුව විසදීමට අසමත්වීම නිසා ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීමෙන් පසුව සතියක කාලයක් විසඳන බව පැවසුව ද මේ වන විට සති තුනක් ගත වී තිබුණ ද විසඳුමක් නොලැබුණු බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් කීය.
2025 අගෝස්තු මස 30
699
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17870
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
762
0
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ළමා රෝහලේ බාහිර රෝගී අංශය ලෙඩ වෙයි
පුරවැසියෙක්... Wednesday, 19 July 2023 10:37 AM
රෝහලෙහි එක් වෛද්‍යවරියෙකගේ ප්‍රශ්ණයකට කුඩා දරුවන්ගෙන්ද පළි ගන්නෙ. මොන්ටිසෝරි පොඩි උන් කරන වැඩ වගෙයි අපිට නම් පෙනෙන්නෙ. සෞඛ්‍ය සේවයට නම් දෙවියන්ගේම පිහිටයි. ( අතීතයේ වෛද්‍යවරුන්වත් සැලකුවේ දෙවිවරුන් ලෙසයි. නමුත් අද කියන්න සිදුව ඇත්තේ කුමක්ද ?