IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංචාරක කලාපවල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට පියවර

( තිළිණි ද සිල්වා )

දිවයිනේ පුරා පිහිටි  සංචාරක කලාප වල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතැයි නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (20) පැවසීය.

මේ යටතේ සංචාරක ආකර්ෂනීය ස්ථාන වශයෙන් හඳුනා ගෙන ඇති වෙරළ තීරයේ , කඳු ආශ‍්‍රිත විවිධ ස්ථාන 20 ක විදේශික සංචාරකයින්ගේ ආරක්ෂාව උදෙසා මෙලෙෂ නව සංචාරක මුරපොළවල් රැසක් පිහිටුවෙන බව ද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.

විදේශිකයින්ට හිරිහැර කිරීම මේවනවිට දිනෙන් දිනෙම වැඩිවෙමින් පැවතීම නිසා  සංචාරකයින් ආරක්ෂා කර ගැනීම හා අවශ්‍ය සහාය ලබා දීම්  වෙනුවෙන් මෙම නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවෙන බවත් , ඒ සඳහා විදේශීය භාෂා පුහුණුව සහිත නව පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.

පානදුර ,කළුතර ,බෙන්තොට ,හික්කඩුව , උණවටුන ,ආරුගම්බේ , සීගිරිය ,මීගමුව ,ප‍්‍රදේශ මීට පෙර සිටම වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන වශයෙන් හඳුනාගෙන තිබූ අතර මිරිස්ස සහ ඇල්ල ප‍්‍රදේශයද මේ අතරට අලූතින් එක්ව ඇත.

 

 

 

(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)



අදහස් (5)

සංචාරක කලාපවල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට පියවර

ravi Friday, 20 April 2018 01:47 PM

ඉතාමත් බුද්ධිමත් ක්‍රියාවක්... විදේශිකයන්ව දුෂණ වලින් රැකගැනීම රජයේ යුතුකමක්...

:       11       94

Suranga Saturday, 21 April 2018 03:20 PM

සංචාරක පොලිසි දැනටමත් තියනවා. ඒත් ඒගොල්ලන්ට විදේශ භාෂාවන් කතා කරන්න අමාරුයි. වෙනත් පොලිසි වලට මාරුවීමක් ආවොත් විදේශ භාෂාවන් කතා කරන නිලධාරීන් මාරු වුණාම මොකද කරන්නේ ??

:       0       15

de silva berlin Sunday, 22 April 2018 04:54 AM

ලංකාව පූරා සංචාරක මර්මස්ථාන වල බීච් බෝයි මාෆියාව පාතාල මාෆියාව සහ ප්‍රාදේශීය දේශපාලක මාෆියාව අත්වැල් ක්‍රියාත්මක බැඳගෙන ක්‍රියාත්මක වන බව පෙනේ , මොවුන් සතුව ගිනි අවි පවා ඇත , කොන්ඩ වවාගෙන තඹ පාට කරගෙන , කරාබු දමාගෙන පච්ච කොටගෙන වෙරළේ කරක් ගසන මොවුන් සංචාරකයන්ට කුඩු විකිණීමේ සිට බාල වයස්කාර දරු දැරියන් විදේශිකයන්ට ලිංගික කටයුතු සදහා විකිණීම දක්වා කරනු ලැබේ , පවතින නීති යටතේ මෙම මාෆියා වෙරල තිරයෙන් එලවා දැමීමට අපහසුය.

:       0       227

Nuwan Sunday, 22 April 2018 07:22 AM

වෙරළේ ලස්සනම තැන් දේශපාලුවන්ගේ අතු අල්ලාගෙන ගුබ්බැයම් අටවගෙන කිසි වැදගැම්මකට නැති රස්තියාදු කාරයෝ කැඩිච්ච ඉංග්‍රීසි වචන අහුලන Beach boy කියන පැලැන්තියක් හැදිලා ඉන්නවා. ඒ අය පහත් ගනුදෙනු කෙරෙනවා. ඒ පැත්ත වල පොලිසිය බීච් එකට එකා දෙන්නා යන්න බයයි. අඩුම වෙරල සංරක්ෂණ නිලධාරිනුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ බයෙන්. සුනාමියට තියපු මීටර් 100 කලාපයත් උලංගනය කරේ මුන්. වෙරළේ දැඩි නිතිය ක්‍රියාත්මක නොවුනොත් සංචාරක කර්මාන්තෙ විතරක් නෙමේ දේශීය අයටත් යන්න බැරිවෙයි.

:       0       0

Mayizoor Sunday, 22 April 2018 07:30 AM

සංචාරක කර්මාන්තය හරියට දියණු කරනවා නම් ගොඩක් විදේශ විනිමය උපයන්න පුළුවන්. එත් මේ රටේ පාලකයන්ට මේකටවත් හරි හමන් ජාතික ප්‍රතිපතියක් නැ. සංචාරක මණ්ඩලය,සංචාරක අමාත්‍යංශය කරන්නේ එක එක රටවල සංචාරක ප්‍රවර්ධන අවස්ථා වලට යන එක විතරයි. ඒවා විතරක් කලාට වැඩක් නැ. අපි බලන්න ඕන අපිට එන සංචාරකයෝ ආයෙත් මේ රටටම එන විදිහට ඒ මිනිස්සුන්ට පහසුකම් සලසන්න ,ඒ මිනිස්සුන්ට ආරක්ෂාව සලසන්න. එහෙම නුනොත් සංචාරක කර්මාන්තය මේ වගේ සිද්ධි නිසා ලංකාවෙන් නැති වෙලාම යයි. දැන්වත් සංචාරකප කර්මාන්තයේ ජාතික ප්‍රතිපතියක් හදන්න. නිකන් ව්‍යාපෘති කර කර හිටියට මේක දියුණු කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site