IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


සමීප සගයා ගැන මහින්ද දුක් වෙයි

(අංජුල මහික වීරරත්න)

"වෘත්තීමය සගයෙකුගේ අහිමි වීමකට වඩා මිතුරෙකුගේ වියෝව අප වේදනාවට පත් කරයි"යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ වියෝව පිළිබඳව සමාජ මාධ්‍යයට සටහනක් එක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"ලොහාන්ගේ හදිසි වියෝව මා තුළ දැඩි වේදනාවක් ඇති කළ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ ලෙස මා කිසිදින මිතුදම්, ලෙංගතුකම් අමතක කර නැත. අමතක කරන්නේද නැත. සැමදා මා සමඟ සිටින ජනතාව ද, දේශපාලනික සගයන් ද මගේ ශක්තියයි. ලොහාන් ද සැමදා මා සමඟ මා අසලින්ම සිටි සමීපතමයෙකි. බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ ඍජු, දැඩි තීරණ ගන්නා දේශපාලකයෙක් ලෙසිනි. ලොහාන් රත්වත්තේ යනු නිර්භයව තම මතය ප්‍රකාශ කරමින් තමා විශ්වාස කරන මත වාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන දඩබ්බරයෙකි. මහනුවර ජනතාවට හිතවතෙකි. මහින්දට හිතවතෙකි.  

වසර ගණනාවක් පුරා සමීපව ඇසුරු කළ ලොහාන් රත්වත්තේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මා හිතවත් ලොහාන් ඔබට සුබ ගමන්" යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතාගේ සටහනෙහි දැක්වේ.



අදහස් (1)

සමීප සගයා ගැන මහින්ද දුක් වෙයි

චතුරි Friday, 15 August 2025 05:36 PM

රටට කෙසේවෙතත්. තමන්ගේ පව්ලට ලොකු පාඩුවක් නේද? මෝඩ බේබිලාට දුප්පතුන්ගේ දේපල හොරා කාලා දුන්නා... දැන් ඒවා නැති වෙනකොට මේ වගේ කට්ටිය තමයි එවා රැකගන්න කෑගහන්නේ... අද බලයේ හිටියා නම්... සින්ගප්පූරු රෝහලේ තනි ෆ්ලයිට් එකෙන් අරින්නේ ජනතාවගේ මුදලින්. යන්න වැරැදි කියන්නත් බැහැනේ දැන්... කෙහෙලියට සපෝට් කරපු කට්ටිය හිතුවේ නැහැ.... මේ බෙහෙත් මොවුන්ටත් කන්න වෙයි කියලා. මැරෙන්න මොහොතක් තියලා බෙහෙත් උගුරක් බීපු එක හොඳයි පාතාලෙන්... මරාගන මැරෙන ඇමතුමක් වත් ආවාද? මේ තරම් ඉක්මනින් යන්න. නාකිමයිනාට මේ සේරම බලන්න පින තියෙනවා... තව ඉන්නවා පෝලිමේ...

:       5       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site