(ගයාන් සූරිය ආරච්චි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයේදී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත අනුව යෝෂිත රාජපක්ෂ මහතා විසින් වැරදි සිදු කර ඇති බවට සාක්ෂි ඇති බවට දන්වා සිටීමෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
පලිගන්නවෝ! රාජපක්ෂ තේමාව මේ දවස්වල...
මට, හැව්ලොක්ස් ක්‍රිඩා සමාජයේ රගර් ක්‍රීඩාව කළ තාජුඩීන්වත් මතක් වුණා. ඔය ප්‍රවෘත්තිය දැක්කාම..
රටේ දැවෙන ප්‍රශ්න එකින් එක මේ අයුරින් විසඳන අපේ අනුර කුමරු ජනපති සහෝ ප්‍රමුඛ මාලිමාවුන්ට විප්ලවීය ආචාරය...!
වැරැදි කළ අය දඬුවම් විඳිය යුතුමයි. සාක්ෂි තිබේ යයි සමාජගත කළ පමණින් වැරැදි කරුවකු නොවේ.
බොරු සංදර්ශණ නැතුව හරියටම හොයලා බලලා අත්ඩංගුවට අරන් දඬුවම් දෙන්න. අත්ඩංගුවට ගන්නවා, නිදහස් කරනවා එයාලා එළියට ඇවිත් පොර ටෝක් දීලා ආණ්ඩුව චොර කරනවා. ආයෙත් අත්ඩංගුවට ගන්නවා, නිදහස් කරනවා.
අපිට කන්න රතු හාල්, පොල්, බිත්තර නෑ. මාස තුනට ඕවා හැදෙන්නේ නැති කතා අපිට වැඩක් නෑ.
කෙඳිරිලි එපා... මද්දුම බණ්ඩාර වගේ කෙලින් මූන දෙන්න ඔබ සතපහක් හොරකම් හෝ ව්‍යාජ ලෙස අල්ලස් කොමිස් ගසා නැති බව පොහොට්ටුවට විස්වාසයි...
අත්අඩංගුවට අරගෙන ඇප දිලා වැඩක් නැ .. බයියෝ ෆෝම් වෙනවා විතරයි
පව් අහිංසක කොල්ලා මේ දවස් වල කුලී වැඩක් කරලා කියක් හරි හම්බ කරගන්නේ..
ජන්දයක්වත් ලඟ එනවාද?
රජකම් කලත් කලකම් පල දෙනවාලු.
වැරදි කරලා තියෙනවානම් පාට පක්ෂ උසස් පහත් භේදය නොබලා උසාවි දාලා දඩුවම් නියම කරන්න..
ඔය වාගේ නිකම් සංදර්ශන තියලා ජනතාවගේ හාල් පොල් ප්‍රශ්න යට ගහන්න පුලුවන් කියලා පචයයි පඹයො 159යි හිතන් ඉන්නවනම් ගොඩක් පවු. රාජපක්ෂලා පස්සේ පන්නන එක ජනතාවට වැදගත් නෑ ඡන්දෙට කලින් දුන්න ලොකු ලොකු පොරොන්දු ඉෂ්ට කරන්න බැරිව
දැන් හාල්, පොල් මිල අඩු වෙලා, රටේ තත්ත්වය සුඛිත මුදිත වෙලා එයි කියලා හිතාගෙන ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්. මේ කරන්නේ යහපාලනේ කරපුවම තමයි.
සාදාරණ අත්අඩංගුවට ගැනිමක්.හේතුව මේ මිනිස්සු තාත්තගෙ,බාප්පා ගේ පිහිටෙන් රටේ ධනය හොරකම් කලේ අම්මගෙ අප්පගෙ බූදලයක් වගේ.ඒවට දඩුවම් සහ නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුයි.
ඕවා කොරා වගේ නෙමේ මාලිමාවුනි, උඹලා දෙනවා කිව්ව සහන, බදු අඩු කරන ඒවා, තෙල් මිල 150කින් අඩු කරන ඒව, ලයිට් බිල 1/3කින් අඩු කරන ඒවා ඉක්මනට වෙන්න ඕන. දැන් ඔය වගේම හොඳේ
හාල් පොල්, ලුණු, මාලු නැති වෙන එකයි, ඊලඟ පලාත් පාලන ඡන්දෙයි අතරේ සම්බන්දයක් තියෙනවා වගේ. පොහොට්‍ටුවෙන් හැරිච්ච 68 ලක්ශේ ආපහු හැරුනොත් පුතේ බඩුම තමයි හොඳේ.
දැන් නාහෙන් අඬන්න එපා..පලි ගන්නවා කියල . නිවැරදි බව ඔප්පු කරන්න .
එක එක හොරා ට නිතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට බයියෝ ටික ඇවිල්ල මෙතැන වලලෙනවා , අප්පචිට විතරක් නෙමෙයි ආප්චිගේ පුතලගේත් වහල්ලු
මොන ආණ්ඩුවක් ආවත් වැරැදි කරන ලොකු මිනිස්සුන්ට සලකන විදිහයි, පොඩි මනුස්සයාට සලකන විදිහයි වෙනස්...
මේක තනිකරම රාජපක්‍ෂ භීතිකාව හා ඩයස්‌පෝරාව සතුටු කිරීම.. රාජපක්‍ෂ පවුල විතරද මේ රටේ වැරැදි කරලා තියෙන්නේ? 1971, 88, 89 කාලයේ ජෙප්පෝ කරපු අපරාධ මේ රටට කළ මහා විනාශය නොදකින්නේ ඇයි?
ඩයස්පෝරාවේ අදිසි හස්තය සළුපිළි උණා දමමින් දැන් දර්ශනය වෙමින් තියෙනවා...!
කපුටා තවමත් නිදැල්ලේ…
රටේ ආර්ථිකයට අදාළ සියලුම ගැටළු වලට මුල රාජපක්ෂ පාලනය සහ නාස්තිය. මෙහෙම නොකර බෑ.
ඔහොම දිගටම කරගෙන යන්න. එතකොට ඉක්මණටම නාමල් කොළුවා ජනාධිපති වෙයි. කරන්න ඕන ඒවා නෙමේ මේ මාලිමාවේ ඔවුන් කරන්නෙ. කිව්වොත් කියන්නේම මෝඩ කතාවක්. රටේ ප්‍රශ්න එකක් වත් විසඳන්නෙ නෑ. විසඳන්න සැලසුමකුත් නෑ. අඩු ගානෙ දිලිත් ජයවීරට තිබ්බ තරම්වත් සැලැස්මක් නෑනේ. රනිල් කරල ගියපු වැඩ ටිකෙන් තමයි දැන් ගේම ගහගෙන යන්නේ. අන්න විදෙස් සංචිත මේ මාස 2ට ඩොලර් මිලියන 400කින් විතර බැහැලා. හාල්, පොල් ලුණු එක්ක මාලුත් ගෙනාව නම් හොඳටම කරලා තියෙයි.
මේකේ වැලලෙන්න හදන ගොඩක් අය වහල් මානසිකත්වෙන් මුදවාගන්න ගොඩක් අමාරු ජාතියක් කියලා පැහැදිලිව දාන කොම්මෙන්ට් දැක්කම.. වලව්වට කත් ඇදපු පුරුද්ද යවාගන්න හරිම අමාරු වගේ තමයි පේන්නේ, මෙච්චර හොරා කෑවා කියලා පැහැදිලි වෙලත් ඒවා පිළිගන්න කොන්දක් නැති මිනිස්සු ඉන්න රටක් මේක...!
ඇයි අනේ, නාමල් අයියණ්ඩියමනේ පරක්කුයි කිය කිය කංකෙඳිරි ගෑවේ……!
වරදවල් කර ඇති සියලු දෙනාට දඬුවම් දෙන්න. ඒ වුණාට පොඩි සිල්ලට ඒවට වඩා මහබැංකු හොරු ටික සුදුළූණු, වීසා කෝ මේවා කඩිනම් කිරීමක් පේන්නේ නැහැනේ.
ඔය උත්තමයාගේ හෝටලයක් නේද අර මැයි 9 වෙනිදා ගිනි බත් වුනේ? ඒවා එහෙම හදන්න සල්ලි හම්බ වුනේ කොහොමද කියලා හොයන්න පටන් ගන්නේ කවද්ද?
මීගමුවේ හෝටලය සහ කාර්….?
වැඩකරන ජනතාවට ටැක්ස් ගහලා නිකමුන්ට අස්වැසුම දීලා, ඕවා කරා කියලා ඡන්දය දිනන්න නම් වෙන්නේ නෑ..!
අනේ නූගත් ජෙබයියෝ චූන් වෙලා... හැබැයි පැය කීපයයි.
මේවා සංදර්ශන තමයි. එදා 2015ත් කළේත් ඔය ටිකම තමයි. රාජපක්ෂලාව අත්අඩංගුවට ගන්නවා. රිමාන්ඩ් කරනවා, උසාවි දානවා, ඇප දෙනවා. එදා Unp එකට ඡන්දය දීපු ජනතාව චූන් වුණා. අද NPP කට්ටිය චූන් වෙනවා. හාල්, පොල් ඇතුළු ජීවන වියදම මට නම් ප්‍රශ්නයක් තමයි. ඒකට සහන දෙනවා කිය කියානේ ස්ටේජ් ඉඳන් කෑ ගැහුවේ...
දූෂිත පව්ල් පාලකයෝ, ආර්තික අපරාධකරුවන්. තාජුඩීන්ට කළ අපරාධයෙන් නම් ගැළවීමක් නැතිවෙයි. කර්මය හෙවනැල්ල වගේ පස්සෙන්ම එනවා. වහලුන්ට නම් හොඳටම රිදෙනවා ඇති...
යෝශිතව හිරේ දාන්න බෑ.. ඔහු ඉන්නේ නීතියට උඩින්...
අපරාදේ මෙයාව කූඩු කරපු එක...! දැන් ඉතින් මැදමූලන කුඹුරු හාන්න හිටපු මී හරක් දක්කන එක. ඇප මත නිදහස් වෙලා එනකන් ඒ වැඩේ කරන්නේ කවුද? මොකද ඔය නාමල්ට ඔය වැඩ පුරුදුද? නාකි මයිනත් හැරමිටි ගහමින් වෙලට බහීවිද? අනේ මන්දා...!!!
බාප්පාට විරුද්ධවත් මේ දවස්වල විමර්ශණයක් යනවා නමට ජල බිල්පත් එන කතරගම රජයේ රක්ෂිතයක හදපු බංගලාවක් සම්බන්ධයෙන්..., වැඩි දවසක් යන්න කලින් බාප්පලා, පුතාලා ඔක්කෝටම ඇතුලෙදී එකට මුණ ගැහෙන්න පුළුවන්... කෝ හොරු ඇල්ලුවාද අහ අහා සමාජ මාධ්‍යවල නටපු බයියන්ට... මේකේ වැලපිලාම ඉවරයක් වෙන්නේ අද ඉඳලා...
චෝදනා රැසක් තියෙනවා.. තාජුදීන් ඝාතනය, නීති විරෝධී විදිහට නාවික හමුදාවට බැඳීම, ඩේසි ආච්චිගේ මැණික් මලු වගයකින් රටේ හැම තැනම ගෙවල් ගැනීම....
හොරුන් නෙවෙයි හොර නඩ හදපු උන්...
කයිවාරු ගහපු ගැහිල්ලට රට දිගටම ෆේල් වෙන එක හංගන්න බොරු සෝබන කරනවා. රාජපස්සලා රටම අමතක කරලා ගොඩක් කල්. මෙයාව නෙමෙයි මහා රාජපක්ෂ ඇතුලට ගත්තත් රට බංකොළොත් කරොත් බේරෙත් මදි වෙයි.
ගිනි බත් වුණා කිව්වේ කවුද? අහන්න දෙයක් නෑ.. ඔවුන්ගේ සනුහරේම එකතුවෙලා ගිනි තියන්න ඇති ඔවුන්ගේ හොර, වංචා වලට වැට බැඳීම සඳහා... මොවුන්ගේ හොර රංචුවම ඒක ඇතුළෙ හිටියා නම්. හාල්, පොල්, ලුණු ගිනි ගණනට හරි මිලටගෙන, මිනිස්සු හත් දාහක් ඒක වටේම කිරිබත් උයන් කනවා සත්තයි, සහතිකයි...!!!
රටේ ප්‍රශ්න ජනතාවගෙන් අමතක කරන්න… ගැලරිය කුල්මත් කරන්න. කරන සක්කිලි වැඩ... අඩු ගානේ පොල් ගෙඩියක්, හාල් ටිකක් දීපල්ලා සම්බෝලයි, බතුයි කන්න. පච හැත්ත.