(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද (1) උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෝටර් රථය පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසේ උඩට ගොස් ආපසු පොල් ගස පාමුලට ඇදී ගොස් ඇති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ සිට හික්කඩුව දෙසට ගමන් ගත් මෝටර් රථයක් මේ අනතුරට ලක්වී ඇති බවත් පාර හරහා පැන්න මගියකු බේරා ගැනීමට මේ මෝටර් රථයේ රියදුරා උත්සහා දැරීමේදී එය පාරෙන් ඉවතට පැන මේ අනතුර සිදුව ඇති බවද පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු මහත්තයෙක්, වෙන උන් නම් යටකරලාම තමයි නවතින්නෙ.
සම හරක් මිනිස්සු ඉන්නවා පාර උන්ගෙ අම්මලා අප්පලා සින්නක්කරව උන්ට ලියාදීල වගේ කොටසක් උන්දැලා වාහනයක් එනවා කියල අයින්වෙන්නෙත් නැහැ උඹට ඕනනම් පලයංකෝ කියල ඉන්නවා ඊළගට සමහරක් ත්‍රිවිලර් කාරයො කියන්නෙ ත් උගේ එකට ඉඩ ඇත්නම් අනෙකාට හෙන ගැහුවත් කමක් නැහැ කියන් එව්වො ටිකක් .වාහන වැරදි වලට පමණක් නොවෙයි මහාමාර්ගවල පදිකයින් කරන වැරදි වලටත් දඩගැසීම් ක්‍රමයක් හදනවානම් හොදයි මේ රට හදන්න විනයත් අත්‍යවශ්‍ය වෙනවා
පවතින රජයේ විශේෂ හා ක්ෂණික අවධානයට යොමුවිය යුතු ඉතා වැදගත් කාලෝචිත අදහසක්...