(එස් සේරත්)
තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගමුවේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
තලවිල සාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ත්‍රී රෝද රථයකින් ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරට පත් තීරෝද රථය තුළ ළමුන් ඇතුළු සත් දෙනකු ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
ජපානේ ඉතා ආරක්‍ෂිත වාහන මිලදීගන්න ඕනෑතරම් තියෙනවා, ඉන්දියාවේත් ආරක්‍ෂාව ඉහලින් හිතනවා, අපේ රටෙත් එහෙමයි, එත් මිනිස්සුන්ට හොඳ ආරක්‍ෂාවක් තියෙන වාහනයක් ගන්න විදියක් නැහැ, සල්ලි නැතිකමටත් වඩා ආණ්ඩුව අයකරන ඉහල බදු නිසයි එහෙම වෙලා තයෙන්නේ, අපි මේ රටේ ත්‍රීවීල් එකකට මෝටර් සයිකලයකට ගෙවන මුදලෙන් ඉතා හොඳ ආරක්‍ෂාව තියෙන සැපපහසු වාහනයක් ගන්න ඔය රටවල් වල පුළුවන්. අපේ ඉතින් වාහන කර්මාන්තය ආරක්ෂා කරන්න ලීසිං කර්මාන්තය ආරක්ෂා කරන්න අපි වගේ දුප්පතුන් දිවි පරදුවට තබා කැපවීමක් කරනවා, කොටිපතියන්ට ප්‍රස්නයක් නැහැ එකක් කෝටි 14ක් වෙන ජීප් රත 130කට දැනටමත් ඕඩර් ලැබිලා කියල ඒවා ගෙන්වන සමාගම ඉහලින්ම කියා තිබුනා, අපිටත් හරි සතුටුයි ඉතින්. ස්තුතියි ජනතාවාදී ආණ්ඩුව.
කාර් එකේ සීට් බෙල්ට් දාල ගියෙ නැත්නං දඩ ගහනවා. ත්‍රීවීල් වලට ඒ මොකුත් නෑ. ලෝකයේ තිබෙන අනාරක්ෂිතම වාහනය. ලෝකයේ කිසිදු දියුණු රටක මහාමාර්ගවල මගී ප්‍රවාහනයට ත්‍රීරෝද රථ යොදා නොගනී.
මේ අනාරක්ෂිත වාහනය ලංකාවට ගේන එක නවත්තන්න දැන් කාලෙ හරි.
මෙම වාහන භාණ්ඩ ප්‍රවාහනයට සීමා කිරීම වඩාත් සුදුසුය.
නියමිත මගී සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයක් ගමන් කිරීමෙන් වාහනයේ සමබරතාවය නැතිවීම හේතුකරගෙන අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ බොහෝය.